Ads 468x60px

.

ගූගල් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙත එකතු වූ වගයි...

අද ගූගල් පාඨක සංඛ්‍යාව නව කෝටියක්ලු...

අන්තර්ජාල වෙබ් අඩවියේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍රයක් 1996 දී හඳුන්වා දුන් ගූගල් සමාගම සිය මුල් පිටුවෙන් ශ්‍රී ලංකා ජාතික කොඩියේ සිංහ රුව අද (4) සරසා තිබෙනවා. 


බුද්ධික නුවන් නම් ශ්‍රී ලාංකිකයකු ගූගල් සමාගමෙන් කළ ඉල්ලීම අනුවයි මෙම අනුග්‍රහය දක්වා තිබෙන්නේ. ගූගල් යන ඉංග්‍රීසි වචනයේ ‘ජී‘ අකුර මැද අසිපත ගත් ශෛලිගත සිංහයාගේ රුව දැකිය හැකිය.


ශ්‍රී ලංකාවේ හැට පස් වැනි නිදහස් උළෙල දා ගූගල් සමාගම එය පියවර ගෙන තිබෙනවා. 1996 දී ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ ලැරී පේජ් හා සර්ජි බින් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා ‘ස්ටැන්ෆර්ඩ් ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය‘ වෙනුවෙන් සැකසූ වාර්තාවකින් ගූගල් බිහි විය.


අද ගූගල් පාඨක සංඛ්‍යාව නව කෝටියකි. දිනපතා හය කෝටියක් ගූගල් භාවිත කරයි. ගූගල් යන නම ලැබී ඇත්තේ ද ‘ගෝගල්‘ (10100) (අංක එකට පසු බින්දු සියයක්) යන නමේ අකුරු වැරදියට ලිවීමෙනි.


ඇමෙරිකා  ඩොලර් ලක්ෂයකින් (රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයකින්) ඇරැඹු ගූගල් සමාගමේ අද මාස තුනක වත්කම ඇමෙරිකා ඩොලර් කෝටි 1000 හෙවත්  රුපියල් කෝටි 127,000  කි.


එසේම ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodle සේවාව ඔස්සේයි ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබෙන්නේ

ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. 


එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodle ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.


මෙයට මාස කිහිපයකට පෙර සිටම අන්තර්ජාලය පුරා නිදහස් දිනයේ ශ්‍රී ලාංකික නිදහස පිලිබිඹු කරන doodle නිර්මාණ කරන මෙන් ඉල්ලා ගුගල් වෙත ලිපි යවන ලෙස ඉල්ලා ප්‍රචාරය වූ අතර එයට මුලික වුයේ බුද්ධික නුවන් නම් ශ්‍රී ලාංකිකයෙකුයි . 


අද දිනයේ ඔවුන්ගේ සහ ගුගල් වෙත ඉල්ලීම් කල අන්තර්ජාල පරිශීලකයන්ගේ ප්‍රාර්ථනා ඉටුවී තිබෙනවා.ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodle වෙත එකතු වූ ආකාරය බලන්න මෙතනින්




 
Related Posts with Thumbnails