Ads 468x60px

.

අවුරුදු 20ක අනියම් සම්බන්ධය නිසා මව පුතා සහ දියණිය එකම දා එකම තැන අවසන් ගමන් ගිය හැටි

බිරිඳ මියගිය දින සිට මම ශ්‍රියානි සමග අනියම් සම්බන්ධයක්‌ පැවැත්වූවා. 

මම හම්බකරපු හැම ශතයක්‌ම ඇය වෙනුවෙන් වැයකළා.

ඝාතනයේ සැකකරු පාපොච්චාරණය කරයි 

තමන්ගේ හෝ තම පවුලේ අයගේ සැපය බලාගෙන අන් අයගේ ජීවිතයක්‌ විනාශ කළොත් ඒ පාපෙන් කිසිදාක ගැලවීමක්‌ ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ අහිංසක දරු පවුලට මෙවන් අපරාධයක්‌ කරපු උදවියට මැරෙන්න මොහොතකට පෙර හෝ කළ පාපය පටිසන් දෙනවා. 

අමරපුර සද්ධම්ම යුක්‌තික මහා නිකායේ අධිකරණ සංඝනායක පූජ්‍ය මාගල බුද්ධානන්ද හිමිපාණෝ එසේ ප්‍රකාශ කළේ කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේදී ඝාතනයට ලක්‌වූ මව සහ දරු දෙදෙනාගේ අවමංගල්‍ය උත්සවයේ ආගමික වතාවත් ඉටුකිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි.

මීට දින කිහිපයකට ඉහතදී සිය නිවස තුළදීම ඝාතනයට ලක්‌ව පසුව සොයාගනු ලැබූ උඩගමගේ ශ්‍රියානී පුෂ්පලතා (39) ජී. ඩී. පසිඳු සම්පත් (9) ජී. ඩී. දිල්හානි සත්සරණි (7) යන අයගේ අවසන් කටයුතු පසුගියදා (30) පවුලේ සුසාන භූමියේදී සිදුකෙරිණි. එම මෘත දේහයන්ට අවසන් ගෞරව දැක්‌වීමට විශාල ජනකායක්‌ පැමිණ සිටි අතර මළ සිරුරු තුනම සීල් තැබූ පෙට්‌ටිවල තැන්පත් කර තිබිණි.


තවදුරටත් කතා කළ බුද්ධානන්ද හිමිපාණෝ මෙසේද පැවැසූහ. මේක අපිට නම් පුදුම හිතෙන මරණයක්‌. සල්ලිවලට මිනිස්‌සු මරනවා. ඉඩකඩම් දේපොළ බෙදාගන්න බැරුව මිනිස්‌සු මරනවා. මංකොල්ලකෑම් වලට මිනිස්‌සු මරනවා. ඒත් මේ මරා දාලා තියෙන්නෙ ගමේ ඉඳපු අහිංසකම පවුලක්‌. කිසිම හේතුවක්‌ නැතුව තමයි මේ අම්මයි පුංචි දරුවො දෙන්නයි මරල දාලා තියෙන්නේ.



කැලයක්‌ ගත්තම නපුරු සත්තු වගේම අහිංසක සත්තුත් ඉන්නවා. නපුරු සත්තු එක්‌ක අහිංසක සත්තුන්ට ජීවත් වෙන්න බැහැ. එහෙම බලනකොට ගම්වලත් නපුරු සත්තු වාගේ හැසිරෙන උදවිය ඉන්නවා. ඒ වගේ සත්තු එක්‌ක අහිංසක මිනිස්‌සුන්ට ඉන්න බැහැ. මේ වගේ අපරාධ කරන අයට මෙලොවදීත් ගැලවුමක්‌ නැහැ. පරලොවදිත් ගැලවුමක්‌ නැහැ.

අවමංගල සභාව ඇමතූ කරන්දෙණිය පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති නෙරංජන්ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

අම්මව ඝාතනය කරද්දි දරුවො ඒ අය අඳුනාගෙන තියෙනවා. ඒ නිසා දරුවන් දෙන්නත් ඝාතනය කරන්න ඇති. අවසානෙ අම්මට අත්වුණු ඉරණමට දරු දෙදෙනාටත් මුහුණදෙන්න වුණා. අද මිනිස්‌සු තිරිසනුන් වගේ හැසිරෙනවා. අපි අපේ දරුවො හොඳින් පරෙස්‌සම් කරගන්න ඕනෑ. පොලිසිය හැටියට අපි ඔබ සමඟ ඉන්නවා. අපි දෙගොල්ල සහයෝගයෙන් කටයුතු කළොත් පමණයි මේ වගේ අපරාධ තුරන් කරන්න ලැබෙන්නේ.

මියගිය දරුවන් ඉගෙනුම ලැබූ ගා/දකුණු මාගල කනිටු විදුහලේ විදුහල්පති වසන්ත ජයසිංහ මහතා

එක දරුවෙක්‌ වඩාගෙන අනිත් දරුවා ඇඟිල්ලෙ එල්ලගෙන මේ අම්මා හැමදාම ළමයි ඉස්‌කෝලෙට අරන් එනවා. මිනිස්‌සු සාරධර්ම වලින් ඈත් වෙනවා නම් මොන චින්තනය ක්‍රියාත්මක කළත් වැඩක්‌ නැහැ. මෑතකදී අහන්න ලැබුණ ඉතාම අවාසනාවන්ත අභාග්‍යසම්න්න මරණයක්‌ මේ. මේ අම්මයි දරුවො දෙන්නයි එකට ජීවත් වුණා. එකටම ජීවිත වලින් සමුගත්තා. මෙවන් අවාසනාවන්ත ෙ€දවාචකයක්‌ කිසිදාක අසන්නට දකින්නට නොලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු.


කරන්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කරයි

අවුරුදු 20 ක පමණ කාලයක සිට මා අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය ශ්‍රියානි දිගින් දිගටම මගේ ඇසුර ප්‍රතික්‌ෂේප කර මට පරුෂ වචනයෙන් බැන වැදී මාව මඟහැරීම නිසා මට ශ්‍රියානි කෙරේ වෛරයක්‌ ඇතිවුණා. ඇය කෙසේ හෝ ඝාතනය කිරීමට මා තීරණය කළා.

පසුගිය 24 දා රාත්‍රී 12.30 ට පමණ මගේ පුතා වන ඉමේෂ් නිශ්ශංක සමග කැති 2 ක්‌ අරගෙන ශ්‍රියානිගේ ගෙට ඇතුළු වී කාමරයේ ඇඳ මත නිදා සිටි ශ්‍රියානිට කැත්තෙන් පහර දුන්නා. එවිට ශ්‍රියානි එක්‌වරම කෑගැහුවා. ඒත් සමග ඇගේ පුතා පසිඳු ඇයි මාමේ කියල අහනකොට ඉමේෂ් පුතා කැත්තෙන් පහර දුන්නා. 

එවිට ඇගේ දූ දිල්හානි කෑගහගෙන කාමරයෙන් එළියට පනින්න හදනකොට ඇයවද ඝාතනය කර ඉමේෂ් පුතා සමග පැන ගියා යෑයි කරන්දෙණිය කොටවෙල නාමිනිගොඩ අක්‌කර 24 ලිපිනයේ පදිංචි වී සිටි මව, පුතා සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කරන්දෙණිය, කොටවෙල බැද්ද , නිව්ටන්පාර වත්ත ලිපිනයේ පදිංචි පේදුරු හේවගේ සිරිපාල (58) නමැත්තා ත්‍රිත්ව ඝාතනය පිළිබඳව පොලිසිය වෙත පාපොච්චාරණය කරමින් පැවසීය.

පොලිසිය හමුවේ සිද්ධිය පිළිබඳව පාපොච්චාරණය කරමින් ප්‍රධාන සැකකරු මෙසේද පැවසීය.

"මගේ විවාහක බිරිඳ මීට වසර 20 කට පෙර මියගිය දින සිට මම ශ්‍රියානි සමග අනියම් සම්බන්ධයක්‌ පැවැත්වූවා. මම හම්බකරපු හැම ශතයක්‌ම ඇය වෙනුවෙන් වැයකළා. ඒ අතරතුර ශ්‍රියානි අපේ ගමේම අයෙක්‌ සමග හොර රහසේ තවත් සම්බන්ධතාවක්‌ පවත්වන බව මට දැනගන්න ලැබුණා. මම මේ ගැන ශ්‍රියානිගෙන් ඇහුවත් එය බොරුවක්‌ බව ඇය පැවසුවා. මම මේ ගැන විමසිල්ලෙන් සිටින විට ඇයගේ එම සම්බන්ධය මගේ අතටම අසුවී මා ඔහුවද ඝාතනය කළා."

එම මිනීමැරුම වෙනුවෙන් මා අවුරුදු 7 ක්‌ පමණ සිරගතවී සිට නිදහස ලබා පැමිණියා. ඒ අතරතුර මගේ පුතා වන ඉමේෂ් නිශ්ශංක සමගද ශ්‍රියානි අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන යන බවට ආරංචි වුණා. ඒ ගැන මා ඇයගෙන් ඇහුවම ඈ එය බොරුවක්‌ බව පවසා මට හොඳටම බැන්නා.

මට ඇය කෙරේ වෛරයක්‌ මෙන්ම කෝපයක්‌ ඇතිවුණා. ඒ හැම අවස්‌ථාවකම මම අසාමාන්‍ය ලෙස මත්පැන් පානය කළා. මෙය මට දරා ගන්නම බැරිව ගියා.

ශ්‍රියානිව කෙසේ හෝ මරාදමන බවට තීරණය කළා. අප්‍රියෙල් 24 දා රාත්‍රියේ මත්පැන් පානය කර ඉතිරි ටික මගේ පුතා ඉමේෂ්ට පානය කරන්න දුන්නා. පසුව මම පුතාට කිව්ව හෙට එළිවෙන්න කලින් වැඩක්‌ කරන්න තියෙනව කියල. එයා වැඩේ මොකක්‌ද කියල ඇහුවේ නෑ. එයා කැමැති වුණ.

මම ඉමේෂ් සමග රෑ 12.30 ට විතර ශ්‍රියානිගෙ ගෙදරට ගියා. ගෙදර දොරවල් නෑ. ශ්‍රියානි දුව සහ පුතා සමග නිදාගන්න කාමරයේ ලෑලි දොරක්‌ තියෙනවා. දොරේ අගුල් දාන්නෙ නෑ. දොර තල්ලු කරගෙන මමත් පුතාත් කාමරයට ඇතුළු වුණා. ශ්‍රියානි දුව සහ පුතා සමග ඇඳේ නිදියගෙන සිටියා. මම එක්‌වරම ශ්‍රියානිට කැත්තෙන් පහර දුන්නා. එවිට ශ්‍රියානි එක්‌වරක්‌ බුදු අම්මෝ කියල කෑගැහුවා.

පසුව තුන්දෙනාම ඝාතනය කළ පසු මමයි පුතයි වෙල පාරෙන් ගෙදර ගියා.

ලේ තැවරුණු ඇඳුම් සහ කැති දෙක සෝදා තබා නිදා ගත්තා. දවස්‌ 4 කට පස්‌සෙ ශ්‍රියානිගේ ගේ පැත්තෙන් කුණු ගඳ දැනී ගේ ළඟ අය පොලිසියට දන්වල තිබුණ. පොලිසිය සමග ගමේ අය විශාල සෙනඟක්‌ ඇවිත් ඉන්නව දැක්‌කත් මමත් පුතත් ඒ පැත්ත පළාතෙ ගියේ නෑ.

සිද්ධිය සැළවූ වහාම සිද්ධිය වූ ස්‌ථානයට ගිය ඇල්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් ලීලාරත්න විතානච්චි මහතා පශ්චාත් වෛද්‍ය පරීක්‌ෂණය සඳහා මළසිරුර ඇල්පිටිය මූලික රෝහල වෙත යවා වාර්තාවක්‌ ලබා ගන්නා ලෙසත්, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් පොලිසියට නියෝග කළේය.

මේ පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්‌ෂණය පැවැත්වූ ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්‌කාර මහතා මියගිය තිදෙනාගේ හිස ශරීරයෙන් වෙන්කිරීම නිසා අධික ලෙස රුධිරය ගලා යැමෙන් හා කම්පනයෙන් සිදුවු මරණ බවට නිගමනය කළේය.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අජිත් ගුණවංශ මහතා සභාව මෙහෙයවන ලදී. අවමංගල්‍ය උත්සවයට කරන්දෙණිය පොලිසිය විශේෂ ආරක්‍ෂාවක්‌ යොදවා තිබුණි. මේ වන විට සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනකු කරන්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිය ගණනකගේ සෝ සුසුම් දුක්‌ අඳෝනා මැද මේ මව සහ දරුවන් දෙදෙනා මළ හිරු බසිනා සන්ධ්‍යාවේ භූමිදාන කෙරිණි.


 
Related Posts with Thumbnails