Ads 468x60px

.

නවලෝකේදී හෙළිවූ ෂෙරිල්ගේ රහස බොරුවක් වෙයි, ෂෙරිල් ගැබ්බර නෑ, බඩේ ලෙඩක්ලු


මමයි රුවනුයි 
නවලෝක 
රෝහලට 
ගියා 
තමයි...

"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර්ගේ රහසක් පසුගියදා නවලෝක රෝහලේදී හෙළිවී තිබෙන පුවතක් වෙබ් අඩවි ගණනාවක බොහෝ වේගයෙන් සංසරණය වුණා.

මේ රහස හෙළිවීම නිසා ඇගේ සැමියා වන ජනප්‍රිය ගායක රුවන් හෙට්ටි ආරච්චි සතුටෙන් ඉපිල ගිය බවද එම
වෙබ් අඩවි පුන පුනා ප්‍රකාශ කොට සිටියා. ඉතින් අපටත් හිතුනා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ෂෙරිල් අම්මා කෙනෙකු වන්නට යන බවත්, රුවන් තාත්තා කෙනෙකු වන්නට යන බවත්ය.එහෙත්
මේ සම්බන්ධයෙන් ෂෙරිල් පවසා ඇත්තේ 

තමා හා සැමියා වන ගායක රුවන් හෙට්ටි ආරච්චි නවලෝක රෝහලට ගිය බවත්, එහි ගියේ බඩේ ලෙඩක් සදහා දොස්තර මහියා ගුණසේකර මහතාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට බවත්ය.

ඇය තමා ගැබ්බර නැතැයි පවසා තිබුණේ සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනුයි. පසුගිය කාලයේදී මාධ්‍ය හෙළිකර තිබුණේ ෂෙරිල් මවක් වීමට සූදානම් වන බවයි. කෙසේවුවද එය හෙළිවූයේ නවලෝක රොහලේ දී බවද වාර්තා වුණා.

තමා හා රුවන්ගේ මංගල්‍ය උත්සවයද ළගදීම ගන්නා බවද ඇය හෙලිකර තිබෙනවා. එය විශාල එකක් නොවන බවත්, ලොකු වියදමක් දරා උත්සව පවත්වන්නට රුවන් මෙන්ම තමාද කැමැති නැතැයි ඇය පවසා
තිබෙනවා.
 
Related Posts with Thumbnails