Ads 468x60px

.

අලුත් දුම්රියක්‌ දැම්මොත් ඒකට දානවා. "මාලනී දේවි" කියලා - කුමාර වෙල්ගම


කාන්තා කටයුතු 
වලට මම ප්‍රියයි

එදා අපි එක්‌ක ගහගත්ත අය අද අපිත් එක්‌ක එකතුවෙලා. එකට ඉඳගෙන තේ බොනවා. පාර්ලිමේන්තුවේ එකට වාඩි වෙලා ඉන්නවා. ඒ පිළිබඳ සන්තෝෂ යෑයි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා මතුගම ශ්‍රීලනිප කාන්තා බල මණ්‌ඩලය පිහිටුවීමේ අවස්‌ථාවට එක්‌වෙමින් හෙතෙම මතුගම ශ්‍රවණාගාරයේදී මේ බව කියා සිටිනවා. 

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසුවා.

මම තරුණ කාලේ දේශපාලනයට ආවේ. අද මගේ පුතා සෙනාල් දේශපාලනයට ඇවිත්. පිරිමි ආදරේ කරන්න ඕන කාන්තාවන්ට එහෙම වෙන්නේ නැත්නම් ඒ පිරිමි නෙමේ. කාන්තා කටයුතුවලට මම ප්‍රියයි.


මම හංගලා නෑ. මේ කතාව හැම තැනදීම කියනවා. බලන්න දුම්රිය ගමන් කරන්නේ කාන්තාවෝ වගේ. ඒ නිසා දුම්රිය නම් කරලා තියෙන්නේ
කාන්තා නම් වලින් අපි අලුත් දුම්රියක්‌ දැම්මොත් ඒකට දානවා. "මාලනී දේවි" කියලා.

මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ක්‍රියාකාරිකයෙක්‌ හැටියට වැඩ ආරම්භ කළේ. මීට අවුරුදු 37 කට කලින්. එම මුළු කාලෙම හිටියේ මේ පක්‍ෂයේ. ගොඩක්‌ අය පක්‍ෂ මාරු කරනවා. 


එදා අපි එක්‌ක ගහගත්ත අය අපි එක්‌ක රණ්‌ඩු කරපු අය අද ඉන්නේ අපිත් එක්‌ක. එකට ඉඳගෙන තේ එක බොනවා, එකට පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්නවා. ඒ ගැන සන්තෝෂයි.

ඒ කාලේ තිබුණ ඡේවීපී භීෂණය, ආණ්‌ඩුවේ භීෂණය ඒවට මැදිවෙලා තමයි අපි ඡන්ද කළේ ඡන්දෙ දාන්න යන කොට මිනිස්‌සු මැරුවා. ඇඟිලි කැපුවා. මගේ ඉස්‌සරහ කාන්තාවකට වෙඩි තියලා මැරුවා. තව කෙනෙක්‌ගේ කොණ්‌ඩේ කපලා පාර දිගේ පයින් ඇරියා. 


තව අය බෝඩ් එල්ලගෙන හිටියා. යකුපිටිය ඡන්ද පෙට්‌ටියේ තිබුණේ ඡන්ද පහයි. පරෙයිගම ඡන්ද තිබුණේ 2 යි. ඒ ඡන්ද දාපු දෙන්නම මොළේ හොඳ නැති අය. හැබැයි ඒ ඡන්ද දෙක දාලා තිබුණේ අලියටයි, පුටුවටයි.

අනුර ගියා පක්‍ෂය දාලා ගියා. චන්ද්‍රිකා නෝනා ගියා. ඒත් මම පක්‍ෂය දාලා ගියේ නෑ. අද කැබිනට්‌ ඇමැතිවරයෙක්‌, පක්‍ෂයේ උප සභාපති, දිස්‌ත්‍රික්‌ නායක, ඒක තමුන්නාන්සේලාට ලොකු ගෞරවයක්‌.

මේ බල මණ්‌ඩලයට හොඳ දක්‍ෂ කාන්තාවෝ පත්කළ යුතුයි. අපිට වැඩ ගොඩක්‌ කරන්න තිබෙනවා. බලන්න ජනාධිපතිවරයා කොපමණ වැඩ කරලා තියෙනවද? ත්‍රස්‌තවාදයෙන් මේ රට බේරා ගැනීමට ඇති හැමදාම ජනාධිපති තනතුරේ ඉන්න. එදා දුටුගැමුණු රජතුමා වගේ තමා අද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය අඩුයි. පළාත් සභාවේ අඩුයි.

අද කාන්තාවන්ට දෙපයින් නැගී හිටින්න පුළුවන්. ඒත් හැමෝම ඉල්ලගෙන එන්නේ රජයේ රැකියා. ඊට වැඩිය නරකද දෙපයින් නැගී හිටියොත්. අද කීයද රජයේ සේවකයන්ගේ වැටුප. ඕනනම් රු. විසිපන්දාහක්‌ වෙයි. ඒකෙන් මොනවද කරන්න පුළුවන්. නමුත් තමුන්ගේ ව්‍යාපාරයක්‌ කළොත් පනස්‌දාහක්‌ ලක්‍ෂයක්‌ හොයන්න පුළුවන්.

මට හීනයක්‌ තිබුණා මන්ත්‍රී කෙනෙක්‌ වෙන්න. මම බොහෝම කැපවීමෙන් එතෙන්ට ආවා. පස්‌සේ එතැන හිටපු ඇමැතිවරු දකිද්දී මට හිතුනා ඇමැති කෙනෙක්‌ වෙන්න. මම අද කැබිනට්‌ ඇමැතිවරයෙක්‌.
 
Related Posts with Thumbnails