Ads 468x60px

.

දැරියගේ රහස්‌ ප්‍රදේශය රත්කළ යකඩ කම්බියකින් පිළිස්සූ බාප්පා

එකොළොස්‌ හැවිරිදි බාල වයස්‌කාර දැරියක ඇගේ බාප්පා විසින් රත්කළ යකඩ කම්බිය කින් පිළිස්‌සීම හේතුවෙන් පිළිස්‌සුම් තුවාල ලැබූ දැරියක් පිලිබඳ පුවතක් ගාල්ල කරාපිටිය රෝහලෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම දැරියගේ මව හිනිඳුම පොලිස්‌ වසමේ පදිංචිකාරියක වන අතර ඇය ගේ සැමියා හැරයැම නිසා මෙම දැරිය හා ඇගේ බාල සොහොයුරා හදා වඩාගෙන ඇත්තේ ඇයගේ මව විසින් බවයි. මෙම දැරියගේ බාල සොහොයුරා අසනීප වීම නිසා ඇගේ මව දැරියගේ පියාගේ සොහොයුරා (බාප්පා) ගේ නිවසේ

දැරිය නතර කර තිබෙනවා. 

කොළොන්න ප්‍රදේශයේ බාප්පාගේ නිවසේ නතර වී සිටි එම බාල වයස්‌කාර දැරිය ගෙතුල මුත්‍රා කළ බැව් පවසමින් දැරියගේ රහස්‌ ප්‍රදේශය රත්කළ යකඩ කම්බියකින් පුළුස්‌සා ඇතැයි පැවසෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ දැරිය ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර
තිබෙනවා.
 
Related Posts with Thumbnails