Ads 468x60px

.

ජනප්‍රිය නිළි මේනකාට හදිසි අනතුරක් - සිහිත් නැතිවෙලා.

ජනප්‍රිය නිළියක් වුනු මේනකා පීරිස් හදිසි අනතුරකට ලක්වෙලා. පෙරේදා (04) රෑ ටෙලි නාට්‍යයක රූගත කිරීම් ඉවරවෙලා ඇඹිලිපිටියේ ඉදන් ආයෙත් කොළඹ එන අතරේ රත්නපුර කහවත්තෙදී තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ.

මේනකා වගේම එයාගේ අම්මත් නාට්‍ය කණ්ඩායමේ කීප දෙනෙකුත් ඒ වෙලාවේ වැන් රථයේ ඉදලා තියෙනවා. අපිට ලැබුණු ආරංචි වල හැටියට වෑන් රථයේ රියදුරාට නින්ද ගිය නිසා තමයිලු මේ අනතුර සිද්ධවෙලා

තියෙන්නේ.

කොහොම වුනත් මේනකාටයි එයාගේ අම්මටයි මේ අනතුරෙන් සුලු තුවාල සිද්ධ වෙලා තියෙනවා. මේ අනතුර වුනු වෙලාවේ ඇතිවුනු කම්පනය නිසා මේනකාට සිහිනැතිවෙලත් තියෙනවා. ඒ හින්දා එතන හිටපු අය බය වෙලා මේනකාව රෝහල් ගත කරලා.

දැන්නම් මේනකා හොඳ සොඛ්‍ය තත්වයකින් රෝහලේ ඉන්නවලු. වෛද්‍යවරු කියන විදියට හෙට අනිද්දම එයාට ගෙදර යන්නත් පුලුවන් වෙයි කියලා තමයි වැඩිදුරටත් ආරංචි වෙන්නේ.
 
Related Posts with Thumbnails