Ads 468x60px

.

වෙලේ සුදාගේ කට උත්තරයෙන් දුමින්ද සිල්වා කොට උඩ යන ලකුණු..


කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ අංක එකේ හෙරොයින් ජාවාරම්කරු වන වෙලේ සුදා නොහොත් ගම්පොල විදානලාගේ දොන් වසන්ත කුමාර, ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතර ඇති සම්බන්ධය සහ හෙරොයින් ජාවාරම් සිදුකළ ආකාරය රහස් පොලීසිය හමුවේ අනාවරණය කිරීමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ රහස්

පොලීසිය ඉහත තොරතුරු අනාවරණය කරගෙන ඇත.

වෙලේ සුදා 2011 වසරේදී ශ්‍රී ලංකාවෙන් පලාගොස් පකිස්ථානයේ සැගව සිටි අතර මහින්ද රාජපක්ෂ පරාජයවීමෙන් පසු රහස් පොලීසිය විසින් ඉන්ටපෝල් හරහා ඔහු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය. 


පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට කන්ටේනර් පිටින් හෙරොයින් එවා තිබුනේ වෙලේ සුදා විසිනි. එම ජාවාරම සඳහා පැවති ආණ්ඩුවෙන් වෙලේ සුදාට ආරක්ෂාව ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බව ඔහු විසින් සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.

එහෙත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය අවස්ථාවේ රුපියල් කෝටියක (ලක්ෂ 100ක) රත්තරන් දුමින්ද සිල්වා හරහා වෙලේ සුදා ලබාදුන් බවට පැතිර තිබූ රාවය අසත්‍යක් බවද රහස් පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත ද, ඔහුව අත්අඩංගුවට ගැනීම අපහසු වන බව රහස් පොලිස් නිලධාරීන්ගේ මතයයි. 


මන්ද යත් දුමින්ද සිල්වා හිටපු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ සොයුරාගේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා බලපත්‍ර අහෝසි වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඒවා ආරක්ෂා කර ගැනීමට රාජපක්ෂ රෙජීමය හා එකතු වුවද, ඔහු දිගටම එක්සත් ජාතික පක්ෂයේ විවිධ පුද්ගලයන්ට මූල්‍යමය වශයෙන් ආධාර කර තිබීම නිසා, එම පුද්ගලයන් දුමින්ද සිල්වා ආරක්ෂා කරනු ඇති බව අප වෙත මෙම තොරතුරු දුන් රහස් පොලිස් නිලධාරීන් පවසා සිටියහ.
 
Related Posts with Thumbnails