Ads 468x60px

.

ශ්‍රී ලංකා ටෙලිකොම් බ්‍රොඩ්බෑන්ඩ් වේගය දෙගුණ කරයි


එකම රටක්‌, එකම හඩක්‌ තේමාව පෙර දැරි කර ගත් ශ්‍රී ලංකා ටෙලිකොම් රටේ පරිගණක සාක්‍ෂරතාව සහ ඉහළ අන්තර්ජාල පරිශීලනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් විවිධ නවාංග හඳුන්වා දෙන ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සමාගමයි.

රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබා දෙමින් තම බ්‍රොඩ්බෑන්ඩ් පාරිභෝගිකයන් සදහා 2015 නව වර්ෂය ආරම්භයේ සිටම දෙගුණයක නව වේගයක්‌ හඳුන්වා දීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු කර ඇත.

නව වසරට සුබ පැතුම් එකතු කරමින් එම මිලටම හඳුන්වා දෙන මෙම නව වේග වර්ධනයන් පුළුල් පරාසයක්‌ සහිත පැකේජයන් කිහිපයකින්

ලබා ගත හැකිය. 

2Mbps ක්‌ ලෙස පැවති අභිමාන, EntréeiyStudent 7GB පැකේජ හිමියන්ට 4Mbps දක්‌වාවූ වේගයක්‌ද උeඉ Web Starter,Web pal iyStudent 13GB පැකේජ හිමියන්ට 4Mbpsisg 8Mbps දක්‌වා ඉහළ ගිය වේගයක්‌ද, 8Mbps ක්‌ වූ වේගයක්‌ සහිත Web Family, Web Surfer සහ Web Pro පාරිභෝගිකයන්ට 16ඵඉචි දක්‌වා වූ වේගයක්‌ද මෙම නව හඳුන්වා දීමත් සමග හිමි වෙයි.

ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයින්ට අති නවීන තාක්‍ෂණය භාවිතා කරමින් ඉහළම විශ්වාසනීය භාවයකින් යුතුව නොනවතින අධිවේගී අන්තර්ජාල අත්දැකීමක්‌ සැපයීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සපයන Wi-Fi රවුටරය මගින් නිවසේ සෑම සාමාජිකයෙකුටම සිය ලැප්ටොප්, පරිගණක, ටැබ් හෝ ස්‌මාර්ට්‌ ෆොන් යනාදී උපාංග වලින් එකම වේලාවකදී අන්තර්ජාලයට පිවිසීමේ හැකියාවද උදාකරදී තිබේ.

මෙම දීමනාව පිළිබඳව අදහස්‌ දක්‌වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන වෙළඳ නිලධාරි රොෂාන් කළුආරච්චි මහතා ටෙලිකොම් සමාගමේ මූලික අපේක්‌ෂව වනුයේ සෑම අවස්‌ථාවකම ජනතාවට වැඩි වාසියක්‌ අත්වෙන පරිදි තත්ත්වයෙන් උසස්‌ ගුණාත්මක සේවාවන් ලබාදීම බව පැවසීය. 


ජාතික සන්නිවේදන සමාගම ලෙස ජනතාවට සපයන සේවාවන් ඉහළම ප්‍රමිතියෙන් ප්‍රදානය කිරීම ටෙලිකොම් සමාගමේ අරමුණ වන බවද ඒ මහතා පැවසීය. මෙමගින් අන්තර්ජාල පාරිභෝගිකයෙක්‌ සඳහා අන්තර්ජාල පිවිසුම්දී වැඩි වේගයක්‌ හිමිකර ගැනීමට හැකි වන අතර එමගින් අසමසම අත්දැකීමක්‌ අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්‌ථාව උදා වන බවත් කළුආරච්චි මහතා කියා සිටියේය. 

Ontv.lk ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල රූපවාහිනි වැඩසටහන් නාමාවලිය සාර්ථකව එළිදැක්‌වේ

 
Related Posts with Thumbnails