Ads 468x60px

.

මගේ මරණයටවත් සබරගමුව සරසවියේ කාටවත් එන්න ඉඩ දෙන්න එපා යනුවෙන් ලිපියක් ලියා අවසන් ගමන් ගිය සරසවි දියණිය...


සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක නවක වදය ඉවසාගත නොහැකිව පෙරේදා (16) ගෙල වැලලාගෙන මියගොස් තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පන්නිපිටිය, මාඹුල්ගොඩ අංක 114/2 දරන නිවසේ පදිංචිව සිටි එස්.එස්. අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය පන්නිපිටියේ පිහිටි සිය නිවසේදී මෙලෙස දිවිනසාගෙන ඇති බවයි.

ඇය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්ව විද්‍යාලයට තේරී පත්වූ සිසුවියකි. ඇය ඉකුත් වසරේ ජුනි මාසයේ නිවසට පැමිණ ඇත්තේ
නවක වදය ඉවසාගත නොහැකිවයි. 

ඒ පීඩාව හේතුවෙන්ම ඇය විශ්ව විද්‍යාලයට ගොස් නැත. නවක වදය නිසාවෙන් ඇතිවූ මානසික පීඩාව හේතුවෙන් ඇය මානසික වෛද්‍ය වරයෙකුටද පෙන්වා ඇති අතර ප්‍රතිකාර රැගෙන සරසවියට ගිය පසු ඇය යලි නවක වදයට ලක්වී තිබෙනවා. 

පසුගිය වසරේ අගෝස්තු මස බෙහෙත් පෙති 18 ක් එකවර පානය කොට සියදිවි නසාගැනීමටද ඇය තැත්කොට තිබෙනවා

මිය යාමට පෙර ලිපියක් ලියා ඇති අතර එම ලිපියේ දැක්වෙන්නේ "මගේ මරණය වු පසුව අවසන් කටයුතු සරලව මාගේ ආදර මා ඉගෙනගත් පාසල වන දේවි බාලිකා විදුහල අසල ඇති කොළඔ කනත්තේ ආදාහනය කරන ලෙසත් මගේ අවසන් කටයුතු වලට සබරගමුව විශ්ව විද්‍යලයේ කිසිම සිසු සිසුවියකට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙසත් මට යම් දේපලක් ඇත්නම් එම දේපල මහරගම පිළිකා රෝහලේ රෝගීන්ට යම් උපකාරයක් වන ආකාරයට ලබා දෙන ලෙසත්ය"

එහි තවත් පුවත් පහතින්

පෙරේදා (16) පන්නිපිටිය, මාඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසකදී නවක වදය ඉවසාගත නොහැකිව පීඩනයකින් පසුවූ සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක් සාරියක එල්ලී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි එස්.එස්. අමාලි චතුරිකා නමැති දේවි බාලිකා විද්‍යාලයෙන් උසස්පෙළ හදාරා සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගනිමින් සිටි සරසවි සිසුවියකි. 


දැඩි මානසික පීඩාවකින් සිටි ඇය නැවත හිත හදාගෙන සරසවි යාමට ඊට හමාස කිහිපයකට පසුව කටයුතු කර ඇත. නමුත් අවාසනාවන්ත ලෙස ඇය නැවතත් පෙර පැවති පීඩනයට එහිදී ලක්ව ඇති අතර ඇයට මුළු ව්ශ්ව විද්‍යාලයම එපාවී ඇත.

පෙරේදා උදෑසනද ඇය මානසික රෝගී තත්ත්වයට ඇය ප්‍රතිකාර ලබාගෙන ඇතැයිද පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

ඇය පෙරේදා උදෑසන 11.45ට පමණ නිවසේ කිසිවෙකු නැති අවස්ථාවක බාල්කයක සාරියකින් එල්ලී සියදිවි නසාගෙන ඇත්තේ ඉන් පසුය. හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




 
Related Posts with Thumbnails