Ads 468x60px

.

තිස්සගේ දුව රඟපාන්න ආසයිලු - අප්පච්චීට පසුව වඩාත් කැමති පුද්ගලයාත් කියයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට වඩා දැන් ජනප්‍රිය එයාගේ දුව දුල්මිණි. දුල්මිණිගේ ලස්සනට වහ වැටුණු කොල්ලෝ කුරුට්ටෝ එයාට පණ වුනත් දෙන්න සූදානමින් හිටිය බවට හොදම සාක්ෂිය තමයි මූණු
පොත. තාත්තා වගේම දුවත් දේශපාලනයට එයිද කියලා බොහෝ දෙනෙක්ගේ කසුකුසුවක් තිබුනා.

තාත්තාට රහ වුනාට දුවට දේශපාලනය අරහංලු. ඒත් ඔන්න දුල්මිණි රඟපාන්න ආසයිලු. දැන් මේක කිව්වා කියලා අධ්‍යක්ෂකවරු පෝලිමේ දුල්මිණිලගේ ගෙදර යන්න ලෑස්ති වෙන්නනම් එපා. 


දුල්මිණි අප්පච්චීට පසුව වඩාත් කැමති පුද්ගලයා  

හිටපු සෞඛ්‍ය අමති හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමත් සමග ඔහුව බැලීමට පැමිණි ඔහුගේ දියණිය දුල්මිණි අත්තනායක පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ වඩාත් කතාබහට ලක්වූ චරිතයකි. 

මේ ජනප්‍රියත්වය නිසාවෙන් ඇය වෙනුවෙන් "තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය" යනුවෙන් ෆේස්බුක් පිටු පවා නිර්මාණය කළ අතර ඒවා ඉතා කෙටි කලකින් අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්විය.

මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වා ඇති දුල්මිණි කියා ඇත්තේ එම පිටුව තමා නොදුටු බවත් තමාගේ යහළුවන් ඒ බව තමාට දැන්වූ බවත් ඔවුන් තමාට මඩ නොගසා තිබු බවත් ඇය මාධ්‍ය වෙත පවසා තිබුණි. 


තමා කිසිදිනෙක දේශපාලනයට නොපැමිණෙන බවත් තාත්තාගෙන් පසුව වඩාත් ප්‍රිය කරන දේශපාලඥයා මහින්ද රාජපක්ෂ බවද ඇය හෙළිකොට තිබේ.
 
Related Posts with Thumbnails