Ads 468x60px

.

දීපිකා හා ස්වර්ණාගේ පුටු ගැටුම

පසුගිය සති අන්තයේ පැවැති ස්වේත රාති‍්‍රය සංගීත ප‍්‍රසංගයේ අසුනක් සඳහා ප‍්‍රවීන නිළි ස්වර්ණා මල්ලවආරච්චි හා ජනපි‍්‍රය ගායිකාවක් වන දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් අතර ගැටුමක් ඇතිවී ඇතැයි වාර්තා වේ.

ස්වර්ණා, දීපිකාට පෙර එම සංගීත සැදෑවට පැමිණ අසුන් දෙකක් වෙන්කරගෙන සිට ඇති අතර, පසුව එතනටදීපිකා අදාළ අසුන් දෙක ලබාදෙන ලෙස ඉල්ලමින් ගැටුමක් ඇතිකරගෙන තිබේ.

ස්වර්ණා පවසා ඇත්තේ පිටුපස හිස්අසුන් ඇති බැවින් දීපිකාට එහි අසුන් ගන්නා ලෙයසි.

කෙසේවුවද දීපිකා පවසා ඇත්තේ තමාට පිටුපස අසුන්වල අසුන්ගෙන පුරුදු නැති බවයි.

අවසානයේ මේ දෙදෙනාගේ පුටු ගැටුම විසදීමට එම සංගීත ප‍්‍රසංගයේ සංවිධායකයෙක් මැදිහත්වී ඇති අතර, මොවුන් දෙදෙනා ඉදිරියෙන්ම ඇති අසුන් පෙළට ඉදිරියෙන් තවත් අසුන් පෙළක් දමා එහි අසුන්ගන්වා අවුල සමතයකට පත්කර ඇත.

කෙසේවුවද මොවුන් පසුව යාබද අසුන් දෙකක සිට සංගීත ප‍්‍රසංගය නැරඹූ බවද මේ අතර වාර්තා වේ
 
Related Posts with Thumbnails