Ads 468x60px

.

රීලෝඩ් හොරා පොලිස් අතටම මාට්ටු...

ගුවන් හමුදා සෙබළාගේ පොලිස්‌ රැඟුම් අවසන්...
රීලෝඩ් කරගන්න එන මුවාවෙන් රුපියල් එක්‌දාස්‌ පන්සීය, දාහ වංචා කරලා..

සීදුව, කටුනායක, ඇවරිවත්ත, අමන්දොළුව යන ප්‍රදේශවල පවත්වාගෙන යන (කොමියුනිකේෂන්) දුරකථන කාඩ්පත් අලෙවි සල්වලින් පොලිස්‌ පාට්‌ යොදා මුදල් වංචා කළ බව කියන ගුවන් හමුදා සෙබළකු සීදුව පොලිසියේ අය විසින් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙකී ගුවන් හමුදා සෙබළා කාලයක්‌ තිස්‌සේ මෙම වංචාව කර ඇති මුත් ඔහුගේ ප්‍රොඩාවට හසුවූ වෙළෙඳසල් ගුවන් හමුදාවට හා පොලිසියට ගරුකර නිහඬව සිට ඇත.

ඔහු විසින් දුරකථනයකට රීලෝඩ් කරගන්න එන මුවාවෙන් පැමිණ දුරකථන නොම්මරය ලියා දීමට පොත ඉල්ලා ඔහු විසින්ම වෙනත් දුරකථන නොම්මරයකට රුපියල් එක්‌දාස්‌ පන්සීය, දාහ වැනි නොම්මර ලියා එයට හරි සලකුණද යොදා යටින් රුපියල් පනහක රීලෝඩ් නොම්මරයක්‌ ලියා රුපියල් පනහ ගෙවා යන්නට යයි.

ඔහු දිනකට පමණ පසු පැමිණ වැඩි ගණනට ලියා ඇති නොම්මරය ගැන විමසා එයට මුදල් නොගිය බව පවසා තර්ක කර බැරි වූ විට තමා පොලිසියේ බව පවසා බියගන්වා මුදල් රැගෙන යයි.

මේ ආකාරයට ඔහු විසි තිස්‌ වතාවක්‌ මෙකී කාර්යය කර මුදල් ලබා ගත්තද සීදුව හන්දියේ පිහිටි දුරකථන අලෙවි සලකට 28 වැනිදා පැමිණ පුරුදු ක්‍රියාපටිපාටිය කරන්න ගොස්‌ වැඩ වරද්දා ගෙන එහි හිමිකරු විසින් ඔහුව තම මිතුරන් සමග අල්ලා සීදුව පොලිසියට භාරදී ඇත. 


ගුවන් හමුදා සෙබළාගේ පොලිස්‌ රැඟුම් ඒ වන විට අවසන් බව නොදැන ඔහු පොලිසියටද තර්ජනය කරන්න සැරසී ඇති මුත් විශාල පිරිසකගේ පැමිණිලි ගලා ඒමත් සමග ගුවන් සෙබළා පොලිස්‌ කූඩුවට කොටුවිය.
 
Related Posts with Thumbnails