Ads 468x60px

.

සුමුදුට මට වඩා තියන එකම සුදුසුකම උස විතරයි - විනූ

සුමුදු එක්ක මගේ නම් තරහක් නෑ...
හැබැයි මම දන්නේ නැහැ සුමුදුගේ හිතේ මොනවගේ හැඟිමක්ද තියෙන්නේ කියලා...

දෙරණ මිස් ශ්‍රී ලංතා කිරුළ දිනා ගත්තේ විනූ සිරිවර්ධනය. හිටි හැටියේම මෙම ප්‍රථිපලය වෙනස් වෙලා සම ජයග්‍රහණය සුමුදුට හිමිවීමත් එක්කම මිස් වර්ල්ඩ් තරඟය නියෝඩනය කිරීමේ අවස්ථාව විනූට අහිමි වුණා.


මිස් ශ්‍රී ලංකා කිරුළ අතටම අවිත් ගියහම මොකද හිතුණේ ?
මට කිරුළ අහිමි වුණේ නම් නැහැ. අවසාන මහා තරඟයේදී මට තමයි තිරුළ හිමි වුණේ. මිස් ශ්‍රි ලංකා වුණේ මම .ඊට දින කිහිපයකට පස්සේ තමයි සම ජයග්‍රහණය සුමුදුට ලැබුණේ .


එක කිරුළකට දෙන්නෙක් ඉන්න පුළුවන්ද ?
එක කිරුළකට දෙන්නෙක් මීට පෙර කොහෙවත් ඉඳලා ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. මේ පළමු වතාව වෙන්න ඕනේ එහෙම දෙයක් සිද්ධ වුණු.  මුලින්ම ජයග්‍රහණය ලැබු‍ණේ මට ඊට පස්සේ වුණු දේවල් ගැන මම මොනවත්ම දැනගෙන හිටියේ නැහැ.


එදා දෙරණ මිස් ශ්‍රී ලංකා අවසාන තරඟ ප්‍රථිපලයේ ඇත්තටම සිද්ධ වුණු දේ මොකක්ද ?
ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ කියලා කියන්න මං හරියට දන්නේ නෑ .මට කිරුළ පැළැන්ඳුවට පස්සේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දවස් කිහිපයකට පස්සේ දෙරණ ආයතනයෙන් මට දැනුම් දුන්නා ලකුණු වල කිසියම් වැරැද්දක් නිසා ප්‍රථිපලය වෙනස් වෙනවා කියලා.


මේ වගේ තරඟයකදී ලකුණු වල ප්‍රශ්නයක් වුණා කියලා පිළිගන්න පුළුවන්ද ?
විශ්වාස කරන්න අමාරුයි.  අවසාන දිනයට පෙර දිනයෙත් අපිට වෙනම එකක් තියලා දුන්නා . අවසාන දිනයේත් වෙනම දුන්නා.


සුමුදුට කිරුළ අයිතිවීමත් එක්ක මිස් වර්ල්ඩ් තරඟයට සහභාගී වෙන්න ඔබට තිබුණු අවස්ථාව අහිමි වුණා තියන්නේ ?
මිස් වර්ල්ඩ් තරඟය අහිමි වුණා. ඒත් මට මිස් ඉන්ටර්නැෂනල් කියන තරඟයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා.


මිස් වර්ල්ඩ් තරඟය අහිමි වීම ගැන දුකක් නැද්ද ?
මිස් වර්ල්ඩ් තරඟයේ තියන එකම වෙනස ඒකට සහභාගී වෙන රටවල් ප්‍රමාණය වැඩිවීම. මම මට ලැබුණු අවස්ථාවෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණයක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතනදී මට ඒ තරඟය මිස් වර්ල්ඩ් ද, මිස් ඉන්ටර්නැෂනල්ද කියන එක ගැටළුවක් නෙමෙයි.


සම ජයග්‍රහණය ඔබ දෙන්නටම හිමි වෙලා තියෙද්දී මිස් වර්ල්ඩ් යන්න සුමුසුව තෝරාගන්නේ ඔබට වඩා සුදුසුකම් වැඩි නිසාද ?
මාත් එක්ක බැළුවහම මට වඩා එයාට තියන එකම සුදුසුකම තමයි එයාගේ උස . අධ්‍යාපනය අතින් ගත්තත් , රූපය අතින් ගත්තත් මම ඉන්නේ සුමුදුට වඩා ඉදිරියෙන් .


දෙරණින් දුන්නු අවසාන ප්‍රථිපලයට සුමුදු බලපෑම් කළ එක හරිද ?
විවිධ කට කතා පැතිරෙනවා. මොනවා වුණත් මම දෙරණ නාලිකාව කියන දේ පිළිගන්නවා . දෙරණට ගෞරව කරනවා . මොකද ඒ ආයතනය නිසා තමයි මේ වගේ තරඟයකට ඉදිරිපත් වෙලා ජනතාව අතරට යන්න මට අවස්ථාව ලැබුණේ.


සුමුදුත් එක්ක තරහ නැද්ද ?
සුමුදු එක්ක මගේ නම් තරහක් නෑ. හැබැයි මම දන්නේ නැහැ සුමුදුගේ හිතේ මොනවගේ හැඟිමක්ද තියෙන්නේ කියලා. එයාටත් ඉතින් මාත් එක්ක තරහා වෙන්න හේතුවක් ඇති කියලා මම හිතන්නේ නැහැ.


විනූ මේ වෙද්දී රැකියාවක් කරනවද ?
තවම රැකියාවක් කරන්නේ නෑ.මම ඉගෙන ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. උසස් පෙළ කළේ ගිය අවුරුද්දේ වාණිජ අංශයෙන් . විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා විශ්වවිද්‍යාලයක් දැනුම් දෙනකල් ඉන්නේ.


ආදරය ගැන මොකද හිතෙන්නේ ?
ආදරය ගැන කිව්වහම මට තවමත් දැනෙන්නේ පවුලෙන් ලැබෙන ආදරයත් ,ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයත් විතරයි. ඊට වෙනස් ආදරයක් ගැන නම් තවම අත්දැකීම් නැහැ.


මේ වගේ තරඟ වලට ඉදිරිපත් වෙද්දී ගෙදරින් බලපෑම් අවේ නැද්ද ?
පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. කවදාවත් බලපෑමක් නම් නළේ නෑ. මම ගිය අවුරුද්දේත් මේ තරඟයට සහභාගී වෙලා අවසන් 12 දෙනා අතරටත් ඇවිල්ලා මගේ අධ්‍යාපන කටයුතු නිසා වෙනත් කෙනෙක්ට අවස්ථාව දීලා තරඟයෙන් ඉවත් වුණා. ඒ හැම වෙලාවකදීම අම්මා තාත්තා ලොකු සහයෝගයක් දුන්නා.


රංගනයට නිවේදනයට එහෙම ආරාධනා ලැබුණේ නැද්ද ?
තරඟයේ යෙදිලා ඉන්න කාළේදීම ආරාධනා ලැබුණා .යෙලි නාට්‍ය කිහිපයකටත් , ෆිල්ම් එකකටත් ආරාධනා ලැබුණා.


මොනවද විනූගේ අනාගත බලාපොරොත්තු ?
මගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමටත් ,කළ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නත් ලොකු බලාපොරොත්තුවක් හිතේ තියනවා.
 
Related Posts with Thumbnails