Ads 468x60px

.

දේශපාලන ප්‍රභලයින් නිධන් සෙවීමේ පිපාසයෙන්... කලාවැව හොර රහසේ හිස් කරලා...

වැව් බැම්ම බිඳ නිධන් කොල්ල කාලා...

කලාවැව හිස් කලේ දේශපාලන සහ ආරක්ෂක අංශ වල ප්‍රභලයින්...


අනපේක්ෂිත ලෙස මුළු නුවර කලාවියම ද උග්‍ර ජල හිඟයකට මුහුණපා ඇති අතර එහි වැසියන් පවසන්නේ විලච්චිය වැව් බැම්ම බිඳ දැමිම සහ කලා වැව හිස් කිර නිධන් ලබාගැනීම හේතුවෙන් කඩවර දෙවියන්ගේ කෝපයට ලක් වීම නිසා මෙලෙස ජල හිඟයකට මුහුණපෑමට සිදු වූ බවයි.


උතුරුමැද පලාතේ ප්‍රධාන වාරිමාර්ග පද්ධතියක් ලෙස කලාවැව සැලකෙනවා. එය ඉතිහාසයේ පෙර නොවූ ආකාරයට සිඳීගොස් තිබෙන අතර නිධන් වස්තු සෙවීම සඳහා හොර රහසේ වැව හිස් කිරීම එයට හේතුව බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ප්‍රභලයින් පිරිසක් විසින් දුටුගැමුණු රජුගේ රන් අසිපත සහ ධාතුසේන රජතුමා විසින් නිධන් කර ඇතැයි විශ්වාස කල නිධන් සෙවීමේ පිපාසයෙන් පසුගිය කාලය තුල උතුරුමැද සහ වයඹ පලාත් වල දැවැන්ත මෙහෙයුමක් දියත් කල බවත් ඓතිහාසික විලච්චිය වැව් බැම්ම බිඳ නිධන් කොල්ල කෑවේ ද මොවුන් බවයි ඔවුන් පවසන්නේ.

මෙලෙස කලාවැව හිස් කලේ දේශපාලන සහ ආරක්ෂක අංශ වල ප්‍රභලයින් බවත් වැව පිරවීම සඳහා ඉදිරියේදී වැසි ලැබෙතියි විශ්වාසයෙන් පසු වූවත් වර්ශාව නොලැබුන නිසා අනපේක්ෂිත ලෙස මුළු උතුරුමැද පලාතේම වැව් පද්ධතියම සිඳී යාම නිසා මේ වනවිට උතුරුමැද පලාතම දැඩි ජල හිඟයකට මුහුණපා තිබෙනවා.


මීට පෙර මාස ගනන් එකදිගට වැසි නොලබා තිබුනද මෙලෙස ප්‍රභල ලෙස ජල හිඟයක් උද්ගත නොවූ බවත් දේවකෝපයක් නොවන්නට මුළු පලාතම දැවී යන තරම් නියඟයන් වලට මුහුණ පෑමට සිදු නොවන බවත් ඔවුන් පවසනවා.

නුවර කලාවියේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ නමක් පවසා සිටියේ පසුගිය කාලයේ සමන් දෙවියන්ගේ අඩවියේ සැරි සැරූ කුරු ඇතා ඝාතනය කිරීමෙන් පසු එම ප්‍රදේශයම වැනසී යන ආකාරයෙන් ගංවතුරකට මුහුණ පෑ බවත් අද නුවර කලාවිය මුහුණදෙමින් සිටින්නේ ද එවැනිම දේව කෝපයකට බවයි.

සාමාන්‍ය මිනිසුන් හට බලපාන ලෙස මෙලෙස බලපෑම් කරනවා මෙන්ම මෙම දුශ්ඨ ක්‍රියා මෙහෙයවන පාලකයින් ද පසුගිය දින වල ලෝකය ඉදිරියේ දැඩි අපකීර්තියට ලක් වූයේ ද දේව කෝපය නිසා බවත් පාලකයින් මීට වඩා දැඩි අවදාන
ක් දේව කෝපය නිසා සිදුවියහැකි ව්‍යසනයන් වෙත යොමු කලයුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

මේ අතර පොලොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමති වරයා ප්‍රකාශ කර සිටියේ උතුරුමැද පලාතේ පවතින ජල හිඟය දේවකෝපයක් මත සිදු වූවක් ලෙස පෙන්වාදීමට ඇතැමෙක් උත්සාහ කරන බවත් දෙවියන්ට එවැනි දෙයක් කල නොහැකි අතර එසේ කලහැකිනම් පාලකයින් අනවශ්‍ය බවත් ය.
 
Related Posts with Thumbnails