Ads 468x60px

.

වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ගේ මරණය සැකයිලු...

මරණයට හේතුව ලෙස ක්ෂණික හෘදයාබාධයක්ලු...

ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ හිටපු ප්‍රධානී, ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ මහතා ඊයේ (08 වැනිදා) අලුයම අභාවප්‍රාප්ත විය.

සති කිහිපයක සිට රෝගීව සිටි වෛද්‍ය මෙන්ඩිස්‌ මහතා ඊයේ (08 වැනිදා) කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේදී අභාවප්‍රාප්ත වන විට පනස්‌ හත්වැනි වියෙහි පසුවිය.

පසුගිය 15 වනදා වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ මහතා නවලෝක රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහුට ප්‍රතිකාර කොට ඇත්තේ වෛද්‍ය මයියා ගුණසේකර ඇතුළු වෛද්‍ය කණ්ඩයාමක් විසිනි. 


මාධ්‍යයවල මරණයට හේතුව ලෙස ක්ෂණික හෘදයාබාධයක් ලෙස දැක්වුවත් සැබෑවටම මරණ පරීක්ෂණයේ සඳහන්ව ඇත්තේ අග්නාශයේ ඇතිවූ කිසියම් ප්‍රදාහමය තත්වයක් හේතුවෙන් ඇතිවූ ස්වභාවික මරණයක් බවයි.


නමුත් හදිසියේම සිදු වූ මෙම මරණය ගැන තමාට සැකසහිත බව වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස්‌ මහතාගේ බිරිඳ විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ප්‍රකාශ කොට ඇත.ඒ අනුව පොලිසිය විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව කොළොඹ 03 අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඒ වනවිට දේශය තැන්පත්කොට තිබු ජයරත්න මල් ශාලාවට ගොස් සිරුර පරික්ෂා කර බලා මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කොට ඇත.

ඒ අනුව පොලිස් මරුත් ශරීරාගාරය වෙත ගෙනගොස් සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පි.බි දිසානායක මහතා යටතේ ඊයේ දිනයේ (08) පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට සුදානම් වුවත් ගීතාංජන මෙන්ඩිස් මහතාගේ බිරිඳ නොපැමිණීමත් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලැබූ අන්ද ඉහපත නොතිබීම හේතුවෙනුත් පශ්චාත් මරණ පරීක්ෂණය අදට
(09) කල් දමා ඇත.
 
Related Posts with Thumbnails