Ads 468x60px

.

පොලිසියට කියන්නේ මම නිළියක්‌ කියලයි. හැබැයි ජොබ් එක ලිංගික ශ්‍රමය විකුණන එක - සනත් විමලසිරි

සාමාන්‍ය දැනුමක්‌වත් නැති 'මැටි මෝල්ලු' ක්‍ෂේත්‍රයට එනවා...
මොන මොනවා හරි හරි කරලා බැරිම තැන 'රඟපාලා හරි ගොඩයන්න' බලනවා...

මොකක්‌ හරි සබන් කෑල්ලක්‌ දෙන්න ඇවිත් අමාරුවෙන් ටෙලි නාට්‍යයක පෙනිලා යන කෑල්ලකට ඔළුව දාපු ගමන් එයා 'නිළිය' වෙනවා. ඊළඟට එයා දහදුරා වැඩක්‌ කරලා පොලිසියට ගෙනියනවා. එයත් පොලිසියට කියන්නේ මම නිළියක්‌ කියලයි. හැබැයි ජොබ් එක ලිංගික ශ්‍රමය විකුණන එක. මේක කොච්චර නින්දිතද?

ක්‍ෂේත්‍රයේ විවිධ පැති පිළිබඳව උණුසුම් අදහස්‌ පළ කරන්නට සනත් විමලසිරි එක්‌ වූ මොහොතයි මේ.

 
නිර්මාණවල බාල ගතියත් තියෙනවා කිව්වොත් එකඟද?
සියයට සියයක්‌ එකඟයි. හරසුන් නිර්මාණ බිහිවීම තමයි මේකට හේතුව. ප්‍රේක්‍ෂකයාට යම් දෙයක්‌ ලබා දෙන්නේ නැති නිර්මාණ හරහා මොන චරිත ඉදිරිපත් කරන්න ගියත් අසාර්ථක වෙනවා. මෑතකදී මම හිටපු ටෙලි නාට්‍ය කිහිපයක්‌ ඇදි ඇදී යන ගතියක්‌ තිබුණත් ප්‍රේක්‍ෂකයන්ට ගත හැකි යමක්‌ තිබුණ කියලයි මට හිතෙන්නේ.



ඇදි ඇදී යන කිව්වේ මෙගා ද?
ඔව්. මෙගා තමයි. දැන් ගත්තොත් ඉතිං ඊට පස්‌සේ කොටස්‌ පන්සිය ගාණක්‌ තිබුණා. එහි සමහර දේවල්වල යම් යම් තැන් ඇදිලා තියෙන්න ඇති. හැබැයි ඒක ප්‍රේක්‍ෂකයන් අතරට ගියා විතරක්‌ නෙවෙයි රංගනය පැත්තෙන් පවා ඒකට උපරිම සාධාරණය කරන්න අපිට පුළුවන් වුණා.


කතාබහ අනුව තේරෙන්නේ සනත් මෙගා වලට විරුද්ධ නෑ කියලයි.
පැහැදිලිවම නෑ. ඇයි මම විරුද්ධ වෙන්නේ. ලෝකයේ ඕන තරම් මෙගා නාට්‍ය තියෙනවා. අපේ රටේ තවමත් කතා කරන 'දූ දරුවෝ' 'අසල්වැසියෝ' මෙගා නාට්‍යයක්‌නේ. තවමත් අත් නොහැර බලන විදේශ මෙගා තමයි ඔෂින්, මන්කි වැනි ටෙලි නාට්‍ය. ඒ එකක්‌වත් අපි ප්‍රතික්‍ෂේප කරනවාද?

මෙගා පමණක්‌ නොවෙයි වර්තමාන නිර්මාණ බොහෝමයක නළු නිළියන්ගේ හැකියාව ගැන විවිධ කතා මතුවෙනවා.
හරියට හරි ඒක ඇත්ත.

හරි කියන්නේ ඒ ගැන ඔබටත් විවේචනයක්‌ තිබෙනවා කියන එකද?
පැහැදිලිවම..... වේදිකාවේ කාටවත් වංචා කරන්න බෑ. මාට්‌ටු වෙනවා. අපි කතා කරන්නේ සජීවීව ප්‍රේක්‍ෂකයාට. හැබැයි සිනමාවේ හා ටෙලි නාට්‍ය කලාවේ ඉන්න බහුතරයක්‌ කරන්නේ ඒවා විනාශ කරන එක. වැඩි දෙනෙක්‌ එන්නේ මේ ක්‍ෂේත්‍රය වෘත්තීය ගණිකා වෘත්තියේ යොදවන්න බලාගෙන.

ඒක ටිකක්‌ දරුණු චෝදනාවක්‌ නේද?
ඔව්. හැබැයි දරුණු වුණත් ඒක ඇත්ත.

කොහොමද එහෙම වෙන්නේ.
මෙහෙමයි. ඔන්න මොකක්‌ හරි සබන් කෑල්ලක්‌ දෙන්න ඇවිත් අමාරුවෙන් ටෙලි නාට්‍යයක පෙනිලා යන කෑල්ලකට ඔළුව දාපු ගමන් එයා 'නිළිය' වෙනවා. ඊළඟට එයා දහදුරා වැඩක්‌ කරලා පොලිසියට ගෙනියනවා. ඔයාලා (පත්තර) මොකද කරන්නේ. 'නිළියක්‌ දැලේ' කියලා ලොකුවට පළකරනවා. එයා නිළියක්‌ද? එයා සබන් කෑල්ලක්‌ දෙන්නයි රූප රාමුවට ඇවිත් ඉන්නේ. එයත් පොලිසියට කියන්නේ මම නිළියක්‌ කියලයි. හැබැයි ජොබ් එක ලිංගික ශ්‍රමය විකුණන එක. මේක කොච්චර නින්දිතද?

දැන් අපේ නිළියෝ කොයිතරම් හොඳ වැඩ කරලා තියෙනවද? කැන්සර් හැදිලා ඉන්න බරපතළ රෝග තියෙන අයට මොන තරම් උදව් උපකාර කරනවද? ගෙවල් හදල දීලා තියෙනවා. අපි නම් දැකලා නෑ. අද වෙකනම් ඒවා පත්තරවල යනවා.

නෑ..... අපි රඟපෑම් ගැන ගත්තොත් ඒවායේ ගුණාත්මකභාවය ගැනයි අහන්නේ.
ඉතිං එහෙම අයගෙන් කොහොමද හොඳ දෙයක්‌ බලාපොරොත්තු වෙන්නේ.

ඒ අය නෙවෙයි ක්‍ෂේත්‍රයේ අපි වර්තමානයේ දකින හුරුපුරුදු චරිත බොහොමයකට ඒ හැකියාව නෑ කියලයි චෝදනාව තියෙන්නේ.
ඔව් වෙන්න පුළුවන්. ජනප්‍රිය වෙන්න සමාජයේ සිවිල් බලයක්‌ හදාගන්න පුළුවන් කියලා හිතුනම ඕනම මිනිහෙක්‌ හිතන්නේ මේක තමයි හොඳම තැන කියලයි. මේ අය පළමු රූප රාමුවට එන්නෙම නළුවෙක්‌ වෙලා. රංගනය ගැන අවබෝධයක්‌ නැතුව මේ ක්‍ෂේත්‍රයට ආවාම සමස්‌තයටම රසිකයන්ගෙන් ඔබ ඔය කියන චෝදනාවට මුහුණ දෙන්න වෙනවා. මම මේ අලුත් පරම්පරාවේ හැමෝටම නෙමෙයි කියන්නේ. මාර දක්‍ෂ මාර ටැලන්ටඩ් කොල්ලෝ සෙට්‌ එකක්‌ ඉන්නවා.

හුඟ දෙනෙක්‌ මේ ප්‍රශ්නය ගැන අහද්දී නිතරම කියන්නේ "මම මේ හැමෝම ගැන නෙමෙයි" කියලයි. ඒකත් ඇඟ බේරාගෙන හැමෝටම ගහන්න කරන උප්පරවැට්‌ටියක්‌ නේද?
කොහෙත්ම නෑ. ගහන්න ඕන තැනට මම බය නැතුව ගහනවා. මොකටද මම බයවෙන්නේ. මම මේ කියන්නේ බොහෝම කෙළින්. මේ කතාවේ ඇද මුකුත් නෑ. ඉස්‌සර මිනිස්‌සු කොච්චර නළු නිළියන්ට ආදරය කළාද? අද ඒ ආදරය ගෞරවය තියෙනවද?

කී දෙනෙකුට ආදරය කරන්නද? අද නළු නිළියෝ වැහි වැහැලනේ කියලයි සමාජයේ කතාබහ වෙන්නේ.
ඒක තමයි අද ඉගෙන ගන්න බැරිවෙච්ච, සාමාන්‍ය දැනුමක්‌වත් නැති 'මැටි මෝල්ලු' ක්‍ෂේත්‍රයට එනවා. මොන මොනවා හරි හරි කරලා බැරිම තැන 'රඟපාලා හරි ගොඩයන්න' බලනවා කියලයි ඒ අය ක්‍ෂේත්‍රයට එන්නේ. එතකොට කොහොමද අපි රංගනයේ ගුණාත්මක බවක්‌ තියාගන්නේ.
 
Related Posts with Thumbnails