Ads 468x60px

.

බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙක සඳහා ලබන 11 වැනිදා ඉල්ලූම්පත් භාර ගැනේ...

දැනටමත් ඉල්ලූම්පත් 150 ක්...
ඒ අතර අළුගෝසු පරම්පරාවේ කෙනෙකුත්...

වැලිකඩ හා බෝගම්බර යන බන්ධනාගාරවල අළුගෝසු පුරප්පාඩු දෙක සඳහා ලබන 11 වැනිදා ඉල්ලූම්පත් කැඳවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පැවසීය.මේ සඳහා දැනටමත් ඉල්ලූම්පත් 150 ක් ලැබී ඇතැයිද ඔහු කීය.

අළුගෝසු පරම්පරාවේ කෙනකුගෙන්ද මේ සඳහා අයදුම්පතක් ලැබී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. වසර 1976 සිට මරණ දඬුවම ක්‍‍්‍රියාත්මක නොවීම නිසා හා මීට පෙර සිටි අළුගෝසුවන් උසස්වීම් ලැබීම හේතුවෙන් මෙම තනතුරු හිස්ව ඇතැයි පැවසේ.

අළුගෝසු පුරප්පාඩු පිරවීම සඳහා හිටපු අළුගෝසුවන්ගේ ඥතීන් බඳවා ගැනීම මෙතෙක් සම්ප‍්‍රදායවී තිබිණි.මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ සිටි අළුගෝසුවා බන්ධනාගාර නියාමකවරයකු ලෙස උසස් වීම් ලබා ඇති අතර බෝගම්බර හිරගෙදර අළුගෝසු පුරප්පාඩුව කාලයක සිට පවතින බව ද පැවසේ.

මේවන විට බරපතළ වැරදි සිදුකළ මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෝ 357 දෙනෙක් වැලිකඩ සහ බෝගම්බර සිර කඳවුරුවල සිටිති. මරණ දණ්ඩනය නියම වූ කාන්තාවන් සිවුදෙනෙකු ද මේ අතර සිටින බව පැවැසේ.

අපරාධ අවම කර ගැනීමට මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කළ යුතු බවට මේ දිනවල කතිකාවක් පැවතුණ ද පසුගිය දැයට කිරුළ අවස්ථාවේදී මරණ දඬුවම සඳහා ජනතා ප‍්‍රතිචාර විමසීමට ලබාදුන් ආකෘතියට ලැබුණු ප‍්‍රතිචාරවලින් 80% ක් මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට විරෝධය දක්වා ලැබුණු ඒවා බව ද වාර්තා වේ.
 
Related Posts with Thumbnails