Ads 468x60px

.

අස්ගිරි මල්වතු හිමිවරුන් ළඟ නැති පෞර්ෂයක් කාදිනල්තුමන් ළඟ ඇත්තේ ඇයි...?

මෑතකදි මහාචාර්ය සරත් විජේසුරිය වැදගත් ප්‍රකාශයක් කළේය. අස්ගිරි මල්වතු හිමිවරුන් ළඟ නැති  පෞරුෂත්වයක්   කාදිනල්තුමන් ළඟ තිබෙන බව ඔහු කිවේය. 


ඔහුගේ ප්‍රකාශයේ   සත්‍යක් තිබේ. අද සංඝ සමාජය දේශපාලකයන් , මුදල් , බලය හමුවේ පිටකොන්ද බිඳගත් සිවුරුකාරයන් පිරිසක් බවට පත්වී සිටිති. එදා මෙන් සාසනය දැනුමෙන් පෞරුෂත්වයෙන් බැබලවූ හේන්පිටගෙදර ඤාණසීහ,යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම , බඹරැදේ සිරි සීවලී , වැලිවිටියේ ශ්‍රී සෝරත , වල්පොල රාහුල වැනි සංඝ පිතෘවරු වෙනුවට අද සිටින්නේ ජාතික උරුමයන් සහ පුරාවස්‌තු කොල්ලකෑමේ   වැඩපිළිවෙළ අනුමත කරන බෙන්ස් රථ හොරෙන් විකුණන ගනින්නාන්සේලා , දේශපාලන බලයෙන් ජනතා මුදල් වලින් මන්දිර තනාගෙන  වෛරය දේශනා කරන පැවිද්දන්   කාමභෝගී අසපු  කල්ට් සාදාගෙන සිටින පියරු දේශකයන් , මැර බලය පෙන්වමින් සිවුරු උස්සාගෙන උද්ඝෝෂණය කරන සංඝ අයියලා වැනි අධ්‍යාත්මිකව අතරමං වූ පිරිසකි . 

එවැනි පිරිසකට බෞද්ධයාට දැණුම , නායකත්වය දීමේ නොහැකියාවෙන් පෙළෙති. එම නිසා මෙවැනි සංඝ ප්‍රතිරුපකයන් දේශපාලකයන් වන්දනාවේ නිරත වෙති. එබැවින් දේශපාලකයන් ඉදිරියේ මොවුන් තමන්ගේ පෞර්ෂය බිඳ ගනිති.

අද බහුතරයක් භික්ෂුන්වහන්සේලා නුගත්ය , යන්තම් පන්සිල්පද ටිකක් කියා පින් දී මතුපිටින් බණක් අතගානවා හැරෙන්නට  බුද්ධියට , අධ්‍යාත්මයට ආමන්ත්‍රණය කරමින් බණ කීමට ඔවුන්ට නොහැකිය.  බොහෝ දෙනෙකු බුදු බණ ගැඹුරින් දන්නේද නැත. බුදුන් වදාළ ධර්මය  හැටි කියවන්නේද නැත. 


එසේ කියවීමේ උනන්දුවක්ද නැත.  වර්තමානයේ අපගේ භික්ෂුන්ගෙන් බොහෝ දෙනෙකු පාලි , ඉංග්‍රීසි වැනි   භාෂා ද නොදනිති. අනගාරික ධර්මපාලතුමා පවා භික්ෂුන්  ඉංග්‍රීසි ඉගන  ගත යුතු බවට නිර්දේශ කොට තිබුනද අපගේ පන්සල් වල ඒ සඳහා අවකාශ නැත. මේ භික්ෂුන්ට ඉංග්‍රීසියෙන් දැණුම සොයාගෙන යා නොහැක. සමහර භික්ෂුන් ඉංග්‍රීසි ටිකක් ඉගන ගන්නේ දැණුම වර්ධනය කර ගැනීමට නොව පිට රටක පන්සලකට ගොස් සැප පහසුව ජිවත් වීමටය. 

නමුත් මෙවැනි භික්ෂුන්ට සුද්දන්ට බණක් කිමටවත් නොහැක. සුද්දා  දැනුමින් පොහොසත් නිසා ලංකාවේ ගම්බද නුගතුන්ට කියන බණ ඇසීමට ඔවුන් පිටරට තිබෙන අපේ පන්සල් වලට එන්නේ නැත.  ධර්ම දේශනා කිරීමට පිටරට ගොස් තිබෙන අපගේ යතිවරුන්ගෙන් බණ ඇසීමට  බටහිර  සුදු බෞද්ධයන් නොඑති.  ඔවුන් බුදු දහම ඉගෙන ගන්නේ අධ්‍යාත්මිකව පොහොසත් ටිබෙට් භික්ෂුන්ගෙන් හෝ තනියම ගැඹුරු ධර්ම පොතපත කියවීමෙනි. ඔවුන්ගේ ධර්ම දැනුමට අලගු තැබීමටවත්  අපගේ භික්ෂුන්ට නොහැක. 

මේ නිසා බටහිර රටවල අපගේ පන්සල් වල වැඩිපුරම සිටින්නේ ලංකාවේ මෙන් කල්ලි ගැසී රණ්ඩුවන එකිනෙකාගේ ඕපාදුප සොයන මධ්‍යම පන්තික සිංහල බෞද්ධ ඩයස්පෝරාවේ මූලරාශි සමුහයකි. එසේම හොරෙන් බටහිර රටවලට ගිය  ව්‍යාජ සිංහල සරණාගතයන්ද මේ පන්සල් වල එල්ලී සිටින්නේ තමන් ප්‍රජාවේ සංස්කෘතික වැඩ සඳහා දායක වන බවට ආගමන විගමන නිලධාරීන්ට පෙන්වා රටින් නෙරපිම ප්‍රමාද කර ගැනීමටය.
 

ලංකාවේ භික්ෂුන්වහන්සේලා තුල පවතින නුගත්භාවය   ධර්මය නිසි ආකාරව දේශනා කිරීමේ නොහැකියාව   නිසා වඳුරඹ සිරාලා , සමන්තබද්ද්‍රලා වැනි කපටීන් තමන්ගේ දේශනා මගින් නුගත් ජනතාව අද්දවා ගනිති. මේ නිසා ඔවුන්ට විරුද්ධව උද්ගෝෂණ  ,පහරදීම් කරනවාට වඩා ලංකාවේ භික්ෂුන්වහන්සේලාට දැණුම ලබා දීම කිරීම වැදගත් වේ. අද ලංකාවේ දෙමාපියන් ළමුන් මහණ කරවන්නේ ශාසනාලය  නිසා නොව ළමුන්ට  කෑම බීම දීමට  බැරිකම ,   දරුණු දරිද්‍රතාව නිසාය. 

නුගත් දුප්පත් දෙමපියන්නේ දරිද්‍රතාව නිසා සාසනයට ඇදී එති. පන්සලට  එන ළමයාගේ ළමා ලෝකය පන්සලේදී බිඳ දමනු ලැබේ. දෙමාපියන්ගේ ආදරය අහිමි වන ළමයා පන්සලේ වතාවත් කිරීම යන ලේබලය යටතේ උදේ සිට රෑ වන තුරු පන්සල ඇමදීම, වැඩිහිටි භික්ෂුන්ට වැඩ කර දීම වැනි මෙහෙකරු  සේවයේ  යොදවනු ලබයි. මහණ වන ළමයාට ළමා ලෝකය සොයාගෙන යාමට පන්සලේ ඉඩක් නොලැබේ. මේ හැර බොහෝ ළමා සාමනේරවරු වැඩිහිටි භික්ෂුන්ගේ ලිංගික අපයෝජන වලටද ලක්වේ. 

මේ හේතුවෙන් පන්සලේ සිට වැඩිහිටි භික්ෂුවක් ලෙස සමාජයට එන පුද්ගලයා තුල සමාජයට ආදරය කිරීමට වඩා ඇත්තේ වෛරය , හීනමානය, සහ පලිගැනීමයි. මේ නිසා ඕනෑම අන්තවාදී වැඩක් සඳහා මෙවැනි භික්ෂුන් පොළඹව ගත  හැක. එවැනි භික්ෂුන් ළඟ පෞර්ෂයක් නොමැත.

කාදිනල්තුමන් ළඟ පෞර්ෂයක් තිබේ. ඒ පෞර්ෂයට රාජ්‍ය නායකයා පවා හිස නමති. කාදිනල්තුමන් නියෝජනය කරන්නේ ලෝකයේ පැරණිතම  සංවිධානාත්මක   අපරාධ  ජාලය වන  වතිකානුවයි. වතිකානුව යනු ක්‍රිස්තුස් ගේ   නාමයෙන් ( Witch Hunt ) මගින් ලක්ෂ ගණනක මිනිසුන් මරා දැමු සහ ක්‍රිස්තු භක්තික බටහිර රටවලට අප්‍රිකාවේ , ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ ජන ඝාතන කොට සම්පත් කොල්ල කෑමට අනුමැතිය දුන් ආයතනයි. මේ ආයතනය මුල්‍යමය අතින් සහ දේශපාලනාමය අතින් බලවත්ය ලෙච් වැලේසා මගින් පෝලන්තයේ කොමිනිස්ට් පාලනය බිඳ දැමීමටද එයට හැකි විය. 


මේ නිසා කාදිනල්තුමන් හමුවේ අපගේ රාජ්‍ය නායකයන් හිස නැමීම පුදුමයක් නොවේ. ඉතාලියේ පවා Da vinci Code චිත්‍රපටය පෙන්වන විට ලංකාවේ එය තහනම් වන්නේ මේ හේතුවෙනි. නමුත් අස්ගිරි මල්වතු හිමිවරුන් ළඟ පෞර්ෂයක් නැත. ඕනෑම දේශපාලන හොරෙකුට අටපිරිකරක් දී උන් වහන්සේලා   දමනය කර ගත හැක.  උන්වහන්සේලා දේශපාලකයන්ගේ අකටයුතුකම් හමුවේ මුනිවත රකිති. පසුගිය මාසයේ දකුණේ දේශපාලකයන් සමුහයක් ලාබාල දැරිවියන් දුෂණය කළහ. මේ සමාජ අසාධාරණයන් ගැන වචනයක් අස්ගිරි මල්වතු හිමිවරුන් කීවේද ?

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails