Ads 468x60px

.

පේ‍්‍රමවන්තයා හොඳින් ඉන්නවා, නම නම් අහන්න එපා - ලෝචනා

අපි දෙන්නම හිතාගෙන ඉන්නේ ඒක පස්සේ කියන්න...

කසාද බඳින්නේ ලබන අවුරුද්දේ විතර...


මොකුත්ම කරන්න බැරි වුණොත් ත‍්‍රීවීලර් එකක් එළවලා කීයක් හරි හොයා ගන්නවා...

තමනුත් හිනාවෙලා වටේ ඉන්න අයත් හිනස්වලා සතුටෙන් ඉන්න කැමති කෙනෙක් තමයි ලෝචනා ඉමාෂි . ‘සිනාසී තරවෙන්න’ කියන කියමන ගැන ඇයට විශ්වාසයක් නෑ . ‘සිනාසී ලස්සන වෙන්න’ කියලා තමයි ලෝචනා කියන්නේ.

මේ දවස්වල කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල රවුමක් ගියොත් ටෙලා නාට්‍ය රූගත කිරීම් 10 ක්වත් දැක ගන්න පුළුවන් . විශේෂයෙන්ම පාර්ලිමේනතුව පැත්තේ . බණ්ඩාරගම , පිළියන්දල...

ලෝචනා හම්බවුණේ පාදුක්කෙදි .මේ දවස්වල රූගත කරන ‘සඳුපමා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුරේ . දර්ශන තලයක් හොයාගෙන කට්ටියත් එක්ක ඇවිදිනවා . දර්ශන තලයක් හම්බවුණා . ඒ අතරේ මේ ඇයත් සමඟ කල කතාබහක්.


ලෝචනා කටකාරයි කියන කතාව ඇත්තද?
ඒක දැනගන්න හොඳම කෙනා තමයි රවින්ද්‍ර විජේරත්ත මහත්මයා . මම දැනට ටෙලි නාට්‍ය 10ක විතර කරා නම් එයින් 8ක්ම කළේ එයාලත් එක්ක . මට කියන්නේ කටර් එක. ඉතුරු ටික නම් කියන්න බෑ. කතා කරලා

හිනාවෙලා හිනස්වලා ඉන්න එක හොඳයිනෙ ඉතින් අඩනවට වඩා.

ගෙදර අය මොකද කියන්නේ කටකාර දුවගේ රඟපෑම ගැන .
අපේ අම්මා එච්චර කැමති නෑ මම රඟපානවට . තාත්තයි ආච්චියි තමයි උදව් කරන්නේ . තාත්තා තමයි කාලයක් මගෙත් එක්ක රූගත කිරීම්වලට ආවේ . දැන් නම් ආච්චි එන්නේ .

අද ආච්චි නැද්ද ?
නෑ . මේ දවස්වල එයත් නෑ . ඒ වුණාට මේ සමපෝෂ හදලා දුන්නේ එයා . මට විටින් විට කන්න  ඕන. රූගත කිරීම්වලදී කීයට කන්න ලැබෙයිද දන්නේ නෑනේ. ඉතින් සමපෝෂ , බිස්කට් එහෙම අරන් එන්නේ. ආවම ඉතින් මට නෑ. උඩ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ .


ලෝචනා නිවේදන කටයුතුවලින් මුළුමනින්ම ඈත්වෙලාද?
මේ දවස් ටිකේ නම් එහෙම තමා . ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් සිදුකෙරෙනවා . වේදිකා නාට්‍යවල පුහුණුවීම්වලටත් සහභාගී වෙනවා . මම කැමති නිවේදන කලාවට . ඒත් ටෙලි නාට්‍යවලට දින වෙන් කර ගැනීමේදී ප‍්‍රශ්න එන නිසා තමයි මම නිව්දනයෙන් ටිකක් ඈත් වුණේ .

ඒ කියන්නේ ඔබ නිවේදනයට වඩා රංගනයට කැමතියි .
නෑ. දෙකටම එක වගේ කැමතියි . නිවේදනය තමයි මම මෙතෙන්ට එන්න හේතු වුණේ . අදටත් අපේ ගෙදර කට්ටිය කැමතියි මම නිවේදන කටයුතු කරගෙන ඉන්නවනම් . විශේෂයෙන්ම අපේ අම්මා. බලමු . මේ කලබල ගතිය අඩු වුණාම මම ආයෙත් නිවේදන කටයුතු කරනවා .

දීර්ඝ නාට්‍යවලට එක දිගට සහභාගී වුණාමත් කාර්යබහුල වෙනවා නේද?
ඔව් . මොනවා කරන්නද ? දීර්ඝ නාට්‍යවල ගුණාත්මක බව පිළිබඳව විවිධ කතා කියනවා . මම නම් මේවට සහභාගී වෙන්නේ මට හොඳ චරිතයක් ලැබුණොත් . ඒ චරිතය හොඳ නම් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක භාර ගන්නවා . ගොඩක් රූගත කිරීම් කරන්නේ කොළඹ අවට . ඒක නිසා අපට පහසුයි .

දීර්ඝ නාට්‍ය ගැන ගොඩක් අය කතා කරන්නේ නුහුරට . මේ ගැන මොකද හිතෙන්නේ .
නුහුරට කතා කළාට ගොඩක් අය බලන්නේ ඒවා . නාට්‍යයේ ගුණාත්මක බව තියෙන්නේ දීර්ඝද නැද්ද කියන එක මත නෙවෙයි කියලා මම හිතන්නේ . තිරපිටපතයි අධ්‍යක්ෂකවරයයි අතේ තමයි වැඩි වගකීමක් තියෙන්නේ .

වේදිකාවෙත් ඔබට දස්කම් පෙන්වන්න පුළුවන් වුණා .
ඔව් . ඒ ගැන නම් මම මුලින්ම රම්‍යා වනිගසේකර මහත්මියට ස්තුති කරනවා . මොකද මාව විශ්වාස කරලා මට ප‍්‍රධාන චරිතයක් රඟ දක්වන්න අවස්ථාව ලබා දුන්න නිසා . වේදිකාවේ වැරදුනොත් ඉතින් ‘කට්’ කියලා නතර කරන්න බෑනේ . ඒ නිසා හොඳ පුහුණුවක් තියෙන්න  ඕන .

වේදිකාව මට පාසලක් වගේ . දැන් මම වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් එක්වෙලා තියෙනවා .

ඔබ රඟපෑ ‘අභිනික්මන ’ චිත‍්‍රපටිය අපි තවම දැක්කේ නෑ .
ළඟදිම තිරගත වෙයි . තවම පෝළිමේ . හෙක්ටර් කුමාරසිරි මහත්මයාගේ මේ චිත‍්‍රපටියේ මම ප‍්‍රධාන චරිතයක් කළේ .සිනමාව කියන්නේ ලෙකු විෂයයක් . දැවැන්ත තිරයකින් අපේ හැම ඉරියව්වක්ම පේනවා හොඳ චිත‍්‍රපටියයක් ලැබුණා කියන්නේ දක්ෂ නළුවෙකුට හෝ නිළියෙකුට ගොඩ එන්න හොඳ අවස්ථාවක් 


ඔබේ පාසල් කාලය මතක් කළොත්
නුගේගොඩ අනුලා විද්‍යාලය . දැන් මාව කට්ටිය අඳුර ගත්තට ඒ කාලේ නම් මම දන්න කියන චරිතයක් නෙවෙයි . බෑන්ඞ් එකේ නම් හිටියා . උසස් පෙළ කරන කාලෙම නිවේදන කටයුතුවලට සහභාගී වෙන්න අවස්ථාව උදා වුණ නිසා උසස් පෙළ කරපු ගමන් සිරසට ආවා .

කැමති නම් දැන් ඔයාගේ වයස කියන්න .
තවම ඉන්නේ කට ඇරලා වයස කියන්න පුළුවන් වයසක . 24යි .

උසස් අධ්‍යාපන කටයුතු හදාරනවද ? නැත්නම් ඈත් වෙලාද ?
ඈත් වෙලා .ඒ කාලේ නම් හිතුවා අරක කරනවා මේක කරනවා කියලා . පාඩම් කරන්නේ කොහොමද මට තිරපිටපතක්වත් කියවන්න හිතෙන්නේ නැතුව.

ඔයා ජෝතිෂ්‍ය ගැන විශ්වාස කරනවද ?
ඔව් . මොකද වෙලා තියන දේවල් සහ අහලා තියෙන දෙවල් එක්ක විශ්වාස කරන්න වෙලා තියෙන්නේ .

හදිසියේවත් රඟපාන්න බැරිවෙලා  නිවේදනයටත් අවස්ථාවක් නැති වුණොත් මොකද කරන්නේ .
ඒකටත් දැන් බය වෙන්න දෙයක් නෑ.  රවින්ද්‍ර විජේරත්ත මහත්මයා ඒකටත් අවස්ථාවක් ලබා දුන්නා. ලබන මාසේ ඉඳලා ලස්සන නාට්‍යක් විකාශනය වෙනවා . ඒකේ මම ත‍්‍රීවීලර් එළවන ගෑණු ළමයෙක් . දැන් ඒ දේත් කරන්න පුළුවන් නිසා කවදාහරි මොකුත්ම කරන්න බැරි වුණොත් ත‍්‍රීවීලර් එකක් එළවලා කීයක් හරි හොයා ගන්නවා .

පේ‍්‍රමවන්තයා කොහොමද?
හොඳින් ඉන්නවා . නම නම් අහන්න එපා . අපි දෙන්නම හිතාගෙන ඉන්නේ ඒක පස්සේ කියන්න .

කවද්ද කසාද බඳින්නේ .
ලබන අවුරුද්දේ විතර.


Lochana Imashi
Srilankan actress Lochana Imashi
Srilankan Hot actress Lochana Imashi
Lochana Imashi hot
 
Related Posts with Thumbnails