Ads 468x60px

.

බොදු බල සේනාව වැටලූ දෙමටගොඩ ගව ඝාතකාගාරය සහ හොර හරක් ජාවාරම (පින්තූර)

මස් ලොරි නිදහස් කර ගන්නට විශාල උත්සහයක්...

හොර හරක් ජාවාරම පිළිබඳව බොදු බල සේනාවට ලැබුන තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ අප දෙමටගොඩ පරන ගව ඝාතකාගාරය අවට පාන්දර 2 සිට රැක සිට පාන්දර 4ට පමණ පොලිසිය සමඟ එම ස්ථානයට ඇතුලු වූ පසු අපට දැක ගත හැකි වුනේ හොර හරක් මරා මස් කර එම මස් කොළඹට රැගෙන ආ ලොරි රථ 6කි. 

එම රථ පනගන්වා තිබිය යුතු වුවත් එය එසේ නොවින. උදෑසන 6.30ට එක් ලොරියක් පනගැන්වින. ඉන් පසු එම මස් පරික්‍ෂා කර බලන වෛද්‍යවරයා පැමිණි පසු එම මස් පිළිබඳ අපි ඔහුගෙන් විමසා සිටියමුත් ඔහු ඊට පිළිතුරු දෙන්නට අසමත් වින. එම මස් පරික්‍ෂා කර බලන්නට අපිට ඉඩ නොදෙන්නට විශාල උත්සහයක් ගත් නමුත් අපේ උත්සහය අප අත් නොහැරියෙමු. 

වෙනදට එම රථ නිසි පරික්‍ෂාවක් නොකරම මොවුන්ගේ ආශිර්වාදය ඇතිව වෙළඳපොළට යන බවද අනාවරණය කර ගත්තෙමු. එමෙන්ම ඝාතක පනතට අනුව මරන්නට තහනම් වූ කුඩා ගව පැටව්න්ගේ හිස් කබල් විශාල ප්‍රමාණයක් ද, කිරි ගව දෙනුන්ගේ මස් ද, මී ගවයන්ගේ හිස් කබල්ද දක්නට ලැබින.

එමෙන්ම මෙම ගවයන් පිළිබඳ අදාල තොරතුරු ඉදිරිපත් කරන්නට ඔවුන් සතුව නිසි ලිය කියවිලි නොවීය. මෙම තිරිසන් ක්‍රියාවලිය කරගෙන යන්නට ඉහළ ඇත්තන්ගේ ආශිර්වාදය ලැබෙන බවද අප අනාවරණය කරගත්තෙමු. 

අන් සත්වයන්ගේ ජීවිත සොරා ගෙන ඒ මසේ කුණු රස විඳින්නට මේ මස් වැද්දන් මොන තරම් ගිජු ද යන්න අපි දැක්කෙමු. සියලු හොර වැඩ අනාවරණය වේ යැයි බියට පත් වූ මහ ඇත්තන් බොරු දහසක් කියමින් මස් ලොරි නිදහස් කර ගන්නට විශාල උත්සහයක් ගත් අතර ඊට අපෙන් කිසිදු ඉඩක් ලැබුනේ නැත. 

අන්තිමේදි සියල්ලන් ඉදිරියේ පොලිසිය වගකීම බාරගත් නිසා අප කොන්දේසි පනවා සියලු පරික්‍ෂණ කර වර්ථාවක් අපට ලබා දෙන බවට පොරොන්දු වූ පසු අප පොලිසියට ඉදිරි කටයුතු කරන්නට ඉඩ දී ඉන් ඉවත්වින... අපි තවදුරටත් මෙවැනි තිරිසන් ක්‍රියා කරන්නට ඉඩ දී බලා සිටිමුද?


 
Related Posts with Thumbnails