Ads 468x60px

.

මේ දවස් වල රෑට නින්ද යන්නේ නැතුව දාඩිය දාන හේතුව

වැඩිපුර ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි...

ලබන මස 05 වැනිදා වන විට රස්‌නය තවදුරටත් ඉහළට...

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින දැඩි උණුසුම ඉදිරි දිනවලදී තව දුරටත් වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දහවල් කාලයේ අහස වලාකුළු රහිත වීම හේතුවෙන් හිරුඑළිය සෘජුවම පොළොවට පතිත වන බවත්,
ඒ අනුව පොළොව රත්වීමෙන් ජල වාෂ්ප ඉහළට ඇදී ගොස්‌ හවස්‌ කාලය වන විට අහසේ වැහි වලාකුළු නිර්මාණයවීමත් මේ දිනවල සාමාන්‍ය කාලගුණික ක්‍රියාවලිය බව කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය මහත්මිය පවසනවා.

හිරුඑළිය සෘජුවම පොළොවට පතිතවීමත්, පොළොව රත්වීමත්, වාතයේ වැඩි වශයෙන් ජල වාෂ්ප රැඳීමත්, සුළං හැමීම ඉතා අඩුවෙන් සිදුවීමත්, තාපය මගින් ජලය ඉහළට ඇදගෙන යැමත් නිසා මිනිසුන්ට හා සතුන්ට දැඩි ලෙස රස්‌නය දැනෙන අතර ගහකොළ පොළව වියළී යන බවත් දහවල් කාලයේ දැකගත හැකි බව
මහත්මිය පවසනවා.

දහවල් කාලයේදී මුහුද අධිකව රත්වීමත්,
නිසා රාත්‍රියේදී මුහුදේ සිට ගොඩබිම දෙසට හමා එන සුළඟ උණුසුම් බවකින් යුක්‌තවීමත් නිසා රාත්‍රි කාලයේදී ද රස්‌නය දැනෙන බව ඇය සඳහන් කළා.

මේ නිසා වැඩිපුර ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වන බවත් හිරු ආවරණයක්‌ (කුඩයක්‌) භාවිත කළ යුතු බවත් පැවසූ
මහත්මිය සවස්‌ කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින් අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට සැලකිලිමත් වන ලෙස ද කීවා.

ලබන මස 05 වැනිදා වන විට ශ්‍රී ලංකාවට සෘජුව සූර්යයා පිහිටීම (ඉර මුදුන්වීම) නිසා ද
ආසන්න කාලවලදී රස්‌නය තවදුරටත් ඉහළ යන බව මහත්මිය සඳහන් කළා.
 
Related Posts with Thumbnails