Ads 468x60px

.

චතුරිකාගේ පෞද්ගලික ජීවිතයේ ඇති ගැටුම් නිසා නෙස්ටමෝල්ට්’ තානාපති ධූරයෙන් ඉවත් කරයි...

2008 ඉඳන් මේ දක්වාම තානාපතිනිය ලෙස කටයුතු කරලා...

ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියක වන චතුරිකා පීරිස් ‘නෙස්ටමෝල්ට්’ ලාංඡන තානාපති ධූරයෙන් ඉවත්කර ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

ඇගේ ගිවිසුම් කාලය මේ වසරේ අවසන්වීමට නියමිතව තිබූ අතර එය දීර්ඝ නොකිරීමට නෙස්ලේ ලංකා සමාගම කටයුතු යොදා ඇති බවද
පැවසෙනවා. කෙසේවුවද චතුරිකාගේ ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට හේතුවී ඇත්තේ
ඇගේ පෞද්ගලික ජීවිතයේ ඇතිකරගත් ගැටුම් බවද විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වෙනවා.

චතුරිකා 2008 වසරේ අග භාගයේ සිට මේ දක්වාම නෙස්ටමෝල්ට් ලාංඡන තානාපතිනිය ලෙස කටයුතු
කර තිබෙනවා.
 
Related Posts with Thumbnails