Ads 468x60px

.

ඉන්දරතන හිමිගේ ආදාහන පූජෝත්සවයේදී ජනතාව ඇමැති ජෝන්ට ‘හූ’ කිව්වේ ඇයි.?

ඇමැතිවරයා සිය කතාව අතරමග නවතා දමයි...

බලංගොඩ, බෝඅත්තේ ඉන්දරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ දී ගිහි කතාවක් පැවැත් වීමට සූදානම් වූ ස්වදේශ කටයුතු ඇමැති ‍ ජෝන් සෙනෙවිරත්න මහතාට බාධා කරමින් රැස් වී සිටි විශාල පිරිසක් ‘හූ’ කියන්නට පටන් ගත්හ. 

ඒ හේතුවෙන් ඇමැතිවරයාට සිය කතාව අතරමග නතර කරන්නට සිදුවිය. ඇමැතිවරයාට ප්‍රථම ආචාර්‍ය ඕමල්පේ සෝභිත, මහාචාර්‍ය කෝංගස් තැන්නේ ආනන්ද යන හිමිවරුන් ඇතුළු තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අනුශාසනා කතා පැවැත්වූහ. 

අනතුරුව සබරගමුව පළාත් සභාවේ පළාත් මාර්ග ඇමැති අතුල කුමාර රාහුබද්ධ,අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද කතා පැවැත්වූහ.

පසුව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා රැස්ව සිටි පිරිස අමතන්නට සූදානම් වූ අවස්ථාවේ ජනතාව ‘හූ’කියන්නට වූහ. ඒ නිසා ඇමැතිවරයා සිය කතාව අතරමග නවතා දැමුවේය. 


මේ 'හූ' හඬ මධ්‍යයේ තමන්ගේ කතාව කරගෙන යෑමට ඇමැතිවරයා උත්සාහ දැරුවද එය අසාර්ථක වූ අතර, ඇමැතිවරයාගේ එම උත්සාහය නිසා ජනතාවගේ විරෝධය තවත් වැඩි විය.

මේ විරෝධය මැඬපැවැත්වීමට උත්සාහ දැරූ පොලිසිය දෙසටද වතුර බෝතල් ප්‍රහාර කිහිපයක් එල්ල කරනු දක්නට ලැබිණි.ඉන් පසු ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ මැදිහත් වීමෙන් එම විරෝධය තාවකාලිකව නැවැතුණු අතර බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට නිවන්සුව පතමින් ඇමැතිවරයා තම කතාව කඩිනමින් අවසන් කෙළේය.

කතාව අවසන් කිරීමෙන් පසු ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ ආධාරකරුවන් සහ අවමංගල්‍ය උත්සවයට පැමිණි භික්‍ෂුන්වහන්සේ හා ජනතාව අතර ගැටුමක්ද ඇතිවිය. මේ නිසා ආදාහන පූජෝත්සවයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනිණි.


මෙහිදී ඕමල්පේ සෝභිත හිමියේ මයික්‍රෆෝනය ගෙන ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඇමැතිවරයාට කතා කරන්නට ඉඩ ලබා දෙන ලෙසයි. අනතුරුව ඇමැතිවරයා යළි කතා කොට අවසාන වෙද්දී ජනතාව ‘හූ’ කියන්නට වූහ. හයදහසකට ආසන්න ගිහි පිරිසක් සහ හය සියයකට ආසන්න පැවිදි පිරිසක් ආදාහන පූජෝත්සවයට සහභාගී වූහ.

 
Related Posts with Thumbnails