Ads 468x60px

.

බොන්න වතුර ඉල්ලූ රතුපස්වල විරෝධතා කරුවන්ට වෙච්චි දේ මෙන්න (වීඩියෝ)

යුධ හමුදාව රතුපස්වල විරෝධය විසුරුවා හරී,..

විරෝධතාවයට රබර් උණ්ඩ, කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර… 

මාධ්‍ය වේදීන් ඇතුළු කිහිප දෙනෙක් තුවාලයි.

විරෝධතා කරුවෙකුත් මියයයි…

විනිග්‍රෝස් නම් කර්මාන්ත ශාලාවකින් පිට කරන රසායනික අපද‍්‍රව්‍ය හේතුවෙන් රතුපස්වල ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ඇතිවී තිබෙන පානීය ජල ගැටලුව සම්බන්ධයෙන් පැවති විරෝධතාක් පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා

එම විස්තරය මෙතනින්
http://www.hotandfastnews.com/2013/07/blog-post_5239.html

එම විරෝධතාවයේදී එක් අයෙකු මිය ගොස් 41 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව පොලීසිය පවසනවා. මිය ගිය 22 හැවිරිදි
තරුණයාගේ සිරුර මේ වන විට ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති අතර සෙසු තුවාලකරුවන් ගම්පහල වතුපිටිවලල උඩුපිලල රාගම යන රෝහල්වල සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධියෙන් වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ යුධ හමුදා සාමාජිකයන් 10 දෙනෙක් තුවාල ලබා සිටිනවා. දැනට ප්‍රදේශයේ ආරක්ෂාව යුද හමුදාව සහ පොලීසිය එක්ව තරකර තිබෙනවා.
මේ වනවිට පානීය ජල ගැටලුව පිළිබඳව අවසන් වාර්තාව ලැබෙන තෙක් ‘වින්ග්‍රෝස්’ කර්මාන්ත ශාලාව වසා තැබීමට තීරණය වී තිබෙනවා.

රතුපස්වල විරෝධය විසුරුවා හැරීම පිලිබඳ දෙරණ වීඩියෝව පහතින්
රතුපස්වල විරෝධය විසුරුවා හැරීම පිලිබඳ සිරස වීඩියෝව පහතින්



එහි තවත් විස්තර පහතින්

ගම්පහ , වැලිවේරිය , රතුපස්වල ප්‍රදේශයේ ඇතිවී තිබෙන ජල ගැටළුව සම්බන්ධයෙන් පැවති උද්ඝෝෂණය අතරවාරයේ ආරක්ෂක අංශ සහ ජනතාව අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් විසිදෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මෙම ගැටුම්කාරී තත්ත්වයෙන් එක් පුද්ගලයෙකු ඊයේ රාත්‍රීයේ ජීවිතක්ෂයට පත්වූ අතර හෙතෙම අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකි. ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් ගම්පහ සහ වතුපිටිවල යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

වැලිවේරිය, නැදුන්ගමුව ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලාවකින් පිටකෙරෙන විෂ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පානීය ජල ගැටළුවක් මතුව ඇති බවට පවසමින් ඒ සඳහා නිසි විසදුම් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මීට නිසි විසදුමක් නොලැබීමත් සමඟ ප්‍රදේශවාසීන් පසුගිය 27 වැනිදා වැලිවේරිය ප්‍රදේශයෙන් නව නුවර මාර්ගය හරස් කරමින් විරෝධතාවයක් ආරම්භ කරන ලදී.

අනතුරුව පසුගිය 28 වැනිදා ඔවුහු වැලිවේරිය , නැදුන්ගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව ඉදිරිපිටට රැස්වී විරෝධතාවයක් ආරම්භ කළහ. මේ අතර ඊයේ දිනයේදී ජල ගැටළුවට මුහුණ දෙන වැලිවේරිය , හීන්පන්විල ප්‍රදේශයේ ජනතාව වීදි බැස උද්ඝෝෂණයේ නිරත වූහ.

මොවුන් ඊයේ දහවල් සිට රාත්‍රී 9.00 පමණ වන තුරුම කඩුවෙල බැලුම්මහර, නවනුවර මාර්ගයේ වැලිවේරිය හන්දියේ උද්ඝෝෂණයේ නිරත වූ අතර උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගය පැය කිහිපයක් වසා තැබුණි.

පසුව ආරක්ෂක අංශ විසින් මාර්ගයෙන් ඉවත් වීමට ජනතාවට දැනුම්දීමත් සමඟ ජනතාව සහ පොලිසිය අතර කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් හට ගත් අතර එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා යුධ හමුදාව ද කැඳවන ලදී. මෙම අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වය ගැටුමක් බවට පත්වූ බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කරයි.

ආරක්ෂක අංශ විසින් ජනතාවට පහරදෙමින් පිරිස විසුරුවා හැරීමට උත්සාහ කරද්දී ප්‍රදේශවාසීන් විසින් පෙරළා පොලිසියට ද ගල්මුල් ප්‍රහාර එල්ල කළහ.

ආරක්ෂක අංශ සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව සඳහන් වන අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් ඊයේ රාත්‍රී 12 පමණ වන තුරුත් ගම්පහ රෝහල වෙත රැගෙන ආ බව වාර්තා වේ.

එසේම වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජලය අපවිත්‍රවීමට හේතුව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති අතර ඊට ජල සම්පාදන මණ්ඩලය, විශ්ව විද්යාල, සහ අදාළ අංශ ඒකාබද්ධව මෙම පරික්ෂණ සිදුකිරීමටයි තීරණය වී ඇත.

සති දෙකක් ඇතුළත අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කිරීමටත් තීරණය වී ඇත. වැලිවේරිය ප්‍රදේශයේ නියෝජිතයන් කිහිප දෙනෙකු සහ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් භෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.

එමෙන්ම අදාළ පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට ත්, ජල ගැටළුවට නිසි විසදුම් ලබා දෙන තුරු ප්‍රදේශයට අවශ්‍ය පානීය ජලය බවුසර් මගින් ලබා දීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම ප්‍රදේශයට ජලය ලබාදීම සඳහා නව ජලනල පද්ධතියක් සකස් කිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.  ‘වින්ග්‍රෝ’ කර්මාන්ත ශාලාව වසා දමයි.

 
 
 
 
 
Related Posts with Thumbnails