Ads 468x60px

.

ගොන් තකතීරු හිනා යන ප‍්‍රශ්න අහන රුපවාහිනී ලොක්කෙක් මෙන්න...

මේ මනුස්සයගෙ තකතීරු කතා වලට බඩ පැලෙනකම් හිනා යනවලු...

ජාතික රූපවාහිනිය කියන්නේ මේ රටේ රුපවාහිනී අතර ජාතික නාලිකාව කියල නාම විශේෂනයකින් යුතුව හඳුන්වන රාජ්‍ය නාලිකාව. 

මේ නාලිකාවේ මුල් පුටු වලට වගකිව යුත්තන් පත් කරන්නේ දේශපාලන හිතවත් කම් වලට. 

ඒ අයට සුදුසුකම් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේ දවස්වල රූපවාහිනියට පත්වෙලා ඉන්න ලොක්කෙක් (සඳ පාල) මෙරට සිටින ප‍්‍රවීණ කලාකරුවන් සම්බන්ධව කරණ සෞන්දර්යයාත්මක වැඩ සටහනක් පිළිබඳව යම් යම් විමසීම් කරලා තියෙනවා. 

එහිදී ඉදිරියේදී කරන්නට යෝජිත කලාකරුවන්ගේ නාම ලේඛණයක් අදාල ඉහළ නිළධාරියාට යොමු කළ විට 'අනුලා කරුණා තිලක' කියන්නේ කව්දැයි ඔහු අසා තිබෙනවා.

'අනුලා කරුණාතිලක' කව්දැයි නොදන්නා ඔහු ජාතික රපවාහිනිය නැමැති ජනතාවගේ නාලිකාවේ ප‍්‍රධාන පුටුවකට පත්වීම පුදුම සහගත වෙනවා. මේ කාරණය සම්බන්ධව රුපවාහිනිය තුළ පමණක් නෙමේ රූපවාහිනියෙන් පිටතටත් ඉතා වේගයෙන් ඉගිල ගියා.

ඔහු තවත් එවැනිම ගොන් තකතීරු හිනා යන ප‍්‍රශ්න අහල තිබෙනවා. අනිත් එක තමා සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යකට හරි විචිත‍්‍රාංගයකට හරි අපි දර්ශණ තළ නරඹන්න යනවා වැඩ සටහනට අදාලව. මේකට 'ලොකේෂන් සර්වේ' කරනවා කියලා තමයි කියන්නේ. 

ඉතින් මේ නිළධාරියා ඇහුවලූ "මොකක්ද මේ ලොකේෂන් සර්වේ කරනවා කියන්නෙ" කියලා. ඉතින් එතන හිටපු අය කිව්වලූ දර්ශණ පසුතල හොයනවා කියන එක කියලා. 

ඒ නිළධාරියා කට්ටියගෙන් ඇහුවලූ 'ගූගල් මැප් එකෙන් ලොකේෂන් සර්වේ එක කරන්න බැරිද කියලා'. මේ කතාවටනම් රුපවාහිනියෙ අය විතරක් නෙමේ එලියෙ ඉන්න අයත් බඩ පැලෙනකම් හිනාවෙලා මේ මනුස්සයගෙ තකතීරු කතාවලට.

කලාකරුවන් සහ අදාල විෂයන් සම්බන්ධව මෙලෝ දෙයක් නොදන්න මෙවැනි නිළධාරීන් පත්වීම කාගේ අවාසනාවදැයි නොතේරේ.
 
Related Posts with Thumbnails