Ads 468x60px

.

විදුහල්පතිලාගෙන් අම්මලා බේරා ගන්නට නම්...!


දරුවාගේ මව එක්වරක් 
සිප වැලඳගෙනලු...

"එක වසරට දරුවා දාන්න ගිහින් විදුහල්පති ඇඳන් සිටි තුවායත් පිටින් මාට්ටු වුනේ මෙහෙමයි" යන නමින් කොට්ටාව ආනන්ද විදුහලේ 2014 පළමු වැනි වසර සඳහා සිසුවකු ඇතුළත් කර ගැනීමට එම දරුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නට තැත්කළ විදුහල්පති වරයෙක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

දැන් එතුමා අමාරුවේ වැටී ඇත. සිටින්නේ අත්අඩංගුවේය. පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම පිළිබඳ සිද්ධිය ඊට මුල් වී ඇත. 

දරුවාගේ පියා අල්ලසක් හැටියට රුපියල් තිස් දහසක මුදලක් දෙන්නට කැමැත්ත පළකර සිටියේය. එහෙත් විදුහල්පති තුමාගේ සිත ගොස් ඇත්තේ වෙනත් අල්ලසක් කෙරෙහිය. 

එනම්, දරුවාගේ මවගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීම ය. අන්තිමේ වැඩේ මාට්ටු වී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් විදුහල්පති තුමන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ විදුහල්පතිතුමාගේ වයස අවුරුදු පනස් හතක් යැයි කියති. අවු: 57 ක් යනු තළතුනා මිනිසෙකි. ඔහු තරුණයෙක් නො වේ. ඔහුට දරුවන් සිටිත්දැ’යි අපි නොදනිමු. ඔහුට බිරියක් සිටිත්දැ’යි අපි නො දනිමු. 


බිරියක හා දරුවන් සිටියේ නම්, ඔවුන් ද සමාජය ඉදිරියේ ගර්හාවට ලක් වනු ඇත. මේ විදුහලටත් එහි ගුරු මණ්ඩලයටත් එම ඉරණමට මුහුණ දීමට සිදුවනු ඇත. 

ගුරුවරයා දෙවියකු කොට සලකන සමාජයක ගුරුවරයා සල්ලාලයකු වූ විට ඇතිවන කැලඹීම ගැන අමුතුවෙන් කිව යුතු නැත. විදුහල්පතිවරයා යනු ගුරු මණ්ඩලයක නායකයෙකි. ඔහු සල්ලාලයෙක් නම්, අන් අය ගැන කවර කතා ද?

අපගේ දැනුමට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විදුහල්පති වරුන් ගෙන් භාගයක ම චරිතය හොඳ නැත. ගුරුවරුන්ගේ තත්ත්වය ද ඊට දෙවන වන්නේ නැත. අල්ලස්කාරයෝ, සල්ලාලයෝ, බේබද්දෝ හා කප්පම්කාරයෝ මේ අතර සිටිති. 


ඇතැම් දරුවකු පාසලේ ක්‍රිකට් කණ්ඩායමට හෝ බොක්සිං කණ්ඩායමට හෝ බඳවා ගනු ලබනුයේ දරුවාගේ මවගෙන් ක්‍රීඩා ගුරුවරයාට ලිංගික අල්ලසක් ලැබුණොත් පමණි. 

දරුවාගේ අනාගතය ගැන කල්පනා කොට එම තුප්පහි කාරණයට එකඟ වන අම්මලා ද සිටිති. ඉක්බිති අර ගුරුවරයාගෙන් අම්මාට බේරුමක් වන්නේ ද නැත. එබඳු සිදුවීම් නිරන්තරයෙන් ම අසන්නට – දකින්නට ලැබේ.

කොට්ටාව ආනන්ද විද්‍යාලයයෙහි සිද්ධියට සම්බන්ධ තරුණ මව ශ්‍රේෂ්ඨ කාන්තාවක සේ හඳුන්වා දෙන්නට කැමැත්තෙමු. ඇයට විදුහල්පතිගේ ඉල්ලීමට එකඟ වී එය රහසක් ලෙස තබාගෙන මුදල ඉතිරි කරගන්නට තිබිණි. 


දරුවා පාසලට ඇතුළත් කරගන්නටත් තිබිණි. එහෙත් මේ මව තමන්ගේ චරිතය ගැන කල්පනා කොට සැමියා සමඟ ද සාකච්ඡා කරමින් ඉතා බුද්ධිමත් තීන්දුවක් ගෙන තිබේ. ඕනෑ ම අපරාධයකට එරෙහි ව ක්‍රියා කළ හැකි නෛතික රාමුවක් තිබේ. 

නීතිය අතට නොගෙන එලෙස කටයුතු කිරීම හැම අතකින් ම වැදගත් ය. කළ යුතු සුදුසු ම දේ මව විසින් කරනු ලැබ තිබේ. එනම්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීම ය.

මෙබඳු පාහර විදුහල්පතිලාගේ කැරැට්ටුව සමාජය ඉදිරියේ දිගහැරිය යුතුය. විදුහල්පතිවරයා මේ දරුවාගේ මව වරක් සිප වැලඳගෙන ඇතැයි ද දැනගන්නට ලැබේ. විදුහල්පතිවරයා කෙතෙක් හැඟීම්බර ලෙස කටයුතු කර තිබේද යන්න ඉන් සනාථ වේ. 


ගැහැනියක දුටු සැණෙන් භාව - ප්‍රකෝප කරගන්නා විදුහල්පතිවරුන් ගුරු සේවයට ගැළපෙන්නේ නැත. මෙවැනි අයගෙන් අම්මලා පමණක් නො ව; ගුරුවරියන් හා සිසුවියන් ද බේරාගත යුතු ය. 

මන්ද? විදුහල්පතිවරයකුට තම පාසලේ කටයුතු සම්බන්ධයෙන් ඒකාධිකාරී බලය හිමි වී තිබේ. දරුවකු පාසලකට ඇතුළත් කර ගැනීම, පන්තියක් තෝරා දීම, ගුරුවරුන් මාරු කිරීම වැනි සංවේදී අවස්ථාවල තීරකයා විදුහල්පති වන්නේ ය.

අප දන්නා පරිදි, නවක ගුරුවරියනට ලිංගික බලපෑම් කරන විදුහල්පති වරු සිටිති. සිසු/සිසුවියනට බලහත්කාරකම් කරන විදුහල්පති වරුද සිටිති. හෙළිදරව් වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සිදුවන විශාල අයථා සිදුවීම් ගොන්නකින් එකක් - දෙකක් පමණි. 


බොහෝ අම්මලා අනවශ්‍ය කරදරවල පැටලෙන්නට කැමැති නැත. දරුවකු පාසලකට ඇතුළත් කිරීම යුද්ධයකින් ජය ගැනීම බඳු කාරණයකැ’යි කියති.

යුද්ධයකින් ජයගැනීම සඳහා ඕනෑ ම කැපවීමක් කිරීමට මිනිස්සු ඉදිරිපත් වෙති. දරුවකු පාසලකට ඇතුළත් කිරීම අමාරු රාජකාරියෙකි. පාසලකින් ඉවත් කළ දරුවකු තවත් පාසලකට ඇතුළත් කිරීම ඊටත් අමාරු රාජකාරියෙකි. ඒ සියල්ලෙහි තීරකයා වන්නේ විදුහල්පති ම ය.

මීට වසර කිහිපයකට පෙර ගම්පහ පළාතේ පාහර විදුහල්පතිවරයකු කළ සිද්ධියක් අප සිහියට නැඟේ. දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා මුදලින් අල්ලසක් ගත් ඔහු දෙවනුව ලිංගික අල්ලසක් ද මවගෙන් ඉල්ලා සිටියේය. 


පාසල පටන් ගැනීමට දිනක් පමණ තිබිය දී කළ මේ ඉල්ලීම පැහැර හරින්නට මවට නොහැකි විය. ඇය සිය සැමියාට නොදන්වා විදුහල්පති වරයා හමුවී ඇත. ඉන්පසු විදුහල්පතිවරයා දිගින් – දිගටම මේ මව හමුවීමට පටන්ගෙන තිබේ. 

මේ බව දැනගත් විදුහල්පතිවරයාගේ බිරිය කලබලයක් ඇතිකොට දරුවා පාසලෙන් ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. අවසානයේ දරුවාගේ මවත් – පියාත් වෙන් වූ අතර දරුවාට පාසලක් ද අහිමි විය.

අතීතයේ නම්; මේ රටේ ගුරුවරු මනා හික්මීමකින් යුතු ආදර්ශවත් පුද්ගලයෝ වූහ. ඔවුන් සිය රාජකාරිය කැප කර සිටියේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ය. එය පොදු සේවාවක් ලෙස සලකා ඔව්හු කටයුතු කළහ. 


මාපියන්ගෙන් හුනු කූරක දෙයක් තරම්වත් ඔවුන් ගත්තේ නැත. දිළිඳුම දරුවන් උදෙසා තම පඩිපතෙන් පොත්පත් රැගෙන දුන් ගුරුවරු එදා අනන්තවත් සිටියහ. ගුරුවරයා දෙවියකු කොට සලකන්නට අපේ සමාජය පෙළ ගැසෙන්නේ ද එම හේතුව නිසා ය. 

එදා ගුරුවරයා ආදර්ශවත් ය. බුද්ධිමත්ය. ඔව්හු දරුවා හොඳින් වටහාගෙන ඔවුන්ගේ කුසලතා වර්ධනයට මඟ පෙන්වූහ. ඒ වෙනුවෙන් මාපියන් ගෙන් කිසිවක්ම නොගත්හ.

අපේ ගුරු සේවය දූෂ්‍ය වන්නට පටන් ගත්තේ පාසල් අධ්‍යාපනය සඳහා මතු වූ අධික තරගයත් සමඟ ය. එම තරගයේ දී සියලු දෙනා ම ජනප්‍රිය පාසල් සොයා තරගයක යෙදෙන්නට පටන් ගත්හ. ඒ සමඟම ආදි ශිෂ්‍ය සංගම්, පාසල් සංවර්ධන කමිටු ආදිය බිහි විය. 


මේ සියල්ලෙහි ප්‍රධානියා හෙවත් නායකයා වන්නේ ද විදුහල්පතිය. ඔහු හැම අතින් ම බලය පවරාගන්නා පුද්ගලයකු වූ අතර ව්‍යාජ හේතු දක්වමින් මුදල් එක්රැස් කරන්නකු බවට ද පත් විය. මේ සියල්ල පසුපස ආදි ශිෂ්‍ය සංගම් හා පාසල් සංවර්ධන කමිටු ආදී සංවිධාන ඇති බව ද පිළිගත යුතුය.

කොට්ටාව ආනන්ද විද්‍යාලයීය සිද්ධියේ දී එම දරුවා පාසලට ගැනීම සඳහා සියලු සුදුසුකම් සපුරා සිටි බව ද දැනගන්නට ලැබේ. විදුහල්පති වරයා මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇත්තේ ඊට අමතර වශයෙන්ය.


ඇතැම් විට මේ තක්කඩියා මුදල හා ලිංගික අල්ලස යන දෙක ම ගන්නටත් ඉඩ තිබිණි. මෙබඳු සල්ලාලයන් විදුහල්පතිකමට තබා මාළු ලෑල්ලක මාළු කපන්නටවත් වටින්නේ නැත.

අපගේ මීට‍පෙර පුවත
එක වසරට දරුවා දාන්න ගිහින් විදුහල්පති ඇඳන් සිටි තුවායත් පිටින් මාට්ටු වුනේ මෙහෙමයි..
 
Related Posts with Thumbnails