Ads 468x60px

.

ලිංගික අල්ලස් ලබා ගන්නට තැත් කළ විදුහල්පති සෙම සොටු පෙරාගෙන බන්ධනාගාරය තුළ වැටිලා

විදුහල්පතිට බන්ධනාගාරයේදී හිරිහැර...

දරුවකු පාසලට ඇතුළත් කිරීම සඳහා තරුණ මවකගෙන් ලිංගික අල්ලසක්‌ ගැනීමට තැත් කරද්දී අල්ලස්‌ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් කොට්‌ටාවේ විදුහල්පති වරයාට කොළඹ බන්ධනා ගාරයේදී රැඳවියන්ගේ විවිධ හිංසාවලට ලක්‌වීමට සිදුවී ඇතැයි අප වෙත වාර්තා වෙනවා.

මෙම තත්ත්වය මත මෙම සැකකරු සෙම සොටු පෙරාගෙන බන්ධනාගාර මැදිරිය තුළ වැටී සිටියදී බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර ඔහුට කිසිදු රෝගයක්‌ නැති බවට වෛද්‍යවරයා නිර්දේශ කිරීම නිසා යළිත් එම හිර මැදිරියටම ඔහු එවා ඇත.


අල්ලස් ගැනීම සඳහා කප් ගැසූ ආයතන ගැන පසුගිය සතියේ වැඩි කතාබහකට ලක් වූයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ගෙවුණු හත්මාසයේ ලැබුණු පැමිණිලි ගැන මාධ්‍ය වාර්තා කිරීමත් සමගය. ඒ අතර ප‍්‍රථම ස්ථානයට පැමිණියේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයය.

පසුගිය හත් මාසයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි 1,954ක් ලැබී තිබුණු අතර ඉන් පැමිණිලි 285ක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ පැමිණිලිය. තවත් රාජ්‍ය නොවන සංවිධානයක් මගින් කළ සමීක්ෂණයකට අනුව අල්ලස් ගැනීම් අතර දෙවැනි තැනට පත්ව සිටියේ අධ්‍යාපනයයි.


අල්ලස්වලට අධ්‍යාපනය කප් ගසන බව තව තවත්
සනාත වූයේ පසුගිය බ‍්‍රහස්පතින්දා (5) සවස වාර්තා වූ සිද්ධියකිනි. ඒ විදුහල්පති වරයකු ලිංගික අල්ලස් ගැනීමේ චෝදනාවකට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අත්අඩංගුවට ගැනීම නිසාය.

2014 වසරට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ වූයේ මීට මසකට පමණ පෙරය. ඒ අනුව යමින් කොට්ටාව ප‍්‍රදේශයේ විද්‍යාලයකට ද අයදුම්පත් ගලා එන්නට විය. එහි සම්මුඛ පරීක්ෂණ අරඹා අවසන් වූ අතර ලකුණු පටිපාටිය ලබාදීමට නියමිතව තිබිණි.

සෑම මවකගේ ම අරමුණ තම දරුවා හොඳයැයි සම්මත පාසලකට කෙලෙස හෝ ඇතුළත් කිරීමය. ඒ අනුව එම පාසලට නුදුරු පෙදෙසක මවක ද අයදුම්පත් යොමුකර තම දරුවා සම්මුඛ පරීක්ෂණයට යොමු කළාය.

මේ අතර පසුගිය සතියේ එම මවට විදුහල්පතිගෙන් පණිවුඩයක් ලැබිණි. ඒ සම්මුඛ පරීක්ෂණයෙන් ඇගේ දරුවා අඩු ලකුණු ලබාගෙන ඇති බව කියමිනි. ලකුණු අඩු නිසා දරුවා පාසලට ගැනීමේ ගැටලූවක් ඇති බවත්, තමාට හොඳින් සැලකුවොත් දරුවා ඇතූළු කිරීම ගැන සලකා බැලිය හැකි බවත් විදුහල්පති කියා ඇත.

”සර්ට මොනවද  ඕන?” යැයි මව පෙරළා විමසද්දී විදුහල්පති ලබා දී ඇත්තේ හරි අපූරු පිළිතුරකි. ඒ තමා සමග හෝටල කාමරයකට යන්න එන ලෙසයි. ඒ සමගම මුදල් අල්ලසක් ද ඉල්ලා ඇතැයි කියති.

දරුවා කෙසේ හෝ පාසලට ඇතුළු කිරීමේ වුවමනාව මවට තිබුණත් විදුහල්පති සමග යහන් ගතවී තම ආත්මය පාවාදීමට ඇය අකමැති වූවාය. ගැටලූ රැසකට මැදිවූ ඇයට පිළිසරණ වූයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමයි. 


ඇය තමාට මුහුණ පාන්නට සිදුවූ දේ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළාය. මෙවැනි අකට යුත්තකට තවත් කාන්තාවකට මුහුණ පාන්නට ඇති අවස්ථාව අහිමි කිරීම ද ඇගේ අරමුණක් වන්නට ඇත.

ඒ අනුව ඇය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට තම දුක්ගැනවිල්ල ගැන පැමිණිලි කළාය. අල්ලස් කොමිසම ද ඉදිරි පියවර කුමක් ගන්නේදැයි සාකච්ඡුා කර විදුහල්පතිගේ ඉල්ලීමට එකඟ වන ලෙස ඇයට දැන්වීය.

ඒ අනුව පසුගිය බ‍්‍රහස්පතින්දා දහවල් කාන්තාව මුණ ගැසුණු විදුහල්පති ඇය සමග වේරහැර කාමරයකට ගියේ තම ආශාවන් ඉටුවූ බවට සිහින මවමින් විය හැකිය. එය සිහිනයක්ම පමණක් විය. 


විදුහල්පති කාන්තාව සමග කාමරයකට ගොස් දොර වසා ගත්තා පමණි. එතෙක් වේලා බලා සිටි අල්ලස් කොමිසමේ නිලධාරිහු කාමරයට කඩා වැදුණහ. විදුහල්පති අත්අඩංගුවට පත් විය.

විදුහල්පතිවරයකු විසින් ලිංගික අල්ලස් ලබා ගත් පළමු සිදුවීම මෙය නොවේ. පසුගිය වසරේ දෙසැම්බරයේ මෙවැනිම සිදුවීමක් වාර්තා වූයේ කුරුණෑගල පාසලකිනි. එය ද මීට තරමක් සමාන කතාවකි. 


පාසලට ළමයකු ඇතුළු කිරීමට ගිය විට සුදුසුකම් මදි යැයි කී විදුහල්පති මවගෙන් ඉල්ලූවේ ඔහු සමග සයනගත වන්නට අවස්ථාවකි. එය ලබා දුනහොත් දරුවා පාසලට ගන්නා බව විදුහල්පති පවසා ඇත.

කර කියා ගත දෙයක් නැති තැන ඊට කැමැත්ත පළ කළ මව කැටුව විදුහල්පති ගියේ පොල්ගහවෙල ගෙස්ට් හවුසියකටය. විදුහල්පතිගේ මේ නොමනා කි‍්‍රයාව ගැන පොල්ගහවෙල පොලීසියට තොරතුරක් ලැබිණි. පොලිස් නිලධාරිහු වහා කි‍්‍රයාත්මක වූහ. ගෙස්ට් හවුසිය වැටලූහ. විදුහල්පති පොලිස් අත්අඩංගුවට පත් විය.

කොළඹ පාසලක් සම්බන්ධයෙන් 2011 නොවැම්බර් 26 වැනි දා නිකුත් කැරුණු විමර්ශන වාර්තාවක ලිංගික අල්ලස් ලබාගැනීමක් ගැන සඳහන් වුවත් එහි ”ලිංගික අල්ලස්” යන වචනය භාවිත කර නැත.

එම වාර්තාවට අනුව පාසලේ විදුහල්පතිට හිතවත් ගුරුවරයකු පාසලට ළමයින් ඇතුළු කිරීමේ කටයුතු සිදුකරයි. ලක්ෂ ගණනින් මුදල් ගෙන ළමයින් ඇතුළු කරයි. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂ භාවිත කර හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ වරයකුගේ අත්සනක් භාවිත කර ළමයින් ඇතුළු කරයි. 


එයින්ද නොනවතින එම ගුරුවරයා ළමයින්ගේ මව්වරුන් සමග අනියම් ඇසුරු පවත්වයි. ඒ ගැන මව්වරුන්ගේ පවුල්වල උදවියට වාර්තා වී ගැටලූ මතුවූ අවස්ථා ගැන ද එම විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇත.

අල්ලස් කොමිසම මගින් හෝ පොලීසිය මගින් කර ඇති වැටලීම් ගණන අඩු වන්නට පුළුවන. නමුත් මෙවැනි සිදුවීම් සමාජයේ තව නොවෙතියි කිසිවකුට කිව නොහැකිය. ඒ හොර රහසේ මෙවැනි සිදුවීම් අපමණ සිදු වන බැවිනි.

විවිධ අල්ලස් ගැනීමේ සිද්ධීන් පසුගිය කාලයේ බොහෝමයක් වාර්තා විය. දේශපාලකයන්, ග‍්‍රාම නිලධරයන්, ප‍්‍රාදේශීය ලේකම්වරයකු, පොලිස් නිලධරයන් මෙන්ම දිසා විනිසුරුවරයකු ද අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් වූයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් අල්ලස් ගන්නා බව පෙන්වමිනි.

ළමයින් ඇතුළත් කිරීමේදී පමණක් නොව ගුරු මාරු කටයුතුවලදී ද නිලධාරින් ලිංගික අල්ලස් ඉල්ලා සිටින අවස්ථා ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී සහ ගුරු මාරුවලදී මුදල් හා ලිංගික අල්ලස් ගැනීම් වැඩි වශයෙන් සිදුවෙනවා. නමුත් ඒවා වාර්තා වෙනවා අඩුයි. විශේෂයෙන්ම ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් වාර්තා වෙනවා අඩුයි. 


ඊට හේතුව තමයි එයට භාජනය වූ කාන්තාවට සමාජයේ ගැටලූ රැසකට මුහුණ දීමට සිදුවෙතියි කියන බිය නිසා, තමන්ගේ ආත්ම ගරුත්වයට හානි පැමිණෙන නිසා ඒ ගැන හෙළි කරන්න බිය වෙනවා.

අනිත් එක තමයි මුදල් හෝ ලිංගික අල්ලසක් ඉල්ලූවාම ඒ ගැන පැමිණිලි නොකර ඒවා ලබා දෙන්න පෙළඹෙන්නේ තමන්ගේ කටයුත්ත සිදුවන්නේ නැතිවෙයි කියන බිය නිසා.

උදාහරණයක් විදියට පාසලට ළමයෙක් ඇතුළු කරන්න ගියාම මුදල් හෝ ලිංගික අල්ලස් ඉල්ලා සිටි විට ඊට කැමති වෙන්නේ සමහර විට ඒ ගැන පැමිණිලි කළාම තමන්ගේ ළමයා පාසලට ගන්නේ නැතිවෙයි කියන සැකය මත.

මොනයම් හෝ ආකාරයක අල්ලසක් ගැන තොරතුරක් ලද වහාම ඒ ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන ලෙසත්, පැමිණිලි කරුවන්ගේ රහස්‍යභාවය සුරකින බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අප වෙත පැවසීය.


පසුගිය කාලයේ විවිධ සිද්ධි ගැන අල්ලස් කොමිසමට පැමිණිලි ආවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රය ගැනත් පැමිණිලි ආවා. මුදල් මෙන්ම ලිංගික අල්ලස් ඉල්ලීමත් වරදක්. බොහෝ දෙනෙක් බිය නිසා කොමිසමට පැමිණිලි කරන්න මැලි වෙනවා. 


අපි කිසිම විටක අනන්‍යතාවය හෙළි කරන්නේ නෑ. කුමන අල්ලසක් ගැන වුවත් අපට පැමිණිලි කළොත් අපි වහා කි‍්‍රයාත්මක වී වැටලීම් සිදු කරනවා.” අල්ලස් ගැනීමේ සිද්ධි ගැන පැමිණිලි ලැබුණ හොත් ඒ ගැන විමර්ශනය කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

අල්ලස් ගන්නවා යැයි පැමිණිල්ලක් ඉදිරිපත් වුණොත් ඒ ගැන සොයන්න අපි සූදානම්. මීට කලිනුත් එලෙස කර තිබෙනවා. එවැනි සිද්ධියක් තිබෙනවා නම් නොපමාව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන්න ඔහු කීය. 


දරුවා දාන්න ගිහින් විදුහල්පති ඇඳන් සිටි තුවායත් පිටින් මාට්ටු වුනේ මෙහෙමයි..
විදුහල්පතිලාගෙන් අම්මලා බේරා ගන්නට නම්...!
 
Related Posts with Thumbnails