Ads 468x60px

.

මට ඇක්සිඩන්ට් එකක් වුනොත් හරි මැරුනොත් හරි වග කියන්න ඕනෙ මේනකා - මහේෂි


මෙච්චර කාලෙකට මම 
හෝටල් කාමරයක 
රිංගලා නෑ...

මහේෂි සහ මේනකා අතර උණුසුම් තත්වයක් ඇතිව තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙහි එක වග උත්තර කාරියක වන මේනකා ගෙන් අපි ඇහැව්වා, ඇය ඊට පිළිතුරු බැන්දේ "ඇයගේ ජීවිතේ ඔක්කොම මං දන්නවා. ඒත් මං ඒවා කවදාවත් එළි කරන්නේ නැහැ" යනුවෙනුයි.


එයට පිළිතුරු වශයෙන් මහේෂි මධුසන්කා පවසන්නේ තම ජීවිතයට යම් අනතුරුක් සිදු වුවහොත් මේනකා මධුවන්ති සම්පූර්ණයෙන්ම ඊට‍ වගකිව යුතු බවයි.

තව දුරටත් මහේෂි මධුසන්කා පවසන්නේ,
 
"මට ප‍්‍රශ්නයක් නැහැ. තිබුණත් මම සාමාන්‍යයෙන් කතාවට යන්නෙ නැහැ. මම බුදු දහම විශ්වාසකරනවා. තමන් කරණ කාර්යයන් තුළ ප‍්‍රතිපල ඒ අයටම ලැබෙයි. 


එයා පත්තරේදාල තිබුණා මම පන බයේ දුවනවා කියලා .එයා මගෙ යාළුවෙක්නෙ.මේ මේක මට ලොකු අපහාසයක් කරලා තියෙන්නෙ. ඒ අදහස පිළිබඳව මම නීතියෙන් කටයුතු කරනවා."

"මට පසුගිය දිනකිහිපයේම මට නිර්නාමික ඇමතුම් ඇවිත් තියෙනවා චායා එකෙන් අයින් වෙන්න කියලා... නැත්තම් මරනවා කියලා. මට ඇක්සිඩන්ට් එකක් වුනොත් මම හදිසියේ මැරුනොත් මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ මේනකා මධුවන්ති".

ඇය තවදුරටත් අදහස් පල කරමින් කියා සිටියේ තමන් ඇයගේ මිතුරියක් ලෙස සඳහන් කිරීම සම්පූණයෙන්ම වැරදි බවත් ඇය හා එක්ව රඟපා ඇත්තේ එක් ටෙලි නාට්‍යයක පමණක් බවත්ය. 


එක් ටෙලි නාට්‍යයක රඟපෑ පමණින් තම අතීතය දන්නා බවට පුවත් පතකට කර ඇති ප‍්‍රකාශය සම්බන්දයෙන්ද සිය බලවත් නොකැමැත්ත පල කරන ඇය ඊට එරෙහිව ඉදිරියේදී නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියාය.

මේ දක්වා තමන් සියළු ගමන් බිමන් තම මව සමඟ සහභාගී වන බවත් මෙතෙක් කිසිදු හෝටල් කාමරයට රිංගා නැති බවද කී ඇය කෙල්ලෙක් කොල්ලෙක් සමග සම්බන්ධවීම සාමාන්‍ය දෙයක් බැවින් තමන්ට පෙම් සබඳකම් තිබීම ද සාමාන්‍ය දෙයක් විය හැකි බව පැවසූ අතර අනුන්ගේ පවුල් කඩා දැමූ ඉතිහාසයක් තමන්ට නොවන බවද වැඩි දුරටත් කියා සිටියාය.

තමන්ට විවාහ වී දරුවන් සාදා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට කැමති බවත් මේ දක්වා ඇයට ලැබී ඇති ටෙලි නාට්‍ය තමාගේ වාසනාවට ද,ක්‍ෂතාවට ලැබුණු බවත් මේ වනවිට මෙගා ටෙලි නාට්‍ය හතරකට සම්බන්ධව සිටින බවත් ඒ අතරතුර දෙරණ ඩාන්සින් වැඩසටහනට නැටුම් පුහුණු වෙන බවත්, ඇයට අනිත් අයගේ දේවල් සෙවීමට වෙලාවක් නැති බවත් පැවසීය.

ඇයගේ මව මේ නිසා දැඩි සිත් රිදවීමකින් සිටින නිසා මහේෂි සිටින්නේ දැඩි කනස්සල්ලෙන් බවද පැවසීය. ඒ නිසා ඇය මව සමග මේ සියළු දේවල් සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මේ වනවිටත් සූදානම් වෙමින් සිටින බවද ප‍්‍රකාශ කළේය.


මහේෂිගේ සම්පූර්ණ හඬ පටය පහතින්

 
Related Posts with Thumbnails