Ads 468x60px

.

ටොරෙන්ටෝ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නම විකුණමින් ශ්‍රී ලාංකිකයෙකු මුදල් වංචාවක

කැනඩාවේ ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයේ නිලධාරියෙකු ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්තවරයෙකු සමග එක්වී ශ්‍රී ලාංකික සංක්‍රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

ඒ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ පුද්ගලයෙකු, ද්විත්ව පුරවැසිභාවය ලබා දෙනවා යැයි කියමින්, ශ්‍රී ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වූ පුද්ගලයන් රවටා, මුදල් වංචාවක් කර ඇතැයි හෙලි දරව් වීමෙන් එම කාර්යාලයේ අර්බුධයක් මතුව ඇති බවයි.   

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ දේපල වෙළදාමෙහි යෙදී සිටින වසන්ත අබේසිරි නම් පුද්ගලයෙකු හරහාය.

ශ්‍රී ලංකික දේපල වෙළෙන්දෙක් වන කැනඩාවේ ජීවත් වන වසන්ත අබේසිරි නැමැත්තා, කැනඩාවේ සිටින ශ්‍රී ලාංකික පුද්ගලයන් බොහෝ දෙනෙක් මෙසේ රවට්ටමින් මුදල් ලබාගෙන ඇතැයි වාර්තා වෙනවා. 

අබේසිරි නම් තැනැත්තා කැනඩාවේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සේවය කරන ඔහුගේ මිතුරන් සම්බන්ධ කර ගනිමින් පුද්ගලයන් නොමග යැවීම සිදුකර තිබේ. මෙම වංචනික ක්‍රියාවට හසුව ඇති බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ දේපල හිමි කැනඩාවට සංක්‍රමණය වූ  දෙමල ජාතිකයන්ය.  

මෙහි වංචනික ක්‍රියාවේ මොලකරු වන වසන්ත අබේසිරි නැමැත්තා මොන්ට්‍රියන් බැංකුවේ Bank of Montreal (BMO)සේවය කළ අයෙක් වන අතර ඔහු බැංකු සේවයෙන් නෙරපා හැර ඇත්තේ වංචනික චෙක්පත් ගණුදෙනුවක් හේතුවෙනි.  

මෙම වංචාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් බලධාරීන්ට මෙම වංචනික ක්‍රියාව ගැන හෙලිකර ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරතැයි යන බිය නිසාය.  

මේ චෝදනාව සම්බන්ධයෙන් කැනඩාවේ පිහිටි කොන්සන් ජෙනරාල් කාර්යාලය පවසා සිටිනුයේ සන්ත අබේසිරි නැමැත්තා සමග කිසිදු සම්බන්ධාතවයක් එම කාර්යාලයට නොමැති බවයි.  

කොන්සල් ජෙනරාල් කරුණාරත්න පරණවිතාන මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා රජය විසින් ද්විත්ව පුරවැසිභාවය ලබා දීම තාවකාලිකව නවතා දැමීමෙන් පසුව කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් ද්විත්ව පුරවැසි භාවය ලබා දීම සඳහා ඉල්ලුම් පත් භාර ගැනීම නවතා දමා තිබූ බවයි.  

කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නම භාවිතා කරමින් පුද්ගලයන් නොමග යැවීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන බව කොන්සල්වරයා පෙන්වා දෙනු ලැබීය.  

පරණවිතාන මහතා පවසා සිටියේ මෙම වංචාවට හසුවූ අය සිටිත් නම් කොන්සල් ජෙනරාල් කාර්යාලය අමතා වහාම එම වංචාවට අදාල තොරතුරු ලබාදෙන ලෙසයි.

( Lanka News Web ඇසුරෙනි ) 

කැනඩාවේ - ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයේ නිලධාරියා අක්‍රමිකතාවක..
 
Related Posts with Thumbnails