Ads 468x60px

.

ගාලු නගර සභාව කළ වැඩේ කැතයි...?


ගාල්ල කොටු පවුර 
මත වූ කුණු බහාලුම් 
ඉවත් කිරීම...

දීර්ෂ කාලයක සිට ගාල්ල කොටු පවුරේ ඔරලෝසු කණුව පා මුල කුණු බහාලුම් පහක් තිබුණි. 

කොටු පුවර බලන්නට එන දේශීය හා විදේශීය සංචාරකයින් රැගෙන එන වතුර හිස් කළ බෝතල්, ඔවුන් භාවිතා කළ ආහාර ඉතුරු කොටස්, විවිධ පාන භාවිත කළ හිස් දැවටුම් හා හිස් පැකට්, හිස් කළ පාන වර්ගවල ලෝහමය බදුන් වැනි නොයෙක් අප ද්‍රව්‍ය මෙම බහාලුම් වලට මෙම සංචාරකයෝ විසින් දමන ලදහ.

ගාල්ල නගර සභාවේ කුණු ප්‍රවාහණය කරන වාහන වලින් උදේ සවස පැමිණ මේ බහාලුම් හිස් කොට ඒවායේ කුණු රැගෙන යන ලදී. ඒ මීට පෙරය.

නමුත් දැනට මාසයක පමණ සිට මෙම බහාලුම් පහ එතනින් මුළුමනින් ම ඉවත් කර දමා ඇත. ගාල්ල නගර සභාව විසින් එම බහාලුම් ඉවත් කර ඇති බව සැලයි. 


දැන් ගාලු ‍‍ඵෙතිහාසික කොටු පවුරේ ඔරලෝසු කණුව පා මුලත් ඒ අවටත් සංචාරකයෝ හිතුණු හිතුණු තැන්වල කුණු දමති. මේ නිසා කොටු පවුරේ ඔරලෝසු කණුව අසල මෙන් ම ඒ අවට ද අපවිත්‍ර වී ඇත. 

ඔරලෝසු කණුව පා මුල වූ කසල බහාලුම් ඉවත් කළ පරිසර නාශකයා කවුද? කුණු බහාලුම් රැගෙන ගිය මහත්වරු ඒවා නැවත ගෙනැවිත් ඒ ඒ තැන්වල තබත්වා.

- කපිල සුගත්
 
Related Posts with Thumbnails