Ads 468x60px

.

සමිතාට හා නිරෝෂාට ළං වුණු පිරිමි තේරුම් නොගත් දේ නිල්මිණි පැහැදිලි කරයි.


මමත් 
වැල් ටෙලි 
නාට්‍යවල 
රඟපෑවා...

හැබැයි ඇඟට දැනෙන්න 
රඟපාන්න බැරිවුණා...

නිල්මිණී සිය දෙවන විවාහයෙන් ද වෙන්වී දැන් ජීවත් වෙන්නේ සිය දියණිය සමගයි. 


මේ සියල්ල සමග ජීවත්වීම සඳහා ගෙන යන අරගලය බැලූ බැල්මට පහසුවක් සේ පෙණුනත් එය සිතන තරම් පහසුවක් නොවන බව ඇයටම දැන් තේරිලා. මේ නිසාම දැනෙන වෙහෙස මානසිකව මෙන්ම ශාරීරික වද බලපාන බව ඇය පවසනවා. ඒ පිළිබඳව නිල්මිණී ඇගේ වචන වලින්ම කියන්නේ මෙහෙමයි.

පවුලක් නඩත්තු කරන්න වර්තමානයේ නම් සෑහෙන මුදලක් අවශ්‍යයි. පවතින් සමාජ ආර්තික දේශපාලන කාරණා සමග අද කාලෙ රගපෑමෙන් පමණක් මුදල් උපයන්න බැහැ. ජීවත්වීම සඳහා විශේෂයෙන් තනියම දරුවක් සමග ජීවත්වෙන කෙනෙකුට. 


නමුත් මට මම උපයන මුදලින් සැහීමකට පත්වෙන්න පුළුවන්. 'රගපෑමට අමතරව මම සැලෝන් එකක් කරගෙන යනවා. සම පැහැපත් කිරීමේ ප්‍රතිකාර සැලෝන් එකේ කරනවා. මම ඉර හඳ අල්ලන්න දඟලන නිළියක් නොවේ. හැමදාමත් මම ලැබෙන දෙයින් සතුටු වුණා.
දෙවියන් මගේ අත් දෙකට හොඳ හැකියාවක් ලබා දුන්නා. අහස උසට බලාපොරාත්තු මගේ ජීවිතේ නෑ. මම යම් සංයමයකින් විය හියදම් කටයුතු කරගෙන යනවා.' අපි හැම දෙයක්ම අවසානේ බාරදෙන්නේ අපේ දෛවයට කර්මයට සමහරු දෙවියන්ට.

'මේ ලෝකේ හැටි එහෙමයි. ගැහැනියක් හැටියට ලස්සන පවුල් ජීවිතයක් මට උරුම වුණේ නැහැ. මේ මගේ පෙර අකුසල කර්මයක් වෙන්න ඇති.


ළඟදී මට නිරෝෂා විරාජිනි රූපවාහිනි වැඩ සටහනකදී හමුවෙලා කීවෙත් අනේ නිල්මිණි අපි ආසාවෙන් කැමැත්තෙන් පවුල් ජීවිත බිඳ දමා ගන්නවා නෙමේනේ. 

අපිව තේරුම් ගන්න අපිට ළං වෙන අයට පුළුවන් කමක් නෑ. නැත්නම් අපිත් කොච්චර ආසද හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න කියලා. ඇය කීව දේවල් ඇත්ත. මේ ලෝකේ කිසිම ගැහැනියක් කැමැත්තෙන් පවුල් ජීවිතයක් කඩා බිඳ දාගන්නේ නැහැ.

සමිතා මුදුන්කොටුව කියලා තිබුණා නිල්මිණිවත් නිරෝෂවත් මමවත් ආසාවෙන් එකම බෝට්ටුවකට නැග්ගේ නැහැ කියලා. ඒ කතාව සහතිත ඇත්ත. අපි තුන්දෙනාම ගෑනු.. අපේ සිත් හරිම සංවේදියි. අපිට ළං වුණු පිරිමි ඒක තේරුම් ගත්තේ නැහැ.

අපි තුන්දෙනාම ආසයි අපිට ලස්සන පවුල් ජීවිත ගත කරන්න ලැබුණානම්. සමිතා කීවා වාගේ ගැහැනුන්ගේ දෛවය ඇත්තටම පුදුමාකාරයි. ගැහැනියකට ආදරේ කියන්නේ ඇගේ ජීවිතේමයි. එත් පිරිමින්ට එහෙම නැහැ.'

'මධු ....... මම මහමෙරක් තරමට ආදරය කරපු මගේ ආදරණීය පෙම්වතා. පසු කාලෙක ස්වාමියා. ශ්වේතාගේ තාත්තා. මේ පුංචි පවුල ඇතුළේ මේ බැඳීම රැකගන්න මම හරියට උත්සාහ කළා.


එත් මොකක්දෝ කුණාටුවක් ඇවිත් අපේ කැදැල්ල බිලි ගත්තා. අදටත් මම ඒ අතීතයට ආදරෙයි. මධුයි මමයි ආදරේ කරපු හැටි..... විවාහ වූ හැටි..... දන්නේ අපි දෙන්නා විතරයි. නිල්මිණිගේ දෑසේ කඳුළු පිරිලා.'


'පවුල් ජීවිතේ හැල හැප්පීම් ඇති වූ නිසයි අපි වෙන් වුණේ. නයි පොළොංගු වගේ ගහ මරාගෙන කොහොමද එකට ජීවත්වෙන්නේ. ඒත් දැන් ශ්වේතා ලොකු ළමයෙක්. මගේ කෙල්ලට එයාගේ තාත්තාගේ ආදරය ළඟ ඉඳන් ලබා දෙන්න නොලැබීම ඇත්තටම මට දුකයි.'

'මධු මගේ ජීවිතේ හිටියා නම් කියලා අනන්ත වාරයක් අවංකවම මට හිතෙනවා. මම දැන් මේ ජීවිතය නිවැරැදිව අවබෝධ කරන් ඉන්නේ. මේ සියල්ල මායාවක්.


මේ කෙටි ජීවිතය තුළ අතරමගදී මුණ ගැහෙන අයට අපි හරියට බැඳනවා. දුක් විඳීනවා. මේ හැම දේකින්ම නිදහස් වෙලා බුදුන් දෙසූ දහම අනුව ජීවිතය හදාගන්න මම උත්සාහ කරනවා.'

'මේ තමා ඇත්ත.ගැහැනියක ලෙස අද මම තනි වෙලා. දවසේ වැඩ කටයුතු ඉවර වෙලා ඇඳට වැටුනාම දරාගන්න බැරි පාළුවක් දුකක් මට දැනෙනවා. මම ජීවිතේ හරියට ආදරේ බලාපොරොත්තු වූ ගැහැනියක්. අද මට දරුවාගේ උණුසුම විතරයි.'

'මධුව මුණ ගැහෙනවා. අපි තරහකාරයෝ නෙමේ. දුවගේ ජිවිතේ හැම විශේෂ අවස්ථාවක්ම මම මධුට කියනවා. ඔහු ඒවාට සහභාගි වෙනවා. මධු දැන් කවුරු විවාහ කරගෙන හිටියත් අතීත මගේ ආදරේ කියනදේ සඟවන්න බැහැ

'මම  අනතුරට ලක් වූ අවස්ථාවේ මධූ මාව තනි නොකර ළඟට වෙලා උන්නා. ස්වේතාගේ අම්මාව බේර ගන්න එයා ගොඩක් උත්සාහ ගත්තා. මධුට අදටත් මම පිං කියලා කියනවා. ජීවිතේ එහෙම තමයි. 


පපුවේ නහරවලට පවා දැනුණ ආදරයක් එහෙම ලේසියෙන් අමතක කරන්න බැහැ. ඇක්සිඩන්ට් එක සමඟ තීරණ ගන්න පුළුවන් මානසිකත්වයක නෙවේ මම හිටියේ.'

'මගේ පණ ස්වේතා. එයා ලොකු වෙන කොට මට බයයි. මගේ දරුවාට හැම යුතුකමක්ම මම නොපිරිහෙලා ඉටු කරනවා.හැබැයි මම අනාගතේ බොහෝ දේවල් වලට මුහුණ දෙන්න හිත දැඩි කරගන්න ඕනෑ.'

කාලයත් සමග බොහෝ දේවල් පසක් වුනත් සමහර දේවල් වලදි ආපහු හැරිලා යන්න බැහැ. 


වේදනාව, පසුතැවීම වගේ දුක දරාගෙන ජීවිතේට මුහුන දෙන්න වෙනවා. ඒ අතර තුර සමාජය වෙනුවෙන් යමක් කරන්නත් නිල්මිණී කාලය මෙන්ම ශ‍්‍රමය මුදල් යොදවනවා. 

'මං පුළුවන් හැටියට නැති බැරි අයට බොහෝ සේ පිහිට වෙනවා. ඒවාට ප්‍රසිද්ධිය අවශ්‍ය නැහැ. අපිට පෙර භවයක් තියෙනවානේ. දවසක මේ සියල්ල නැති වුණත් සම්බෝලයි බතුයි කාලා ජීවිතයට මුහුණ දෙන්න මට පුළුන්. 

මට හිතුණා අංග සම්පූර්ණව අපිට මේ හැම දේම ලැබිලත් ඇයි පසුතැවෙන්නේ කියලා. මම දැන් ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. මගේ සැලෝන් එකේ වැඩ කටයුතුත් කරගෙන සමාජ සත්කාරත් පාඩුවේ කරගෙන යනවා.'

මේ සියල්ල මැද නිල්මිණී ගායිකාවක ලෙස නවතම ගීතයකිනුත් රසිකයින්ව සමීප කරගන්න යි සූදානම් වෙන්නෙ.

කාලය සමග පොර බදමින් ජීවිතය හැල්මේ දුවලා දුවලා ගිමන් නිවන මොහොතක තමන්ට අතිශය පෞද්ගලිකව දැනෙන මොහොතවල් වළින් මානසිකව විඳවන් නැතිව ඉන්න හුගක් අය හුගක් දේවල් කරනවා. නිල්මිණී පොත් කියවනවා.

'මම හරියට පොත පත කියනවා. කාලය ගලා ගිහින්. වෙන්න තිබුණු දේ වුණා.කවුරු මාව රිදෙව්වත් කා සමඟවත් තරහවක් මගේ නැහැ. අදටත් පාළු රාත්‍රියේදී මගේ අතීතය මාව හඬවනවා.
 
Related Posts with Thumbnails