Ads 468x60px

.

ජාතික ගීයේ නිර්මාතෘවත් දන්නේ නැති අපේ අධ්‍යාපන ඇමති...

පසුගිය 01වන දින පැවැත්වූ ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැති ප‍්‍රධාන උත්සව යකදි අධ්‍යාපන ඇමතිට ලොකු පටලෑවි ල්ලක් වෙලා කියලා අපිට ආරංචි වුනා.

hota වන අපි ඒ පිළිබඳව පොඩ්ඩක් සොයා බැලුවා. වෙලා තියෙන්නේ මේකයි. කොළඹ මහානාම විදුහලේ පැවැති
ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැති උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වූනේ අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධනයි. 

ඔහුගේ කතාවේදී ශ‍්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ආර්. ආර්. සමර කෝන් යැයි අධ්‍යාපන ඇමැතිවරයා පවසා තිබෙනවා. සිසුන් මුහුණට මුහුණ බලා ගත්තා මිස කිසිවක් කීවේ පැවසුවේ නෑ. 

ඔහුගේ කතාව අවසානයේ තෑග්ගක් පිරිනැමීමට වේදිකාවට පැමිණි අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් වන ජනප‍්‍රිය සංගීතවේදී එඞ්වඞ් ජයකොඩි මහතා බන්දුලගේ කනට කර යමක් කීමෙන් පසු බන්දුල ඇස් උඩ ගොස් දෙලොව රත්වී මයික් එක වෙතට දුවගෙන ගියා. 

අනතුරුව තමාට වරදක් වූ බවත් ජාතික ගීයේ නිර්මාතෘ වරයා ආනන්ද සමරකෝන් යැයි පැවසුවා.

ආර්.ආර්. සමරකෝන් යනු බන්ධුල ගුණවර්ධනගේ තරුණ වියේදී ජනප‍්‍රිය නාට්‍යයක් වූ කැළණි පාලම ඇතුළු නාට්‍ය රැුසක් ලියා නිෂ්පාදනය කළ නාට්‍යවේදියෙක් කියල පසුව අපට දැනගන්නට ලැබුනා.
 
Related Posts with Thumbnails