Ads 468x60px

.

නදීගෙන් තවත් ආශ්චර්යමත් වැඩක්, ඉඳිකටුවකට නූල් එකසිය පනහක් දැමීමේ ‘හාස්කම’ මෙන්න

රුධිරය වෑස්සෙන සේ දෙහි ගෙඩි කැපීම, නටන තෙල් තාච්චියට අත දැමීම, අතින් දෙහි කැපීම වැනි අද්භූත හැකියාවන් ගෙන් පිරි සුරූ පිනියක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා. 

නදී දර්ශනී නම් වූ ඈ තුළ ඇති තවත් එවැනිම ආශ්චර්ය මත් හැකියාවක් වන්නේ ඉඳිකටු සිදුරක් තුළට නූල් පටවල් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් ආයාසයකින් තොරව දැමීමය. 

යමකු තුළ පවත්නා සාමාන්‍ය හැකියාවක් ඉක්මවන ක්‍රියා කිසියම් අද්භූත බලයක් නැතිනම් යක්ෂ හෝ භූතාවේෂයක් නිසා සිදුකරන ක්‍රියා වශ යෙන් පිළිගැනීමට අපි බොහෝ දෙනෙක් ස්වාභාවික ලෙසම පෙළඹී සිටිමු. ඒ අනුව මෙය නදී සතු පාරභෞතික හැකියාවකැයි යමෙකුට සිතෙනු ඇත.

නදී මෙහිදී යොදා ගන්නා ඉඳිකටුව ද නූල් ද සාමාන්‍ය මැහුම් සඳහා උපයෝගි කරගන්නා ඒවා වේ. ඉඳිකටුවේ කුඩා සිදුර තුළට වරින් වර නූල්පටවල් එකසිය පනහක් පමණ දැමීම ඇය ඉතා සූක්ෂමව හා දක්ෂ ලෙස කරන්නීය. 


අවසානයේ ඉඳිකටු සිදුර තුළ නූල් ‍පොටවල් විශාල ප්‍රමාණයක් ගොනු කළ පසු නැවත විශාල පරිශ්‍රමයක් දරා මිස ඉවතට ගත නොහැකි බවද ඇය පවසයි.

ඉඳිකටු සිදුරකට එක් නූල්පටක් දැමීම පවා ආයාසයකින් තොරව කරගත නොහැකි අයද ඕනෑ තරම් සිටිද්දී ඒ සා විශාල නූල් පටවල් සංඛ්‍යාවක් ඉඳිකටු සිදුරක් තුළට රිංගවීම ඈ සතු සුවිශේෂී හැකියාවක් නොවේද ? 


ඒ පිළිබඳව ලක්බිම පුවත් පත නදීගෙන් විමසා සිටියේ එයද යම්කිසි අද්භූත හාස්කම් බලයකින් සිදුකරන්නක්ද? එසේත් නැතිනම් අපේ දෑස් මංමුලාකරවූ දෘෂ්ටි මායාවක්වත් දැයි කියාය.

එහෙත් එයට පිළිතුරු ලෙස ඇය කියා සිටියේ එම හැකියාව මොනයම්ම ආකාරයකවත් විජ්ජාවක් හෝ වෙනයම් අද්භූත බලවේගයකින් සිදුකරන හාස්කමක් නොවන බවය.

“කෙනෙකුට පුළුවන් දෙයක් තවත් කෙනෙකුට බැරිවෙන්න බෑනේ. මම මේක පුංචි කාලෙ අපේ තාත්තා කරනවා බලාගෙන ඉඳල ඉගෙනගත්තු දෙයක්. මගේ තාත්තා රූපසිංහ විතානආරච්චි ඉතා අවංකව,ගුප්තව, කටයුතු කරන  කෙනෙක්.”

මෙම ඉඳිකටු නූල් සූත්තරේ තමන් සතු හාස්කම් බලයකින් සිදුකරන්නක් ලෙස වුවද පැවැසීමේ හැකියාව තිබුණ ද ඇය නිහතමානීව එසේ පැවැසුවාය. ඇය එසේ පැවැසුවද ඇය සතු මෙම හැකියාව ඕනෑම කෙනෙකුට කළ නොහැකි දුර්ලභ හැකියාවක් බව අපි පිළිගත යුතුය. 

ඒ නිසාම මෙවැනි සුවිශේෂී හැකියාවක් කෙනෙකුට උරුම වන්නේ කෙසේදැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමී රූබන් මහතාගෙන් අපි විමසා සිටියෙමු.

සෑම කෙනෙකු තුළම නොපිහිටන ආකාරයේ සුවිශේෂී හැකියාවන්ගෙන් පිරිපුන් අය ලොව පුරා සිටිති. ඒ අතර ඉතා සියුම් කැටයම් නිර්මාණ, චිත්‍ර නිර්මාණ මනා සංයමයකින් කළ යුතු සියුම් මැහුම් ගෙතුම් වැනි එතරම්ම දුර්ලභ නොවූ හැකියාවන් ගෙන් යුතු අයද සිටිති. 


එමෙන්ම විදුලි බුබුළු, වීදුරු බෝතල් වැනි දෑ ඇතුළත ඇති කුඩා අවකාශ තුළ පවා සියුම් නිර්මාණ කළ හැකි, ටජ්මහල වැනි විශිෂ්ට නිර්මාණ පවා ඉතා කුඩා පරිමාවක් තුළ ප්‍රති නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන දුර්ලභ ගණයේ හැකියාවන් ගෙන් පිරිපුන් අය පිළිබඳවද අපි අසා ඇත්තෙමු.

මෙවැනි සුවිශේෂී හැකියාවක් එළිදැක්වීමට ඉතා හොඳ මානසික ඒකාග්‍රතාවයක්, තියුණු දෘෂ්ටියක් මෙන්ම සූක්ෂ්මව ඇඟිලි තුඩු හැසිරවීමේ හැකියාවද අත්‍යවශ්‍යය.


පෙර කී ආකාරයේ දුර්ලභ හැකියාවන් අතරටම එක් කළ හැකි නදී දර්ශනී සතු මෙම හැකියාවද විශ්ව අවකාශය දක්ෂතාවයන් (Visual special skills විෂුවල් ස්පෙෂල් ස්කිල්ස්) ලෙස හැඳින්වෙන සුවිශේෂී හැකියාවකි.


අවකාශයේ ද්‍රව්‍යයන් හැසිරවීමේ හැකියාව ලෙස තවත් සරලව විග්‍රහ කළ හැකි මෙම දක්ෂතාවය, පාර්ශ්වීය කණ්ඩිකාව (Parietal Lobe) නම් මොළයේ එක් කොටසක බලපෑමෙන් කෙනෙකුට උරුමවන්නකි. 

යම් යම් අයට සහජ උරුමයන් වූ වේගවත්ව ධාවනයේ යෙදීමේ හැකියාව, වැනිම වූ සියලු දෙනා තුළම නොපිහිටන ආකාරයේ එවැනි හැකියාවන් මොළයේ විවිධ වූ ජානමය සංයුතීන්වල වෙනස්කම් හේතුවෙන් උරුම වන්නක් වේ. එය කිසිසේත්ම දෘෂ්ටි මායාවක් හෝ ගුප්ත හැකියාවක් නොවන බවද අවධාරණය කරමු.

හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් මෙන්න...
 
Related Posts with Thumbnails