Ads 468x60px

.

දෂ්ට කිරීමට සූදානම් වූ සර්පයාගෙන් මවව බේරාගත් හත් මස්‌ වියෑති බිලිඳා මෙන්න...


සර්පයා 
දෙකට 
කැඩෙන
කන්
මිරිකලා 

මවට දෂ්ට කිරීමට සූදානම් වූ විෂ සහිත හබරලයකුගේ බෙල්ලෙන් අල්ලා මවව බේරාගත් හත් මස්‌ වියෑති බිලිඳකු පිළිබඳ විශ්මයජනක සිද්ධියක්‌ වැල්ලවින් අප වෙත වාර්තා වෙනවා.

වැල්ලව පොලිස්‌ වසමේ හිරිපිටියට ආසන්න ග්‍රාමයක ඊයේ (31 දා) තම ගෙවත්තේ වැට දිගේ ආ දිගු සර්පයකු කුඩා දරුවකු අතේ සිටි කාන්තාවකට දෂ්ට කරන්නට සැරසී තිබෙනවා. 


ඒ මොහොතේ ඇගේ අතේ සිටි බිලිඳු දරුවා සර්පයාගේ හිසෙන් තදින් අල්ලා හඬන්නට පටන් ගෙන තිබෙනවා. දරුවාගේ අතේ එතී සිටි සර්පයා දෂ්ට කිරීමට නොහැකි වී වියරුවෙන් දැඟලීමට පටන් ගැනීම නිසා ඌ දරුවාගේ අතින් ගලවා ගැනීමට නොහැකිව තිබෙනවා

අසල්වාසීන් පැමිණ සර්පයා ගලවා ගැනීමට තැත් කිරීමේදී ඌ දෙකඩ වී තිබෙනවා. සර්ප හිස සමග දරුවා හිරිපිටිය රෝහලට රැගෙන ගොස්‌ තිබෙනවා.

කිරිකැටි අතට සර්ප විෂ වැදීමට නොහැකි වන ලෙස වෛද්‍යවරුන් උපකරණ යොදා එම සර්පයාව ඉවත් කර
තිබෙනවා. දරුවා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට වහා යවා තිබෙනවා.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී සර්පයා දරුණු හබරලයකු බව හඳුනාගත් අතර දරු පැටියාට කිසිදු විෂ ශරීරගතවීමක්‌ සිදුවී නැති බව ද තහවුරු කර
තිබෙනවා.
 
Related Posts with Thumbnails