Ads 468x60px

.

මදුරු කීටයන් බෝකල චෝදනාවට උසාවි ගිය ගායිකාව...


මීට පෙර 
දෙවරක් උසාවි 
එන්න කීවත් 
ඇවිත් නෑ..

මදුරු කීටයන් සහිත පරිශ්‍රයක් තබාගැනීම හා මදුරුවන් බෝවන ලෙස තටාකයක් තබා ගැනීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට අනුව ජනප්‍රිය ගායිකා දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය උසාවි යාමට සිදුවුනු පුවතක් අප වෙත වාර්තා වෙනවා.

බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ප්‍රියදර්ශනී මහත්මියට අයත් නිවෙස අවට මදුරුවන් බෝවී සිටි බව බොරලැස්ගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ. සරත් මහතා අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කරමින් දන්වා තිබුණා.

කෙසේ වෙතත් මීට පෙර දෙවරක් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුකොට ගෙන ප්‍රියදර්ශනී මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණ අතර ඇය බ්‍රහස්පතින්දා (31) සිය නීතිඥවරයා මඟින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටියා.


නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා ඊයේ (31) රුපියල් එක්දහස් පන්සියයක රජයේ ගාස්තුවක් නියම කලා. 
 
Related Posts with Thumbnails