Ads 468x60px

.

කසිප්පු වටලන්න ගිය කොස්‌තාපල් කුඩා දරුවකුගේ කලිසමට කෝටුවක්‌ දමා ලිංගය අඹරලා...


දැන් චූ 
කරන්නත් 
බැරිලු...

පොලිස්‌ කොස්‌තාපල්වරයකු කොළඹෑව ප්‍රදේශයේ මත්පැන් වැටලීමකට යන අතරේ හතර හැවිරිදි දරුවකුගේ ලිංගික අවයව ඇති ප්‍රදේශය දරුණු ලෙස  වද හිංසාවකට ලක්‌ කිරීමේ සිද්ධියක්‌ අයගම පොලිසියෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

එම ප්‍රදේශයේ මත්පැන් වැටලීමකට අයගම පොලිසියේ කොස්‌තාපල් වරුන් දෙදෙනකු පැමිණ තිබෙනවා. නිවසකට ගිය මෙම පොලිසියේ දෙදෙනාගෙන් එක්‌ අයකු එම නිවසේ සිටි කුඩා දරුවකුගේ කලිසමට
කෝටුවක්‌ දමා අඹරා නිවසේ මත්පැන් ඇතිදැයි විමසා තිබෙනවා.

කුඩා දරුවා එම සිද්ධියෙන් පසුව දැඩි කම්පාවකට පත්ව සිටින අතර මුත්‍රා කිරීමට ද ඇති අපහසුතාව නිසා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර
තිබෙනවා. මේ සම්බන්ධයෙන් දෙමාපියන් කළුතර ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබෙනවා.

අයගම පොලිසියේ ස්‌ථානාධිපතිවරයා මේ පිළිබඳව අප කළ විමසීමේදී ප්‍රකාශ කළේ මෙහි පරීක්‍ෂණ පැවැත්වෙන තෙක්‌ එම කොස්‌තාපල්වරුන් දෙදෙනා වෙනත් පොලිස්‌ ස්‌ථානවලට මාරු කර යවා ඇති අතර
මේ සම්බන්ධයෙන් කළුතර ළමා හා කාන්තා කාර්යාංශය පරීක්‍ෂණයක්‌ද ආරම්භ කර ඇති බවයි.
 
Related Posts with Thumbnails