Ads 468x60px

.

මෝටර් සයිකල් රෝදෙට හිරවී දෙකට කැඩුණු ධෙනුනිගේ කකුල නියමෙට බද්ධ කල හැටි මෙන්න.


විස්‌මිත නහර 
බද්ධ කිරීමේ 
සැත්කමක්

යතුරු පැදියකින් යද්දී අනතුරට ලක්‌ වූ අට හැවිරිදි පාසල් දැරියකගේ දකුණු පාදය වළලුකර ප්‍රදේශයෙන් වෙන්වී සමෙන් එල්ලෙමින් තිබියදී විස්‌මිත නහර බද්ධ කිරීමේ සැත්කම කින් පසු එම දැරියගේ පාදය යළි ප්‍රකෘති තත්වයට පත් කල පුවතක් කරාපිටිය රෝහලෙන් වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම දැරිය පාසලේ සිට තම මව හා සීයා සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී දැරියට නින්ද යාමෙන් ඇගේ දකුණු පාදය යතුරු පැදියේ පසුපස රෝදයට හසුවී තිබෙන බවයි. 

යතුරු පැදියේ පසුපස රෝදය හිරවීම නිසා යතුරු පැදිය පැදවූ සීයා එය නතර කොට මේ ගැන සොයා බැලීමේදී දැරියගේ වම් පාදය වළලුකර ප්‍රදේශයෙන් වෙන් වී සමෙන් එල්ලෙමින් තිබී ඇත.

ඇය කඩිනමින් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර දැරියගේ පාදයේ අස්‌ථි හා මස්‌ කැබලිද පොලිතින් බෑගයක දමා ගෙන රෝහලට රැගෙනවිත්
තිබෙනවා

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් වෙන්ව තිබූ පාදයේ නහර බද්ධ කොට යළි ප්‍රකෘති තත්ත්වයට පත්කොට ඇති අතර සැත්කම සාර්ථක බැව් විශේෂ්‍යඥ ශල්‍ය වෛද්‍යවරයා පවසනවා.

මෙසේ සැත්කමට භාජනය කරනු ලැබුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ තුන වසරේ ඉගෙනුම ලබන ජී. ජී. ධෙනුනි ටමින්දි (08) නැමැති දැරියයි.

මෙම විස්‌මිත නහර බද්ධ කිරීමේ සැත්කමේ තොරතුරු තවත් සැත්කමක්‌ කරමින් සිටියදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා මෙසේ අදහස්‌ දැක්‌වුවා.

දැරියගේ දකුණු පාදය වළලුකර ප්‍රදේශයෙන් සමෙන් වෙන්වෙලා තිබුණු අතර අස්‌ථි නහර ධමනි ශිරා සම්පූර්ණයෙන් වෙන්වෙලා තිබුණේ. පාදය නිල්වෙලා ලේ සැපයුම නතර වෙලා දැරියගේ පාදය බේරා ගැනීමට නොහැකි තත්ත්වයක තමයි තිබුණේ. 


නමුත් මේ දැරියගේ පාදයේ සැත්කම කිරීමට අප තීන්දු කළා. පාදය තරමක්‌ කොට කරලා අස්‌ථී පිටතින් යකඩ රාමුවක්‌ සවිකරලා තමයි ශිරා හා නහර බද්ධ කිරීමේ සැත්කම කළේ. සැත්කමෙන් පසු පාදයට ලේ සැපයුම ලැබෙනවා. නහර බද්ධ කිරීම සාර්ථකයි.

මේ දැරිය ගැන දවසින් දවස බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති වූවත් ඒ වෙනුවෙන්ද අවශ්‍ය දේවල් කිරීමට අප සුදානමින් ඉන්නවා. දැරියගේ පාදයට ලේ සැපයුම හොඳින් ලැබෙන නිසා ගැටලුවක්‌ ඇතිවෙන එකක්‌ නැහැ. නමුත් දැරියගේ පාදයට අස්‌ථි හා ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කළ යුතුයි.

නහරවලට අනතුරක්‌ වූ විට අනතුරට ලක්‌ වූ කොටස සොලවන්නේ නැතිව රෝහලට රැගෙන ඒම අවශ්‍යයි. ඒ විතරක්‌ නොවේ වෙන්ව ගිය කොටස පිරිසිදු පොලිතින් බෑගයක දමා ඊට පිටතින් අයිස්‌කැට හා වතුර දමා රැගෙන ආ යුතුයි.

මෙම සැත්කම කිරීම සඳහා පැය හතරහමාරක පමණ කාලයක්‌ ගත වී ඇත. සැත්කම සඳහා වෛද්‍යවරුන් වන තේජ ජයසේකර, ඉෂාන් පෙරේරා, සුරංග යන වෛද්‍යවරුන් රංජුක උබේසිරි වෛද්‍යතුමන්ට සහාය වී තිබෙනවා.

දැරියගේ මව වන සංජීවනී පෙරේරා මහත්මිය මෙසේ පැවසුවා.

රංජුක වෛද්‍යතුමා දෙවි කෙනෙක්‌. ඔහු අපේ මානසික තත්ත්වය හදලා අපි මොනවා හරි කරමු කියලා තමයි සැත්කම කළේ. ඇත්තටම එදා රංජුක වෛද්‍යතුමන් හිටියේ නැත්තම් දුවගේ පාදය කපන්න වෙනවා. සැත්කම සාර්ථක බව වෛද්‍යතුමන් කීවා. අනේ මෙවැනි වෛද්‍යවරු සිටීම රටටත් වාසනාවක්‌. මේ අය තමයි අපට පේන්න ඉන්න දෙවිවරු.


 
Related Posts with Thumbnails