Ads 468x60px

.

ලන්ච් ෂීට්‌ එකක බත් කමින් සිටි පාසල් සිසුවාට බුද්ධ ධර්මය ගුරුවරයා කන පැලෙන්න ගහලා.


කන් බෙරය 
පුපුරලාලු

අරලගංවිල, විලයාය මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයකු විසින් එම විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පසුගිය සිකුරාදා (01දා) දහවල් පාසල තුළදී දිවා ආහාරය ගනිමින් සිටින වෙලාවේ කන පැලෙන්න පහර දුන් පුවතක් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම පහරදීමට හේතුව සිසුවා තම දිවා ආහාර සඳහා බත් ඔතාගෙන පැමිණ ඇත්තේ කෑම ඔතන පොලිතින් කොළයක (ලන්ච් ෂීට්‌ එකක) වීම බවයි.


ගුරුවරයාගේ පහර කෑමට ලක්‌වූ නිමන්ත ඩිල්ෂාන් සෙනෙවිරත්න නමැති සිසුවා මේ වන විට පොලොන්නරුව මහ රෝහලේ අංක 19 දරන වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා. ඔහුගේ කර්ණ පටහාපටලය හෙවත් කන් බෙරය පුපුරා ගොස්‌ ඇතැයි ප්‍රතිකාර කරන වෛද්‍යවරු වැඩි දුරටත් පවසනවා.

පාසල් පරිශ්‍රය පිරිසිදුව තබාගැනීමේ අරමුණින් පාසල තුළට පොලිතින් වර්ග රැගෙන ඒමේ තහනමක්‌ පනවා තිබෙන නමුත් එය ක්‍රියාත්මක කිරීමේදී ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට දඬුවම් දීමට ගුරුවරුන්ට උපදෙස්‌ දී නැතැයි විලයාය මහා විද්‍යාලයේ විදුහල්පති සුත් රණසිංහ මහතා අප කළ විමසුමකදී ප්‍රකාශ කලා.

පසුගිය සිකුරාදා (01දා) දහවල් බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයා විසින් 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු නමුත් ඒ හේතුවෙන් සිසුවාගේ කන පැලී තිබෙන බව තමන් නොදැන සිටි බවද හෙතෙම පැවසුවා.

පහරදීම සිදුකළ බව කියන ගුරුවරයාගෙන් අරලගංවිල පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවත්, එම ගුරුවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු ප්‍රකාශ
කලා.
 
Related Posts with Thumbnails