Ads 468x60px

.

හරක් ගාලක ශෝකාන්තය

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු පිස් පෝච්චිය​. මේ ආයතන වල දැන් කිසිදු අධ්‍යාපන ගුණාත්මක භාව යක් නොමැත​.

අන්තර්ජාතික අධ්‍යාපනික මට්ටම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු හරක් ගාල් වේ. මේ ආයතන වලට යමක් කමක් තිබෙන වැද ගතුන් යන්නේ නැත​. උන් යන්නේ දියුණු ශිෂ්ට රට වල උසස් විශ්ව විද්‍යාල වලටය​. 

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දැන් යන්නේ දුගී දුප්පත්  අසරණ මිනිසුන් ගේ දරුවන්‍ වෙති. හිඟන්නාට කෙලින්නේ තවත්  හිඟන්නෙකි යන කියමන සනාථ කරමින් දුගී අසරණයන් යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මරු භූමි බවට පත් කරගෙන සිටින්නේද මේ අසරණ දුගී පන්තියෙන් පැමිණි හීනමානයෙන් පෙලන හිඟන්නන් කොටසක් විසිනි. 

අන්තරය ,  මහා ශිෂ්‍ය සංගමය වැනි නානාප්‍රකාර නම් වලින් පෙනී සිටින මෙම හීනමාන හිඟන්නන් තමන්ගේ පන්තියෙන් එන අනෙකුත් අසරණයන්ට මෝල් ගස් ප්‍රහාර දී පර පීඩක ආතල් එකක් ලබති. 

නමුත් මේ හීනමාන  හිඟන්නන් ධනවත් පවුල් වල ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ , එඞලන්තයේ  , කැනඩාවේ විශ්ව විද්‍යාල වලට යන බේබිලා දුටු විට මෝල් ගස්  අකුලා ගනිති. බේබිලා දකින විට මොවුන්ට සුළු දිය පහවේ. 

2011 වසරේදී  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් යැයි කියාගත් මානසික අසහනකාරයන් වන ජී. ජී. චරිත ලක්‌මාල්, ඡේ. ඒ. රුචිර මධුශංඛ හා පී. යුෂාන් සඳරුවන් යන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  ශාස්‌ත්‍ර පීඨ සිසුන් තිදෙනා නවක සිසුවෙකු පැහැර ගෙන ගොස් නවක වධය කියා එම සිසුවාට බලහත්කාරයෙන් ගුධ ලිංගික අපහරණයක් කළහ​.

මෙම අපරාධයයේ සාක්‍ෂිකරුවෙකු වූ වින්දිත ශිෂ්‍යයා සමග එකම කාමරයේ සිටි දික්‌ඕවිට කංකානම්ගේ නිශාන්ත සාක්‍ෂි මත මහා ශිෂ්‍ය සංගමයේ අසහනකාරයන් තිදෙනාට අත් හිටවූ සිර දඩුවම් පනවන ලදි. 

නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය  නම් හරක් ගාලේ  උපකුලපතියැයි කියා ගත් මහාචාර්‍ය අතුල සේනාරත්න කියන ගෝත්‍රික නායකයා හෝ ඔහුගේ පරිපාලකයන් මේ අසහනකාරයන් තිදෙනාට නිදහසේ විශ්ව විද්‍යාලයේ සිටීමට අවකාශ සලසා දුන්හ​. 

බජාර් එකේ මිනීමරුවන් ඇප ලබාගෙන එන විට ප්‍රීති ගෝෂා කරන පාතාලයේ අනෙක් සාමාජිකයන් මෙන් බලහත්කාරයෙන් ගුධ ලිංගික අතවර සිදු කල ජී. ජී. චරිත ලක්‌මාල්, ඡේ. ඒ. රුචිර මධුශංඛ හා පී. යුෂාන් සඳරුවන් යළි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එනවිට ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නේ යෑයි මොරදෙන මහා ශිෂ්‍ය සංගමය විසින් මල් මාලා දමා පිලිගනු ලැබීය​. 

නමුත් මේ අපරාධය වසන් වීමට ඉඩ නොදුන් දික්‌ඕවිට කංකානම්ගේ නිශාන්ත සිසුවාට දිගි දිගටම හිරිහැර කරන ලදි. නිශාන්ත සිසුවා විශ්ව විද්‍යාලයෙන් පළවා හරින තෙක් ඔහුට දස වධ දුන්හ​. 

නිශාන්ත ගේ උපකාරයට පේරදෙණිය හරක් ගාලේ උපකුලපතියැයි කියා ගත් මහාචාර්‍ය අතුල සේනාරත්න කියන ගෝත්‍රික නායකයා හෝ ඔහුගේ පරිපාලකයන් නාවේය​. රූපා රත්නසීලී, වරප්‍රගාශ් බිළි ගත්තාක් මෙන් නිශාන්තගේ ජීවිතයද  පේරදෙණියේ ගහළයන් විසින් උදුරා ගනු ලැබීය​. 

වැරදිකරුවන් දෝතින් වැළඳගන්නා සහ වැරදිකරුවන්ට දඬුවම් නොකරන ශ්‍රී ලංකාව නම් අසංකෘතික අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික දේශය මේ තත්වයට ගෙන එන ලද්දේ දේශපාලකයන් පමණක් නොවෙති. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යන හරක් ගාල්ද මේවාට වග කිව යුතුය​. 

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails