Ads 468x60px

.

'ෆේස්‌ බුක්‌ විදුහල්පති' කුරුණෑගල කලාප කාර්යාලයට

කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ අධ්‍යාපනය ලද වෙනුෂා ඉමන්දි බණ්‌ඩාර සිසුවිය ෆේස්‌ බුක්‌ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගැනීම ගැන චෝදනා ලැබ සිටින එම විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා මෙම සිදුවීමට අදාළ පරීක්‍ෂණ නිමවනතෙක්‌ ඊයේ (21 දා) සිට කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලයට අනුයුක්‌ත කරන ලදී.

වයඹ පළාත් ප්‍රධාන ඇමැති අධ්‍යාපන විෂය භාර ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස්‌ මත ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් බී. බී. එම්. සිරිසේන මහතා විසින් ඊයේ (21 දා) ලිච්චවී ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව කීවේය.

ඊයේ (21 දින) සිට ක්‍රියාත්මක විදුහල්පතිවරයාගේ අනුයුක්‌තිය දින නියමයක්‌ නොමැතිව පරීක්‍ෂණ නිමවනතුරු ක්‍රියාත්මක වන බව ද

මෙහිදී අනාවරණය විය.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය යටතේ පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමෙන් පසු 21 වැනිදා වයඹ ප්‍රධාන ඇමැතිවරයා අදාළ නිලධාරීන්ගේ තීන්දුවකින් විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ විදුහල්පති ධුරයෙන් තාවකාලිකව ඉවත් කර කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයට මෙසේ අනුයුක්‌ත කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා සහභාගි වී සිටියේ නැත.


ළමා ඝාතක ඩබ්.එම්.සමන් ඉඳ්‍රරත්න අත්ඩංගුවට
 
Related Posts with Thumbnails