Ads 468x60px

.

සම්බාහන මධ්‍යස්‌ථාන හා ගණිකා ව්‍යාපාරය

සම්බාහන මධ්‍යස්‌ථාන වල සේවය කරන කතුන් බොහෝමයක්‌ විවාහක ය. ඉතාම සුළු පිරිසක්‌ අවිවාහක තරුණියන් සිටී. මොවුන් බොහෝම යක්‌ කොළඹින් පිට පළාත්වලින් පැමිණි කාන්තාවන්ය. පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, හලාවත, කළුතර, රත්නපුරය, අම්පාර වැනි ප්‍රදේශවල පදිංචි බොහෝ පිරිසක්‌ මෙහි රැකියාව කරති. කොළඹ පිළිගත හැකි ආයතනවල රැකියාවල නිරත වන බව දෙමාපියන්ට පවසා ඔවුහු මේ ව්‍යාපාරයෙහි යෙදෙති.

ශ්‍රී ලංකාවේ ගණිකා ව්‍යාපාරයේ තවත් ප්‍රවණතාවයකි සම්බාහන මධ්‍යස්‌ථාන තුළ සිදුකෙරෙන ගණිකා ව්‍යාපාරය. අද ලංකාවේ SPA නමින් හැඳින්වෙන්නේ එම "මසා- සෙන්ටර්" ය. ඒවා විවිධ ලේබල්

යටතේ ආයුර්වේද පංචකර්ම සිදුකරන ස්‌ථාන ලෙසත්, සංචාරක සත්කාරක නිකේතන ලෙසත් හඳුන්වා ඇත. 

කොළඹ නගරයේ පමණක්‌ මෙවැනි ස්‌ථාන 100 ක්‌ පමණ ඇත. කැලණිය, වත්තල, මීගමුව, නුගේගොඩ, ගල්කිස්‌ස, දෙහිවල, පානදුර, කළුතර, මහරගම, හික්‌කඩුව ආදී ප්‍රදේශ පුරාම මෙම ස්‌ථාන දැකිය හැකිය. 

කුරුණෑගල, නුවර වැනි රට අභ්‍යන්තරයේ ද මෙවැනි ස්‌ථාන විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. රට පුරාම මෙම ස්‌ථාන 2000 කට වැඩි ප්‍රමාණයක්‌ ඇත. මෙවැනි ස්‌ථානයක සාමාන්‍යයෙන් අවම වශයෙන් කාන්තාවන් 5-10 අතර ප්‍රමාණයක්‌ සේවය සපයයි. 

ඔවුන් හඳුන්වන්නේ තෙරපිවරියන් ලෙසයි. මේවා බොහෝමයක්‌ පවත්වාගෙන යන්නේ ද දේශපාලන බලපුළුවන්කාරකම මත ලබාගත් අවසරයක්‌ මතය. මෙහි ඇතුළත සිදුවන කිසිදු ආයුර්වේද පංච කර්මයක්‌ නැත. කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ තුළ සිදුවන සම්බාහනයක්‌ ද නැත.

සම්බාහන මධ්‍යස්‌ථාන යන ලේබලය යටතේ මේවා තුළ සිදුකෙරෙන්නේ ගණිකා ව්‍යාපාරයකි. මෙහි සේවය කරන කාන්තාවන්ගේ පහස ලැබීමට සමාජයේ විවිධ ස්‌ථරවල සේවය කරන පුද්ගලයන් පැමිණෙන බව අනාවරණය විය. 

වෛද්‍යවරුන්, නීතිඥයන්, විධායක නිලධාරීන්, වරාය සේවකයන්, ව්‍යාපාරිකයන්, බැංකු නිලධාරීන් සේම පෙදරේරුවන්, වඩුවන් වැනි අය ද මොවුන්ගේ පහස ලබන්නේය. 

තරුණ අයගේ පැමිණීමේ සම්භාවිතාව ඉතාම පහළ මට්‌ටමක පවතින අතර මෙවැනි ස්‌ථාන කරා වැඩි වශයෙන් පැමිණෙන්නේ අවුරුදු 40 ඉක්‌මවූ අය වීම ද විශේෂ ලක්‍ෂණයකි. 

මෙවැනි සම්බාහන මධ්‍යස්‌ථානයකට ඇතුළත් වීමේ (පැයකට) ගාස්‌තුව රු. 1000 කි. එම මුදල ගෙවීමෙන් අනතුරුව එහි සේවය කරන තෙරපිවරියන්ව ගනුදෙනුකරුට පෙන්වයි. ඉන් තමන් කැමති තෙරපිවරියක්‌ තෝරාගත හැකිය. අනතුරුව එම තෙරපිවරිය ගනුදෙනුකරුව කාමරයකට රැගෙන යයි. 

ඇඟපත සෝදාගෙන එන ලෙස ඇය ගනුදෙනුකරුට පවසයි. අනතුරුව ඇය එම ගනුදෙනුකරුගෙන් ඔහුට අවශ්‍ය සේවාව කුමක්‌දැයි අසා ඔහුට අවශ්‍ය සේවාව වෙනුවෙන් වෙනම ගාස්‌තුවක්‌ අය කරයි. එම ගාස්‌තුවේ ප්‍රමාණය තීරණය වන්නේ ඔහුගේ සේවයේ ස්‌වභාවය අනුවයි. 

මුලින් ගෙවූ ගාස්‌තුවට අමතරව තෙරපිවරියට රු. 1000-5000 ත් අතර මුදලක්‌ ගෙවිය යුතුයි. ඊට හේතුව එහි සේවය කරන තෙරපිවරියන්ට එම සම්බාහන මධ්‍යස්‌ථානයෙන් කිසිදු වැටුපක්‌ නොගෙවීමයි. හුදෙක්‌ම සම්බාහන මධ්‍යස්‌ථානයන් තුළ සිදුවන්නේ අනියම් ආකාරයකින් සිදු කෙරෙන ගණිකා ව්‍යාපාරයකි.

මෙම සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන කතුන් බොහෝමයක්‌ විවාහකය. ඉතාම සුළු පිරිසක්‌ අවිවාහක තරුණියන් සිටී. මොවුන් බොහෝමයක්‌ කොළඹින් පිට පළාත්වලින් පැමිණි කාන්තාවන්ය.


පොලොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, හලාවත, කළුතර, රත්නපුරය, අම්පාර වැනි ප්‍රදේශවල පදිංචි බොහෝ පිරිසක්‌ මෙහි රැකියාව කරති. කොළඹ පිළිගත හැකි ආයතනවල රැකියාවල නිරත වන බව දෙමාපියන්ට පවසා ඔවුහු මේ ව්‍යාපාරයෙහි යෙදෙති.

විජිත ලංකා
ආචාර්ය - ඩී.එස්‌. සේනානායක විද්‍යාලය - කොළඹ
 
Related Posts with Thumbnails