Ads 468x60px

.

රූමත් තරුණියකගේ රූපයට වශීවූ බැංකු නිලධාරියා ගේ ෆේස්‌ බුක්‌ "සෙල්ලම" නිවසේ බාල්කයේ

ෆේස්‌ බුක්‌ (මුහුණු පොත) සමාජ ජාල වෙබ් අඩවියේ සිය ගොනුවේ තමාගේ සැබෑ ඡායාරූපය වෙනුවට වෙනත් රූමත් තරුණියකගේ ඡායාරූප ඇතුළත් කර ඇතිවූ ප්‍රේම සබඳතාවයකින් පසු එම "සෙල්ලම" සිය පෙම්වතාට හෙළිවීමෙන් සිත් තැවුලට පත් ඇල්පිටිය, පිටිගල, මන්නාගොඩ ප්‍රදේශයේ පදිංචි දිනුෂිකා කන්නංගර නමැති 19 හැවිරිදි තරුණියක්‌ සිය නිවසේ බාල්කයේ එල්ලී දිවි හානි කරගෙන ඇත.

තමා වෙත ලැබුණු රූමත් තරුණියගේ රූපයට වශීවූ බැංකු නිලධාරියා පසුගිය දිනෙක ගාල්ලේ පිටිගල පදිංචි මෙම තරුණියගේ නිවෙස සොයාගෙන පැමිණ ඇත.


එහෙත් තමා බලාපොරොත්තු වූ තරුණිය වෙනුවට මෙම තරුණිය දැකීමෙන් පසු සිත් බිඳුණු බැංකු නිලධාරියා ඇය සමඟ කතාබස්‌කර ආපසු ගොස්‌ තිබේ. ඉන් පසුව ජීවිතය ගැන කලකිරී එම තරුණිය දිවි හානිකර ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ප්‍රකාශ කළේය.

මෙම තරුණිය උසස්‌ පෙළ දෙවන වරට ලියා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටි තරුණියකි.
 
Related Posts with Thumbnails