Ads 468x60px

.

ගුරුවරිය ගිනි තබා ගත්තේ පවුලේ සියලු දෙනා ලෙඩ වු නිසාද..?

සිය මව, පියා, සැමියා හා දරුවා එකවරම අසනීප වීම දරා ගත නොහැකිව පාසල් ගුරුවරියක වූ තරුණ මවක්‌ නිවසේ සියල්ලන් නිදාගත් පසු එළියට පැමිණ සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබාගෙන මිය යැමේ පුවතක්‌ ඊයේ (11 දා) කුලියාපිටිය තලහිටිමුල්ල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වුණා.

මියගොස්‌ ඇත්තේ තලහිටිමුල්ල අලලුව පදිංචි යමුනා ප්‍රියදර්ශනී අත්තනායක නමැති 35 හැවිරිදි එක්‌දරු මවක්. උපාධිධාරිනි යක වූ ඇය මියයන විට කුලියාපිටියේ විද්‍යාලයක පුස්‌තකාලයාධිපතිනිය ලෙස සේවය කරමින් සිට ඇත.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මියගිය කතගේ සැමියා වන ඒ. එම්. කීර්තිරත්න මහතා නවගත්තේගම ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්‌තව මානව සම්පත් කළමනාකාරවරයකු ලෙස

කටයුතු කරන අතර බිරිඳ කුලියාපිටිය විද්‍යාලයක සේවය කරන බවයි. 

 

බිරිඳ ඇගේ මව්පියන් සමග මහගෙදර සිටින බවත් තමන් සතියකට වරක්‌ නිවසට පැමිණෙන බව ඔහු කීවේය. මෙවර පැමිණෙන විට පවුලේ සියලු දෙනා අසනීප වී සිටි බවත් තමාද අසනීප වූ බවත් ඔහු කීවේය. 

සිද්ධිය වූ දින බිරිඳ තුන් හැවිරිදි දියණිය සමග ඇඳේ නිදාගත් අතර තමා බිම මෙට්‌ටයක්‌ දමා නිදාගත් බවත් රාත්‍රි 12.45 ට පමණ බිරිඳ තමන්ට බෙහෙත් පෙත්තක්‌දී කකුල් කැක්‌කුමට බෙහෙතක්‌ද ආලේප කළ බවත් පසුව තමාට නින්ද ගිය බවත් ඔහු පැවැසීය. 

පාන්දර 4.30 ට පමණ බිරිඳගේ මව චූටි මැණිකේ (මියගිය අය) කෝ කියා ඇසූ බවත් ඇය කාමරයේ නොසිටි නිසා තමන් බිරිඳගේ සොහොයුරියක වන දීපිකාත් සමග එළියට ගොස්‌ බලනවිට නිවස අසලම මිදුලේ ඇය පිළිස්‌සී වැටී සිටි බවත් ඔහු පැවැසීය.

සිද්ධිය වූ ස්‌ථානයේ ගිනි පෙට්‌ටියක්‌, පිළිස්‌සී ගිය ප්ලාස්‌ටික්‌ බෝතලයක්‌ වැනි දෙයක්‌ හා ජංගම දුරකථනයක්‌ තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදි.
 
Related Posts with Thumbnails