Ads 468x60px

.

පේනය බලන්න තරුණියක් නිරුවත් කරන්න හැදූ කපුවා වැඩ වරදියි

තමන්ට ඇති අසනීපයක් සම්බන්ධයෙන් පේනයක් බැලීමට දේවාලයකට පැමිණි තරුණියක් නිරුවත් කිරීමට උත්සහ කළ බව කියන කපුවෙකු අත්අඩංගුවට ගෙන ඇති පුවතක් ආණමඩුව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා. පසුගියා 12 වැනිදා මෙම සිද්ධිය සිදුවී තිබෙනවා. 

අත්අඩංගුවට ගෙන ඇති කපුවා ආණමඩුව නගරයට ආසන්නයෙන් දේවාලයක් පවත්වා ගෙනගොස් තිබෙනවා. ඔහු ආණමඩුව - දසනායකපුර පදිංචි 49 හැවිරිදි අයෙකි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

සුව නොවන රෝගයක් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා මෙම දේවාලයට 12 වැනිදා තරුණියක් පැමිණ
තිබෙනවා. ඇය නිකවරටියේ පදිංචි 27 හැවිරිදි අයෙකි. රෝග නිධානය සම්බන්ධයෙන් පේනය බැලීමට නම් නිරුවත් විය යුතු බව දේවාලයේ සිටි කපුවා
තරුණියට පවසා තිබෙනවා

නමුත් ඊට විරෝධය පළ කර ඇති තරුණිය මේ බව ආණමඩුව පොලීසියට දන්වා තිබෙනවා. පසුව ආණමඩුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ආණමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails