Ads 468x60px

.

රාත්‍රී ගමන් ගිය ගැහැණු ළමයි දෙදෙනා

කොළඹ උසස් පාසල් දෙකක දැරියන් දෙදෙනකු අද අලුයම දෙකට මහරගම බස් නැවතුමක සිටිය දී පොලිසියට කැඳවාගෙන ගිය බව ලංකාදීප පුවත් පත පවසයි. 

එසේම මේ දැරියන් දෙදෙනා නොගැල පෙන ඇඳුම් ඔවුන් ඇඳ සිටි බව ද පොලිසිය කියයි යැයි ලංකාදීප පුවත් පත තව දුරටත් වාර්තා කරයි. 

මේ වාර්තාවෙන් කියෙවෙන්නෙ කුමක්ද ? ලංකාව පසුගාමී ගෝත්‍රික දේශයක් බව නොවේද ? ඇෆ්ගනිස්තානය, යේමනය, සුඩානය වැනි නොදියුණු ගෝත්‍රික රටවල කාන්තාවන් තනිපංගලමේ යන විට කස පහර දෙති. ලංකාවද එවනි තත්වයක් තිබිය යුතු බව මේ වර්තා අනියම් ලෙසින් පවසයි. 


අදාල පාසල් දැරියන් දෙදෙනා නොගැලපෙන ඇඳුම් ඔවුන් ඇඳ සිටි බව ද පොලිසිය කියයි. මේ සඳහා නිර්නායක මොනවාද ? සාරියක් ඇඳ සිටියත් බඩ පේන නිසා
එයද නොගැලපෙන ඇඳුමක් බව පොලිසියට තර්ක කල හැක​. අනෙක  ශ්‍රී ලංකා පොලිසියේ සදාචාරය ගැන අමුතුවෙන් කිව යුතු නැත​.

ජපානය, සිංගප්පූරුව වැනි ආසියාතික රට වල කාන්තාවන් පවා මහ රෑ පාරේ ගමන් බිමන් යති. සංස්කෘතික වශයෙන් දියුණු සහ විනයක් පවතින පවතින එවැනි රට වල කාන්තවන් රෑට ගමන් බිමන් යාම ගැටළුවක් නොවීමත් ලංකාවේ එය ප්‍රධාන පෙලේ පුවත්පතක ප්‍රවෘතියක් වීමත් මගින් පෙනෙන්නේ ලංකාවේ තිබෙන සංස්කෘතික දරිද්‍රතාවයි.

මේ දැරියන් දෙදෙනාගේ ආරක්‍ෂාව ගැන යම් අයෙකුට තර්ක කල හැක​. ලංකාවේ නූගත් චන්දදායකයන් විසින් ප්‍රාදේශිය සභාවේ සිට ඉහලට රට පාලනය කිරීම සඳහා පත් කොට ගෙන තිබෙන්නේ ස්ත්‍රී දූශකයන් වෙති.


එවැනි තත්වයකදී  මේ ගැහැණු ළමයි දෙදෙනාගේ ආරක්ශාව ගැන ප්‍රශ්න මතුවේ. නමුත් එය මේ ගැහැණු ළමයි දෙදෙනාගේ ප්‍රශ්නයක්ද නැතහොත් මේ නූගත් පසුගාමී අසංකෘතික ගෝත්‍රික දේශයේ මිනිසුන් කාන්තාවන් කෙරෙහි දක්වන ප්‍රචන්ඩත්වය නිසා මතු වන ගැටළුවක්දැයි යන ප්‍රශ්නය මතුවේ.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails