Ads 468x60px

.

මගේ පෙම්වතා මටත් වඩා මගේ කකුල් වලට කැමති හේතුව...

කාන්තා යට ඇඳුම් 
සොරකමේ සිට 
පවතින අර්චන 
කාමය

විසිතුන් හැවිරිදි තරුණියක වන මගේ පෙම්වතාගේ වයස අවුරුදු තිහකි. අප රටේ ප්‍රධානතම සමාගමක අලෙවි විධායක තනතුරක් දරන ඔහු නිහඬ අහිංසක ජීවිතයක් ගත කරන්නෙකි. 

නමුත් අප නිදහසේ ගත කරන අවස්ථාවල ඔහු මගේ දෙපාවල වළලුකරෙන් පහළ කොටස කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වයි. මගේ දෙපාවල එම කොටස ස්පර්ශ කිරීමට, සේම සිප ගැනීමට පවා ඔහු
පෙළඹෙන අවස්ථා එමටය. පෙම්වතාගේ මේ හැසිරීම් සම්බන්ධයෙන් මගේ සිතේ තරමක ගැටලුවක් ඇති වී ඇත. 

ඊට හේතුව මට ආදරය කරන මුවාවෙන් ඔහු මගේ දෙපා කෙරෙහි සුවිශේෂ ඇල්මක් දැක්වීමය. එමෙන්ම පෙම්වතා ගේ මෙම අසාමාන්‍ය තත්ත්වය කිසිවකුටත් කීමට ද නොහැක. 

පෙම්වතා තුළ පවතින මෙම අසාමාන්‍ය තත්ත්වය කිසියම් මානසික රෝගී ලක්ෂණයක්ද ? මේ සඳහා ප්‍රතිකාර තිබේද ?

අතීත මිනිසා තමන්ගේ අධ්‍යාත්මිකත්වය පදනම් කරගත් මානසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යම් යම් සංකේත කෙරෙහි එල්බ ගත්හ.


කිසියම් දෙවියකු භූතයකු හෝ අදෘශ්‍යමාන බලයක් වැනි යමක් වෙනුවෙන් යම් යම් දෘශ්‍යමය ලාංඡන කෙරෙහි ගෞරවාදරයක් දැක්වීමටත් ඒවා වෙත පුද පූජා පැවැත්වීමටත් අතීත මිනිසා තුළ පැවැති නැඹුරුව සමාජ සහ මානව විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන තිබේ. ඔවුන් එය විස්තර කරනුයේ පූජා ලාංඡන භක්තිය (Fetishism) යනුවෙනි.

මිනිසා තුළ පවත්නා මෙම සහජ තත්ත්වය ඇතැමුන්ගේ ලිංගිකත්වය කෙරෙහි ද මීට මඳක් වෙනස් අයුරකින් බලපාන බව අනාවරණය වී ඇත. ලිංගික තෘප්තිය ලබා ගැනීම සඳහා විරුද්ධ ලිංගිකයන් හා සෘජු

සම්බන්ධතා ගොඩනගා ගැනීම වෙනුවට ඒ සම්බන්ධ වෙනත් සංකේත භාවිතයෙන් තෘප්තිමත් වීම එම වෙනසයි. 

මෙම තත්ත්වය මනෝ වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙනුයේ අර්චන කාමය (Fetishism) යනුවෙනි. ඒ අනුව Fetishism යන වදන මානව සහ සමාජ විද්‍යාවේදී සහ මනෝ වෛද්‍ය විද්‍යාවේදී දෙඅයුරින් අර්ථ ගැන්වෙනු පෙනෙයි.

ලිංගික අවවර්තන ගණයට වැටෙන මානසික රෝගයක් වන මෙම අර්චන කාමය අප සමාජයේ වඩාත් ප්‍රචලිත වී ඇත්තේ කාන්තාවන්ගේ ඇඳුම් සොරකම් කරන්නවුන්ගේ ක්‍රියා මුල්කර ගනිමිනි. 


විශේෂයෙන් කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කරන්නවුන් පිළිබඳ පුවත් අප සමාජයේ නාගරික සේම ගම්බද ප්‍රදේශවලින් ද වාර්තා වේ. ආර්ථික වශයෙන් වටිනාකමක් නැති මෙබඳු දේ සොරා ගැනීම බොහෝ විට අර්චන කාමයෙන් පසුවන පුද්ගලයන්ගේ ක්‍රියා වශයෙන් හඳුනාගත හැක.

මෙබඳු පුද්ගලයන් තෘප්තිමත් වනුයේ කාන්තාවන් සමග සාමාන්‍ය පරිදි ලිංගිකව හැසිරීමෙන් නොවේ. එසේ සොරකම් කර ගන්නා ඇඳුම් ඇසුරිනි. මෙම අර්චන කාමය නම් රෝගී තත්ත්වය ඇඳුම්වලට පමණක් සීමාවූවක් නොවේ. 

කාන්තා ඇඳුම්, ආභරණ සේම කාන්තාවන්ගේ ශරීරයේ ලිංගික
ආකර්ෂණයක් නොමැති ස්ථාන කෙරෙහි දැඩි ආකර්ෂණයක් පළ කිරීම ද මෙම රෝගයේම කොටසකි. කාන්තාවන්ගේ සෙසු ශරීරාංග අභිභවා දෙපා කෙරෙහි සුවිශේෂ ලිංගික ආකර්ෂණයක් ඇති කර ගැනීම foot fetishism හෙවත් Podophilia යනුවෙන් හැඳින්වෙයි.


අතීත සමාජයේ කාන්තාවන්ට සාපේක්ෂව වත්මන් කාන්තාවෝ දෑත් දෙපා කෙරෙහි ද විශේෂ ඇල්මක් දක්වති. නවීන රූපලාවන්‍යවේදයෙන් ද දෙපාවල සුන්දරත්වය පිළිබඳව පුන පුනාම කියැවෙයි. 


එසේ කෘත්‍රිම ක්‍රම මගින් පවා හැඩ ගැන්වෙන කාන්තා දෙපාවල කිසියම් ආකර්ෂණීය බවක් පැවැතීම අරුමයක් නොවේ. එබැවින් යමකුගේ සිත තුළ එවන් දෙපා යුවළක් කෙරෙහි ආකර්ෂණයක් ඇගේ දෙපා කෙරෙහි පමණක් ඇති වීම රෝගයක් නොවේ. 

එහෙත්, ඒ ආකර්ෂණය දෙපා කෙරෙහි පමණක් රැඳී තිබේ නම් එය අර්චන කාමය නම් රෝගය ලෙස මූලික වශයෙන් හඳුනා ගත හැක. එබඳු පිරිමි කාන්තාවන්ගේ දෙපා සුරතල් කිරීමෙන් (Foot Fonding) නොනැවතී ඒ මගින් පූර්ණ ලිංගික තෘප්තියක් ලැබිමටද උත්සාහ කරති. 

කාන්තාවන්ගේ දෙපා ඇසුරින් ලිංගික තෘප්තියක් ලබා ගැනීම පිණිස විවිධ උපාය මාර්ග ද යොදති. මේ තත්ත්වය නිසා එබඳු පිරිමින් සාමාන්‍ය ලිංගික චර්යා දාමය බිඳ වැටෙයි. මෙය මානසික රෝගයක් ලෙස හැඳින්වෙනුයේ එබැවිනි.

අර්චන කාමය නම් වන මෙම රෝගී තත්ත්වය පිරිමින්ට පමණක් සීමා වූවක් නොවේ. ඇතැම් කාන්තාවන් තුළ ද පිරිමින් සම්බන්ධයෙන් මෙවන් අසාමාන්‍ය ආකර්ෂණයක් ඇති විය හැක. නමුදු කාන්තාවන් කෙරෙහි මෙම තත්ත්වය බහුලව වාර්තා නොවේ.


මෙවන් තත්ත්වයන් බැලූ බැල්මට මානසික රෝග වශයෙන් නොපෙනේ. එනිසා අද සමාජයේ බොහෝ දෙනකු මේ තත්ත්වයන් හඳුන්වනුයේ ‘ඒ එයාගේ හැටි’ ‘ඉස්සර ඉඳන් එයා ඔහොම තමයි’ ආදී වශයෙනි.එහෙත් කාන්තා යට ඇඳුම් සොරකමේ සිට මෙවන් රුචිකත්වයන් දක්වා පැතිර ගත් අර්චන කාමය පිටුදැකිය හැකි විධිමත් මනෝ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර තිබේ. 


එම ක්‍රියාවේ ඇති නුසුදුසු භාවය මනෝ විද්‍යාත්මකව ඒ පුද්ගලයාගේ මනැසට පිවිසුවිය හැකි ව්‍යවර්ථන චිකිත්සාව (Averison theraty) ඉන් එක් ක්‍රමයකි. ඊට අමතරව මනැසට හිතකර වෙනත් විනෝදාංශ සහ යහපත් ක්‍රියාකාරකම් කෙරෙහි එම පුද්ගලයා යොමු කිරීමෙන් ද මෙම අර්චන කාමය කෙරෙහි ඇති නැඹුරුව දුරු කළ හැක.

එබැවින් යමකුගේ පෞරුෂයට සේම පවුල් සහ සමාජගත ජීවිතයට ද අහිතකර ලෙස බලපාන මෙම  තත්ත්වය  දුරුකර ගැනීම පිණිස ළඟම ඇති ප්‍රධාන රෝහ‍ලේ මනෝ වෛද්‍ය සායනය වෙත හෝ පිළිගත් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු වීම ඉතා වැදගත්ය.


ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ
විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy
 
Related Posts with Thumbnails