Ads 468x60px

.

කවුරු බැන්දත් මාසෙකට එක දවසක් හරි මාත් එක්කත් ඉඳලා යන්න - තරුණියගෙන් ආයාචනයක්


මෙයා මට 
දෙන සහනය 
දන්නෙ මං විතරයි

“කමක් නැහැ සර් මෙයාට මම එපාම නම් ඕනෑ කෙනෙක් බැදගන්න කියන්න. ඒක මගේ ෙදෙවය කියලා මං හිතාගන්නම්. කවුරු බැන්දත් මාසෙකට එකම එක දවසක් හරි ඇවිත් මාත් එක්කත් ඉඳලා යන්න කියන්න” මේ තරුණියක් කළ ආයාචනයකි. 

ආයාචනය කළේ කුරුණෑගල හිටපු මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඩී.පී. සිරිවර්ධන මහතාගෙන්ය.

වැලිදූවිලි නාගෙන කෝම්පිට්ටු හැදුව, ඉදුන කහපාට කොස් කොළවලට ඉරටු ගහලා හදාගත්ත රත්තරන් ඔටුනු පැළඳගෙන රජවුණ සුන්දර අතීතයක් චන්ද්‍රරත්නටත්, ප්‍රියංකරටත් තිබුණා.


කාලය විටෙක ගෙවුණේ ඉබිගමනින්. විටෙක අධිවේගයෙන්. ප්‍රියංකර කුරුණෑගල සිට කටුනායක පදිංචියට ගියේය. චන්ද්‍රරත්න දවසක් ප්‍රියංකර

සොයාගෙන කටුනායක ගියේය. ඒ පුංචි සන්දියේ ගොඩනැගුණ මිත්‍රත්වය එලෙසම පවතින බැවිනි.

“මට උඹට කියන්න අමතක වුණානෙ. අපේ ගෙදර දැන් නැවතිලා ඉන්නවා නිදහස් වෙළෙඳ කලාපයේ වැඩ කරන කෙල්ලක්” ප්‍රියංකර කීවේය.


“ෂා... නියමයිනෙ. කොහොමද කෙල්ල. ලස්සනද?”
“මොනවද මේ කතා මස්සිනා. තව ඩිංගකින් වැඩ ඇරිලා එයි. ඔය ඇස් දෙකින්ම බලපන්කො ලස්සනද කියලා. ඒකිගෙ නම මේනකා ඒකි මං නම් පිස්සු වට්ටලා ඉන්නෙ...”


“උඹ රෑට කාමරයටවත් පනින්න බැලුවේ නැද්ද...?”


“පිස්සුද බං... රේණුකා ඉන්නෙ ඉව අල්ලා ගත්තු ගමන්. අපෙ ගෑනිගෙන් බේරිලා ඒව කරන්න බෑ. මං හිතනකොටත් එයා දන්නවා. අනෙක් එක මචං මං දැක්කා තාත්තා කෙනෙක්. බඳින්න ඉස්සර වෙලා අපි කළ වැඩ මං අමුතුවෙන් උඹට කියන්න ඕනි නැහැනේ...”


“අනේ, පලයන් යන්න. මං දන්නෙ නැද්ද? උඹගෙ හැටි. දත් හැලුනට, ලොම් හැලුනට, කොටි සිල් ගන්නවාද බං...” “අන්න එනවා...”


“උඹ කිව්වේ ඇත්ත නේන්නම් බං. නියම ෆිගර් එකක්නෙ.”
චන්ද්‍රරත්නගේත්, මේනකාගේත් දෑස් හමුවිය. ඇය සුපුරුදු සුහදශීලීත්වයෙන්ම ඔහුට සිනාසුණාය. ගතවුණේ මාස තුනක පමණ කෙටිකාලයකි. චන්ද්‍රරත්න දැන් මේනකා සමග අඹුසැමියන් ලෙසද හැසිරෙයි. ඒ ප්‍රියංකර දැනුවත්වය.


ඇය ගණිකා වෘත්තියේද යෙදෙන්නියක බව දැනගැනීමට ඔහුට ගතවූයේ ටික කාලයකි. ඔහු ඔහුගේ යහළුවන්ටද ඇය යොමු කළේය. කෙසේ වෙතත් ඇය චන්ද්‍රරත්නට පපුවේ ගැඹුරින්ම ආදරය කළාය. සැබෑ ආදරයේ හැටි එහෙමය. ගණිකාවක් තමන් සමග සතුටුවන හැම මිනිහාටම ආදරය කරන්නේ නැත. 


මුදල් ඉපයීමත්, ආදරයත් අතර කිසිම සම්බන්ධයක් නැත. මේනකා චන්ද්‍රරත්නට ආදරය කළේ අවංකවමය. ගොනුන් පසු පසම කැරකෙන කරත්ත රෝදයක් මෙන් මේනකා චන්ද්‍රරත්න පසුපසම ආවාය. ඔහුට ඇගෙන් බේරෙන්නම බැරිවිය.

ගඟේ, මූදේ, ලෝකාන්තයෙන් පනින්න බැරිකමට අවසානයේ චන්ද්‍රරත්න විදේශගත විය. ඔහු යළි ලංකාවට ආවේය. ඒ දෙවසරකට පසුය. සියල්ල දැන් වෙනස්වී ඇතැයි ඔහු සිතුවේය. 


ඒ සිතිවිල්ල වැරදිය. මේනකා චන්ද්‍රරත්නගේ සෙවණැල්ල මෙන් පසුපසම ආවාය. “කාලකණ්ණි පව්කාර ගෑනියේ උඹ එලව එලවා දෂ්ට කරන හැපින්නියක්... හැතිරියක්... යකෝ” චන්ද්‍රරත්න මේනකාට බැණ වැදුණේය.

“මට මෙහෙම බනින්න එපා... අනේ. ඔයාට පව්. මට ඔයා නැතුව බෑ. මට කියන්නෙත් නැතුව රට ගියා. මේ අවුරුදු දෙක මං හිතින් වින්ද දුක දන්නෙ මං විතරමයි. ඉතින් ඇය හඬාවැටුණාය.


චන්ද්‍රරත්නගේ යතුරුපැදිය කොහේ දැක්කත් මේනකා දුවගෙනවිත් පිටුපස අසුනේ වාඩිවුණාය.


“බැහැපන්... බැහැපන්... මේනකා... මං මීනිමරුවෙක් කරන්න එපා. මට ලැජ්ජා කරන්න එපා. මං බයික් එක වාහනයක නැත්නම් ගහක හප්පනවා. නැත්නම් රන්තලිය වැවට දානවා...”


මොනතරම් තර්ජනය කළත්, අනතුරු ඇඟවීම් කළත් ඇය ඔහු අතැර ගියේ නැත. යතුරුපැදියේ  පසුපස අසුනේ ඇය වාඩිවූ දවසක ඔහු කුරුණෑගල නගරයේදී ඇයට පහර දුන්නේය.


මේනකා කුරුණෑගල මූලස්ථාන ‍පොලීසියේ කාන්තා කාර්යංශයට ගොස් එහි ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය හමුවුණාය. චන්ද්‍රරත්නට විරුද්ධව පැමිණිලි කළාය.


‍පොලීසිය - “බැඳලා ගුටිකන එකද හොඳ. බඳින්න ඉස්සර වෙලා ගුටි දෙක තුනක් කාලා ඒ මනුස්සයාගෙන් අයින් වෙන එකද හොඳ. මූදේ ඉන්නෙ එක මාළුවාද?”


“මට ගැහුවා ‍නෙවෙයි. මං මැරුවත් එයාගෙන් අයින් වෙන්නෙ නෑ මිස්...”
“ඒක තමුන්ගෙ කැමැත්තක්. මං ‍නෙවෙයිනෙ ගුටිකන්නෙ. ලබන ඉරිදා දහයට ‍පොලීසි එන්න ඕනෑ. ඔය අපූරු ආදරවන්තයත් එදාට කැඳවනවා.
එදා උදේ දහය වෙන්න කලින් මම ‍පොලීසි ගියෙමි.


‍පොලිස් පරීක්ෂිකා අයිරා ප්‍රනාන්දු මහත්මිය - “දෙනෝදාහක් බලාගෙන ඉද්දි තමුන් මොකද? මේ ගෑනු ළමයින්ට ගහන්නෙ. පිරිමිකමටත් ලැජ්ජයි.”


“ඉවසලා... ඉවසලා... බැරිම තැන තමයි මං මෙයාට පාර දෙකතුනක් ගැහුවේ. කොයිතරම් බැන්නත් ඇවිත් බයික් එකට නගිනවා. මෙයා මට මහා ඉසේ කැක්කුමක්.”


මේනකා - “අනේ... චන්දරේ... අපි කසාද බදිමුකො. ප්‍රශ්න සේරම ඉවරයිනෙ එතකොට.


උඹගෙ හිතේ ඇති ලොකුවට. ඒක නිකං උඹ දකින හීනයක් විතරයි. උඹ වගේ පඩංගු ගණිකාවක් බැඳගන්න මගේ මොළේ අමාරුවක් තියෙනවා කියලා උඹ හිතුවද?”


‍පොලීසිය - “මොකක්ද ඒ කතාවේ තේරුම? මෙයා ගණිකාවක්ද?”


“ඔව්... මිස් මෙයා අංක එකේ ගණිකාවක්” කියමින් කතාව පටන්ගත් ඔහු මේනකා හදුනාගත් හැටි සහ ඉන්පසු සිදුවූ සියලු තොරතුරු පැහැදිලි කළේය. මං රට ගිහිල්ලා ආවට පස්සෙ මගෙ තියෙන කරුමෙට තමයි මෙයා ආයෙත් මුණගැහුනෙ. මං කීවා ආයෙ නම් මං පස්සෙ එන්න එපා ඔයා ගණිකාවක් කියලා.”


“නෑ චන්දරේ මං ඒ වැරදි වැඩේ දැන් කරන්නේ නෑ. මං හිතාගත්තා ඔයා ආපසු ලංකාවට එනකොට මං හොඳ කෙල්ලක් වෙලා ඉන්නවා කියලා.
ඒ වගේම මං දැන් හොඳ කෙල්ලක්. අපි බැඳලා සතුටින් ඉමු මගෙ සුදු රත්තරන්... කියලා මෙයා ඇඬුවා. මගෙ හිත උණුවුණා. පව් මට තියෙන ආදරේ හින්දනෙ මං ගැහුවත්, බැන්නත් මගෙ පස්සෙම එන්නෙ කියලා මට දුක හිතුණා.


දවස් දෙක තුනක් ගියා. මට හිතුණා ‍පොඩි ‘ටෙස්ට්’ එකක් කරන්න. මං මෙයාගෙ ෆොටෝ එක ත්‍රිවීල්කාරයෙකුට පෙන්නුවා. ඔයාට පුළුවන්ද මට මෙයා ගෙනත් දෙන්න කියලා මං ඇහුවා. 


අයියෝ සිම්පල්නෙ මට මිනිත්තු විස්සක් දෙන්නකො කියලා ගිය ත්‍රිවීල්කාරයා මෙයා එක්ක ආවා. මං ඇහුවා දැන් මොකද කියන්නේ කියලා මෙයාට කටඋත්තර නැතිවුණා මිස්.”

‍පොලීසිය - “මේ කියන විදියට තමුන් පිරිමි ගොඩාක් ආශ්‍රය කරනවා. ඉතින් ඇයි මේ මනුස්සයා මත්තෙම මැරෙන්න ලෑස්ති වෙන්නෙ.”
“මිනිස්සු දාහක් එක්ක හිටියත් මට වැඩක් නෑ. මෙයා මට දෙන සහනය දන්නෙ මං විතරයි...”


“තමුන් කිසිම හිරිකිතයක් නැතුව ඇත්තම කියනවා නේද? මමත් ගෑනියක්. මටත් ලැජ්ජයි තමුන් වගේ ගෑනියක් මට මීට ඉස්සර හම්බවෙලා නෑ.”


මේනකාත් චන්ද්‍රරත්නත් මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඩී.පී. සිරිවර්ධන මහතා හමුවට යවනු ලැබිය. කතාවේ මුල්ම ජේදය දැන් කියවලානෙ ඉන්නේ නේද? මේනකා බොහොම කාරුණික ඉල්ලීමක් කළානෙ.


ප්‍රධාන ‍පොලිස්පරීක්ෂක ඩී.පී. සිරිවර්ධන මහතා - “ (චන්ද්‍රරත්නට) - “දැන් ඉතින් කරන්න දෙයක් නෑ. තමුන් මාසයකට සැරයක් ගිහිල්ලා මෙයාව සතුටු කරලා එනවා. ඊට වැඩි දෙයක් ඉතින් මට කරන්න බැහැ.
(ඔහු එම උපදේශය ප්‍රතික්ෂේප කළේ නෑ...)


මෙත්සිරි බි. හේරත්
 
Related Posts with Thumbnails