Ads 468x60px

.

ත්‍රීවීල් එකට නගින තරුණියන් සමග හෝටලයකට යෑමට පෙරුම්පුරන ත්‍රීවීල් මල්ලිලා.


තරුණියන්ගේ 
අගපසග පෙනෙන 
කණ්ණ්ඩි හයි කරන හේතුව.

පසුගිය දිනෙක මහරගම රථවාහන පොලිසිය විසින් අනතුරු අවම කිරීමේ පරමාර්ථයෙන් මාර්ගයේ ධාවනය වන සියලුම රථවාහනවල රියැදුරු බලපත්‍ර පරීක්ෂා කිරීමක් සිදු කෙරිණ.

එහිදී වෙනත් බොහෝ තැන්වල සිදු නොවන අත්දැකීමකට මුහුණ දෙන්නට මහරගම ‍පොලිසියේ නිලධාරීන්ට සිදුවිය. වෙනදා රියැදුරු බලපත් නැතිව බොහෝ විට හසුවන්නේ තරුණ වියේ රියැදුරන්ය.


විශේෂයෙන් ත්‍රිරෝද රත රියැදුරන් ගතහොත් රටේම තත්ත්වය එයය. එහෙත් මහරගමදී පරීක්ෂා කෙරුණු ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් බලපත් නැති බොහෝ අය එවැනි අයම පමණක් නොවූහ.

එහිදී යතුරුපැදි ධාවනය කළ තරුණයින් කිහිපදෙනකු සහ ත්‍රිරෝද ධාවනයේ යෙදුණු වියපත් රියැදුරන් බොහෝ පිරිසක් රියැදුරු බලපත්‍ර

නොමැතිව රථවාහන ධාවනයේ යෙදී සිට ‍පොලිස් භාරයට පත්විය.

වියපත් විශ්‍රාමිකයින් රැසක් අමතර ආදායමක් අපේක්ෂාවෙන් ත්‍රිරෝද රථ ධාවනයට යොමු වී සිටින බව එහිදී මහරගම රථවාහන ‍පොලිසියේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක බුද්ධික අබේකෝන් මහතාට හඳුනා ගැනීමට හැකිවිය.

එහිදී අනාවරණය වූ අනෙක් කරුණ වූයේ ජනතාව, විශේෂයෙන් තරුණියන් සහ දරුවන් සිටින තරුණ මව්වරුන් මෙන්ම වියපත් ජනතාවද තරුණ පිරිස් ධාවනය කරන ත්‍රිරෝද රථවල යෑමට වඩා වියපත් පුද්ගලයන්ගේ ත්‍රිරෝද රථ මගින් ගමන් යෑමට කැමැත්තක් දක්වන හෙයින් ඔවුන්ගේ ආදායම යහපත් වී ඇති බවයි.

මෙය රථවාහන ‍පොලිසියටද අලුත් පුවතක් බැවින් මහරගම රථවාහන ‍පොලිස් පරීක්ෂකවරයා මෙන්ම අපද මාධ්‍යවේදීන් ලෙස මේ පිළිබඳව ජනතා අදහස් විමසීමක් කළෙමු. 


මහරගම නගරයේ පදිකවේදිකාවේ පුවත්පත් අලෙවිසලක් පවත්වාගෙන යන අනුර පෙරේරා මහතා මෙතැන යාබදව සති අන්ත ඉංග්‍රීසි පන්තියක් පැවැත්වෙනවා. මහරගම ජනප්‍රියම ඉංග්‍රීසි පාසල මෙයයි. 

මෙම දරුවන්ගේ මව්වරුන් තම දරුවන් බොහෝ විට රැගෙන එනුයේ ත්‍රිරෝද රථවලින්. ඔවුන් එහිදී වියපත් හෝ මැදිවියේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වාහනවල ගමන් කිරීමට ප්‍රිය බවක් දක්වනවා. ඔවන් තරුණයන් පදවන කැසට් යන්ත්‍ර සවිකළ අධික ශබ්ද ඇසෙන ත්‍රිරෝද රථවල යෑමට දක්වන අකමැත්ත නිසයි.

සමහර ත්‍රිරෝද රථ නොයෙක් සැරසිලි සහ නිකල් කළ යකඩ සවිකර තිබෙනවා. ඒවා දුටුවිටම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවයි පෙනී යන්නේ. එම ත්‍රිරෝදවලට ඔවුන් අත දිගු කරන්නේ නැති නිසා ඒ වගේම තරුණ මව්වරුන් පියවරුන් රැගෙන යන විට විනීත ලෙස හැඳ පැලඳ සිටින රියැදුරන්ගේ රථවලට ගොඩවීමට මනාපයක් පළ කරනවා. 


මෙතැනත් ත්‍රිරෝද රථ ගාලක් තිබෙනවා. මෙතැන සිටින බොහෝ රියැදුරන් මැදිවිය හෝ වියපත් පුද්ගලයන් එහිදී ‍පොලිස් නිලධාරීන් වුවද අනවශ්‍ය ලෙස පරික්ෂා කිරීම්වලට ලක්කරන්නේ නැහැ.

මහරගම බෝගහ අසල ත්‍රිරෝද රථ ධාවනයේ යෙදෙන ඩබ්ලිව්.ඒ.ඩී.ජයවර්ධන මහතා

 
මට මුනුපුරන් ද සිටිනවා. වසර තිහකට අධික කාලයක් මෙම රැකියාව කරන අයයි. අප අධික වේගයෙන් රථය ධාවනය කරන්නේ නැහැ. මෙය සැහැල්ලු ධාවනය සඳහා රෝද තුනක් පමණක් ඇතිව නිර්මාණය කළ වාහනයක්. එවැනි වාහනයක් පාරේ යා යුතු ක්‍රමයක් තිබෙනවා. රෝද හතරේ වාහන වගේ මේ වාහනයෙන් වෙට්ටු දාන්න යන්න බෑ.

තරුණ ගාය නිසා සමහර තරුණයන් මෙය වැරදි විදියට ධාවනය කරලා විපතට වැටෙනවා. පසුගිය කාලයේ රටපුරා පවුල් පිටින් අනතුරුවලට මුහුණ පා මිනිස්සු මිය ගියා. මේ තොරතුරු රූප සමග මිනිස්සු රූපවාහිනි මගින් නරඹනවා. 


ඉතිං ඊට පසු මිනිස්සු විනයකින් තොරව ත්‍රිරෝද රථ ධාවනය කරන තරුණ පිරිස අතහැර වියපත් අප කරා පැමිණෙනවා. ජීවිතයත්, දේ‍පොළත් රැකගෙන තමනුත් පරිස්සමින් යාම හොඳ රියැදුරකුගේ යුතුකම හා වගකීමය.

ගුවන්විදුලි යන්ත්‍රයක් හැර කැසට් යන්ත්‍රයක් සවි කරනවා නම් එය රථයේ ගමන් කරන මගියාගේ සිතට කරදරයක් නොවිය යුතුයි. මොකද සමහරු න් ත්‍රිරෝද රථවලට ගොඩවන්නේ විපත් කරදර ආදී දහසක් ප්‍රශ්න සිත තුළ පුරවාගෙනයි. ඔවුන්ට එම ගීය ගෝචර නොවන්න පුළුවන්. ඒ වගේම මේ තරුණ පිරිස කැප්, තොප්පි දාගෙන කොට කලිසම් ඇඳගෙන විච්චූර්ණ සැරසිලි එල්ලාගෙන සිටීම නම් මට අනුමත කරන්න බැහැ.

කොට්ටාවේ තිලංගනී කොඩිප්පිලි මහත්මිය

 
පත්තරේ ෆොටෝ එක දැම්මොත් මේ ත්‍රීවීල්කාරයෝ මාව එම වාහනයේ හප්පා මරා දමාවි. අද ඉස්සර වගේ නොවේ හැමතැනම මාෆියාවක් තියෙනවා. ඇත්තම කියනවා නම් ත්‍රිරෝද රථ තරුණ රියැදුරන් රථය තුළ සෑම තැනම කණ්ණාඩි සවි කරලා රථයේ ගමන නිමා වනතුරුම ඒ කණ්ණාඩි තුළින් මුහුණ බලනවා ඉඟිබිඟි පානවා. 


එහෙම අය සමග කුඩා ළමයකු පවා යැවීමට බියක් තිබෙනවා. ඒ වගේම ඉස්සර තරුණ පිරිස වගේ නෙවේ මීටරය තිබෙද්දීත් මීටරය නොදමා ධාවනය කරන අවස්ථා තිබෙනවා.

වියපත් රියැදුරන් අපිට පාලනය කර ගන්න පුළුවන්. අසීලාචාර වියපත් පුද්ගලයන්ද නැතුවා නොවේ. තරුණයින්ට සාපේක්ෂව එම පිරිස සුළුතරයක්. ගෑස් කෑන් එක ගෙන්වා ගන්න, දරුවා මොන්ටිසෝරියට යවන්න වගේ වැඩකට වියපත් රියැදුරා විශ්වාසයි. මොකද ඔවුන් වගකීමක් ඇතිව වැඩකරනවා. අපි කුඩා කාලයේ තරුණ පිරිස මීට වඩා වගකීමක් ඇතිව කටයුතු කළා කියලා හිතෙනවා.

නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක ගුරුවරියක් සිය අනන්‍යතාවය හෙළි නොකර අදහස් පළ කළාය. තරුණයින්ට සාපේක්ෂව කාමයට බර වියපත් රියැදුරන් ඉතා සුළුතරයක් ඉන්නවා. රෝගියකු රැගෙන යාමට නම් වියපත් රියැදුරන් හුඟක් හොඳයි. 


ඔහු එහි ගෙනගොස් රෝගියා වෛද්‍යවරයාට පෙන්වීම දක්වා කටයුතු වලට දායකත්වයක් දක්වනවා. අනෙක මගේ කුඩා දරුවන් පවා 'අන්කල්' යැයි කිව හැකි වියපත් ත්‍රිරෝද රථ රියැදුරකුට තරුණයින්ට වඩා කැමැත්තක් දක්වනවා. 

විශ්‍රාමික ‍පොලිස් නිලධාරියකු හා විදෙස් රැකියාවක් කර ත්‍රිරෝද රියැදුරු රැකියාව කරන ටී.එච්.සෙයින් නම් මුස්ලිම් ජාතිකයා මෙසේ කියා සිටියේය.

දවසක් මා සමග හයර් එකක් ගිය රුසියානු ජාතිකයකු ඇසුවේ මේ රැකියාව මේ රටේ තරුණ පිරිස විනයකින් යුතුව සිදු නොකරන බවයි. විදේශිකයකු දුටුවිට අසම්පූර්ණ ඉංග්‍රීසි වදන් ප්‍රකාශ කරමින් වැඩිපුර මුදලක් ලබා ගැනීමට තරුණ රියැදුරන් උත්සාහ කරන බව ඔහු කියා සිටියා. ඔහු ශ්‍රී ලංකාවේ සිටින තුරු වියපත් සහ පිරිසිදුවට හැඳ පැලඳ සිටින රියැදුරන්ගේ වාහන පමණක් තෝරා ගන්නා බව මා සමග කියා සිටියා.

වියපත් ත්‍රිරෝද රථ රියැදුරකු වන පැලැන්වත්ත ප්‍රදේශයේ කේ.ඩී.ජයසේකර මහතා


ත්‍රීවීල් සමාජයට පැමිණෙන විට යහපත් පවුල් පසුබිමක් ඇතිව පැමිණිය හොත් හොඳයි. මොකද අද කොල්ලෙක් කෙල්ලෙක් සමග යාළු වූ හැටියේ චිත්‍රපට ශාලාවකට යන්නේ නැහැ. කෙළින්ම හෝටලයට යන්න ගොඩ වෙන්නේ. 


ත්‍රිරෝද රථයට එහිදී කතා කරන දේ ඇසෙන ත්‍රිරෝද රථයේ තරුණ රියැදුරාට තම හැඟීම් පාලනය කර ගැනීමට බැරි වුවහොත් ඔවුන් අර වගේ තරුණියන් සමග හෝටලයකට යෑමට පෙරුම්පුරනවා. එහිදී ඔහු තම ගොදුර ලෙස ත්‍රිරෝද රථයේ ගමන් කරන තරුණියන්ව තෝරා ගැනීමට කටයුතු කරනවා.

ඒත් අත්දැකීම් බහුල වියපත් රියැදුරා තම වෘත්තීය ගැන සිතා වැඩ කරනවා. ත්‍රිරෝද රථය විසිතුරු විලාසිතාවලින් සැරසීමට උත්සාහ ගන්නේ නැහැ. ශබ්ද උපකරණ සවි කරන්නේ නැහැ. ගමන් කරන මගීන්ගේ අගපසග පෙනෙන ලෙස කණ්ණ්ඩි සවිකිරීමට යන්නේ නැහැ.


ඔහු උත්සාහ කරන්නේ තමන් පාරිභෝගිකයන්ට හොඳ සේවයක් ලබාදී මුදලක් ඉපැයීම පමණයි. ඒ නිසාම රැකියාව හරියට කරන වියපත් පුද්ගලයින් වෙත තරුණ, මහලු, කාන්තා පක්ෂය විශ්වාසය තබා තිබෙනවා.

පන්නිපිටිය දෙපානම අරලිය උයනේ දිසානායක බණ්ඩාර මෙසේ කීවේය.

මහත්තයෝ මේක තරුණ අපිට පහසුවෙන් ආදායමක් උපයාගන්න ලැබිච්ච දෙයක්. මම මේ ත්‍රිරෝද රථයේ උදයේ ඉඳගන්නේ සුවඳ දුම් අල්ලා බුදුන් වැඳලා. දෙවියනේ කියලා කීයක් හරි හොයා ගන්නයි. 


මම එහිදී කොට කලිසම් අඳින්නේ නෑ. කැප්, තොප්පි දාගෙන අවිනීත ලෙස හැසිරෙන්නේ නෑ. රේඩියෝ එකක් සවිකර තිබුණත් මෙහි අධික ශබ්ද පිටවන බෆල් සවිකර නෑ. ඇතුළත අසුන්ගෙන යන කතුන්ගේ සිරුර පෙනෙන ලෙසට කණ්ණාඩි සවිකර නෑ. මම මගේ රථයට නගින හැම එක්කෙනාටම නෝනා මහත්තයා අයියා, නංගි කියලා කතා කරනවා. 

මේ ත්‍රීවීලරයේ දමා ගිය මුදල් පසුම්බි පවා මම අයිතිකරුවන්ට ලබා දී තිබෙනවා. වැහි දවස්වලට කුඩ කිහිපයක්ම මෙහි අමතක කර දමා යනවා. අප එම අයිතිකරුවන් පැමිණි විට ඔවුන්ට ඒවා ලබා දෙනවා. මම පාසල් දරුවන් 15 දෙනෙක් පමණ උදේට පාසලට ගෙන යනවා. මම දයාබර මාමා කෙනෙක් ලෙස ඔවුන් පාසල ළඟටම ගෙන යනවා.

වරද මෙතැන නමෛයි මහත්තයෝ හරියට ස්කෝලෙක නොගිය දහම් පාසල් නොගිය විනීතකම නොදන්න පිරිසකුත් මේ රස්සාවට පිවිසිලා තියෙනවා. ඒ කිහිප දෙනාගේ වරදින් මේ රැකියාවට අවතක්සේරුවක් ලැබිලා තියෙනවා.

වියපත් ජනතාව ඉහළ යන සමාජයක වියපත් පුද්ගලයින් තම ආදායම සරු කර ගැනීමට යොදා ගෙන ඇත්තේ ගුණගරුක සේවයක් ජනතාවට ලබා දීමයි. එයින් විනයක් නොමැති තරුණ ජනතාව අතහැර පාරිභෝගික ජනතාව වියපතුන්ගේ සේවය ලබා ගැනීමට පෙලඹී තිබේ. 


මෙය තරුණ පිරිසගේ පරාජයක් ලෙස නොසලකා ඔවන් ඉදිරියට පැමිණ අභියෝගයක් ලෙස සිතුවහොත් ත්‍රීවීල් සමාජය තුළ තරුණයින්ගේ ආදායම යළි ඉහළට ගෙන ඒමට හැකි වනු ඇත. එයට අවශ්‍ය වන්නේ පාරිභෝගිකයාට විනය ගරුක සේවයක් ලබා දී ත්‍රීවීල් සංස්කෘතියක් වෙත යළි යොමු වීම පමණි.
 
Related Posts with Thumbnails