Ads 468x60px

.

ස්වර්ණා අක්කා නිසා පියුමිට දරුණු කට කතාවක්


මට එයාව ඕනෑ 
නිසයි එහෙම කරන්නේ. 

දැන්ම එයාව හඳුන්වලා 
දෙන්න බයයි.

පියුමි කොච්චර සැරද කියලා දැනගන්න ‘රන්ජා’ චිත්‍රපටය නරඹන්නම ඕනෑ. එහි ස්වර්ණා අක්කා ලෙසින් අපූරු රංගනයක යෙදෙන ඇයට ඒ චරිතය නිසාම ක්ෂේත්‍රයෙන් මෙන්ම රසික රසිකාවන්ගෙන් පුදුම විදිහේ ප්‍රතිචාර එනවලු. මේ ජනප්‍රියකම හින්දා පියුමි ට හැදෙන කට කථාවන්ගෙන් අඩුවක් නැහැ. 

මේවාට ඇය මුහුණ දෙන්නේ ස්වර්ණා අක්කා වගේම පිරිමියකු මෙන් හිත ශක්තිමත් කරගෙන බව පියුමි කියනවා. කොහොම නමුත් ළඟදී ඇයගේ පෞද්ගලික ජීවිතයේදී සුවිශේෂී වෙනසකුත් සිදුවනවාලු. ඒ ගැන අහන්නත් එක්ක අපි පියුමිට කතා කළා.

ඉතින් පියුමි අපි මුලින්ම කතා කරන්නේ ඔබේ රංගන කටයුතු ගැන ද පෞද්ගලික ජීවිතය පිළිබඳවද?

මං හිතන්නේ රංගන කටයුතු ගැන පළමුව කතා කළොත් හොඳයි.

හරි එනෙම් මේ කතාව අරඹමු අපි ස්වර්ණා අක්කාගෙන්?

අන්න හරි. එහෙම හොඳයි. ස්වර්ණා අක්කා හින්දා අදහාගත නොහැකි සතුටකින් මං ඉන්නේ.

මොකද අප්පේ ඒ?

මං හිතන්නේ සුන්දර සුකුමාල චරිත කර කර හිටපු මාව තනිකර වෙනස් කරලයි ස්වර්ණාව නිරූපණය කරන්න කිව්වේ. ඊට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෑ රන්ජා අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස් සහ නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු යන මහත්වරුන්. ඔවුන් මට රන්ජා පිටපත දුන්නා. ඉතින් මං හිතුවේ එහි ඉන්න ගැහැනු ළමයි දෙන්නගෙන් එක කෙනෙක් මං කියලා.

ඔබ එහෙම හිතාගෙන පිටපත කියෙව්වා?

නැත්නං. පස්සේ මට කිව්වේ ස්වර්ණාගේ චරිතයට මාව තෝරගෙන කියලා.

ඉතින් ඔබ බැහැ කිව්වද?

පොඩි චකිතියක් ඇති වුණා. කොණ්ඩයේ ඉඳල මාව වෙනස් කළා. පස්සේ චරිතයේ රහ දැනිලා ආසාවෙන් එය නිරූපණය කළා.

රන්ජා නරඹපු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් ඔබට කතා කළා කියලා ආරංචියි?

මං රඟපෑ චරිතයක් බලලා වැඩිම ප්‍රවීණයින් පිරිසක් සුබ පැතුවේ මේ අවස්ථාවේදී. ඇත්තටම කිව්වොත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පැවසුවේ සිංහල සිනමාවේ අලුත් විලන් කෙනෙක් ඇවිල්ලා කියලා.

ඔබ කොපමණ සතුටු වුණත් ස්වර්ණා අක්කා නිසා පියුමිට දරුණු කට කතාවක් හැදිලා තියෙනවා කියලා දන්නවාද?

කට කතා නම් ගොඩක් හැදිලා තිබුණා. ඔයාට ආරංචි වෙච්ච එක කියන්නකෝ බලන්න.

පියුමි සිගරට් බොන්න පටන් අරගෙන කියලා?

චිත්‍රපටයේ එක්තරා දර්ශනගයකදී තියෙනවා ස්වර්ණා අක්කා සිගරට් එකක් බොන. ඒක දැකලා මගේ ඊර්සියාකාරයෝ ඔය කට කතාව හදන්න ඇති.

පියුමි එදා රූගත කිරීමේදී ඇත්තටම සිගරට් බිවවද?

ඔව්.

කවුද ඔබට දුම් පානය පුරුදු කලේ?

ශ්‍රීමාල් වෙඩිසිංහ.

කොහොමද ඒ අත්දැකීම?

පළමුවැනි උගුර බොනකොට දරුණු කැස්සක් ආවා.

මේ දර්ශනය මඟින් ඔබේ ප්‍රතිරූපයට හානියක් සිදු වෙනවා යැයි හිතුණේ නැද්ද?

කොහෙත්ම නැහැ. මේක චිත්‍රපට දර්ශනයක් පමණයි. අනික මම නෙවේ මෙහෙ සිගරට් එකක් බොන්නේ ස්වර්ණා අක්කා.

ඔබට ඒ දර්ශනය නැතුව චිත්‍රපටයේ පෙනී සිටින්න තිබුණනෙ?

ඒ දර්ශය ප්‍රතික්ෂේප කරන්න තිබ්බා ස්වර්ණා කියන්නේ මල් ගවුමක් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් බැඳ ගත්තු ගමේ කෙනෙක් නම්. අන්න එතකොට ඒ දර්ශනය අතාත්ත්විකයි. ස්වර්ණා තනිකරම විලන් කෙනෙක්නේ. එතැනට ඒ දර්ශනය සුදුසුම සුදුසුයි. මං ඒ සීන් එක අයින් කරන්න කිව්වා නම් චිත්‍රපටයට කෙරෙන දැඩි අසාධාරණයක්.

මා දන්නා පරිදි ඔබ දුම්වැටි විරෝධී කෙනෙක්?

ඔව්.

එහෙම කෙනෙක් මෙහෙම චරිතයක් රඟපෑම හරිද?

මං සැරයක් කිව්වනේ මේක චිත්‍රපට දර්ශනයක් විතරයි කියලා. අනික මේ මං සිගරට් බීපු ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ටයිම්.

පියුමිගේ පෞද්ගලික ජීවිතයට මේ දිනවල විශේෂ කෙනෙක් ළං වෙලා ඉන්නවා. එයා කැමති ද ඔබ මේ වගේ දර්ශනවලට පෙනී සිටිනවාට?

එයා මාව හොඳින් තේරුම් ගත් අයෙක්. පියුමි ශානිකා කියන්නේ කවුද කියන එක ඔහුට අමුතුවෙන් තේරුම් කරලා දෙන්න අවශ්‍ය නැහැ.

ඒ කියන්නේ ඔහු ඔබට බෙහෙවින් ළං වෙලා?

අනිවාර්යයෙන්ම. එයා දැන් මගේ හෙවනැල්ල වගේ.

ජීවිතේ අලුත් වෙනසක් වෙන්න වගෙයි හදන්නේ?

ළඟදීම ඒ වෙනස වේවි. තවම දින වකවානු තීරණය කරලා නැහැ.

පියුමි කියන්නේ අනන්තවත් රැවටීම්වලට ලක් වෙච්ච කෙනෙක්. මං හරිද?

හරි.

මොකක්ද ඒකට හේතුව?

මගේ හිත හොඳකම.

ඔය හොඳ හිත පැත්තකින් තියලා ටිකක් කපටි වෙන්නකො?

මට එහෙම පුරුදු නැහැ අනේ.

පහුගිය කාලේ පියුමිගේ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්න ඇති වුණ වෙලාවේ අර විශේෂ කෙනා ළඟටම වෙලා ඉන්න ඇති?

හ්ම් . . . එයයි මල්ලිලා දෙන්නයි, අම්මයි, තාත්තයි ඒවාට හොඳින් මුහුණ දුන්නා.

පියුමිගේ කටකාරකමේ තරම ඔහු දන්නවාද?

මොකෝ නැත්තේ. මේ කට අසාධාරණයට විරුද්ධව විතරයි කියලා ඔහු දන්නවා.

මෙච්චර රහ කර කර ඔබ කතා කරන ඔහුගේ පෞද්ගලික විස්තර කියන්නේ නැත්තේ ඇයි?

මට එයාව ඕනෑ නිසයි එහෙම කරන්නේ. දැන්ම කාටවත් එයාව හඳුන්වලා දෙන්න බයයි මට.
 
Related Posts with Thumbnails