Ads 468x60px

.

කෝටි ගණන් වූ තෑගි කෝ, සුපිරි තරු ගායන තරුවල ත්‍යාග මුදලටත් නාලිකාවක් විදලා.


රියැලිටි කලාවේ ප්‍රමුඛයා බව කියන තුන්හුලස් රූපවාහිණි නාලිකාවක් සුපිරි ගායන තරු තෝරන ලබන වැඩසටහනේ ජයග්‍රාහයකයින් සඳහා ලබා දෙන ත්‍යාග මුදල් කිසිවක් මේ වන විටත් ලබා නොදී වංචාකර ඇතිබව අපවෙත වාර්තා වෙනවා.

අප වෙත අදහස් දක්වමින් එම ජයග්‍රාහක යන් සඳහන් කළේ තරගය සඳහා තමන් අතිවිශාල මුදලක් වැය කළත් මෙතෙක් තමන්ට අදාල රූපවාහිණී නාලිකාව විසින් ගෙවිය යුතු ත්‍යාග මුදල ලබා නොදුන් බවය. අවසන් මහා තරගයේදී ප්‍රේක්ෂකයින්ට පෙනෙන ලෙස ත්‍යාග මුදල් ලබා දුන්නද ඒවා මුදල් කල නොහැකි බව වාර්තා වේ.

මෙම තරගයේ ප්‍රධාන ත්‍යාග මුදල  මුදලින් රුපියල් කෝටියක්වන අතර පිළිවෙලින් අවසන් 12 දෙනා අතරට තේරීපත්වූවන්ට මුදල් හා ත්‍යාග පිරිනැමීමට නියමිතව තිබිණ. එහෙත් මේ වනවිටත් ඔවුන්ට අදාළ ත්‍යාග සහ මුදල් කිසිවක්  ලැබී නොමැත.

ඉතා දුෂ්කර ප්‍රදේශවල සිට නොයෙකුත් දුක් ගැහට විඳගනිමින් තම සුපිරි තරු සිහිනය සැබෑ කරගැනීමට තරුණ තරුණියන් අගනුවරට පැමිණ

ඇත්තේ අතේ තිබෙන සොච්චමත් වියදම් කරගෙනය. එලෙස පැමිණෙන මෙම තරගකරුවන් අවසානයේ  සිදුවන්නේ එස් එම් එස්, ඇඳුම් පැළදුම්, සහ ගමන් වියදම සඳහා මුදල් වැය කරගැනීමටයි.

ඇතැම් තරුණියන් කනකර උකස් කර මෙම මුදල් යොදවන්නේ තමාගේ සුපිරි තරු සිහිනය සැබෑවක් කර ගැනීමට හෝ අවම වශයෙන් අවසන් 12 දෙනා අතරටවත් පැමිණීමටය. ඒ අවසන් 12 අතරට පැමිණියහොත් වියදම් වූ මුදලින් කොටසක් හෝ නැවත ලබා ගැනීමට අපේක්ෂාවෙනි. නමුත් අවසානයේ ඔවුන්ට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීම ය.

සිද්ධිය මෙසේ වුවත් ප්‍රධාන ගැටළුව වන්නේ තරගකරුවන්ට පිරිනැමීමට නියමිතව තිබූ ත්‍යාග මුදලට සිදුවූයේ කුමක් ද යන්නයි. මෙම මුදල ආයතනය විසින් ගසාගත්තා ද? නැතිනම් කෝටියක් වූ මුදල් හා ලක්ෂ ගණන් වූ ත්‍යාග හුදෙක් මවා පෑමක් පමණක්ද?
 
Related Posts with Thumbnails